මාතර පොලීසියේ දූෂණ මර්ධන අංශයේ කොස්තාපල් හා ඔහුගේ බිරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වශයෙන් සලකන චින්තක වසන්ත හෙවත් කැටයම් චින්තක කඹුරුපිටිය උල්ලල දී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරින් මරුමුවට පත්වූ බව පොලිස් ආරංචි කියයි.
ඔහු සිටි ස්ථානය වැටලූ අවස්ථාවේදී පොලීසියට බෝම්බයක් ගැසීමට සැරසී ඇතැයි ද එවිට පොලීසිය ඔහුට පෙර ක්‍රියාත්මක වී ඇතැයි ද දැනගන්නට ඇත.
මෙම සිද්ධියේදී කොස්තාපල්වරුන් දෙදෙනෙකු ද තුවාල ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් දුකක් නැහැ (නි)
මට නම් මේක බොහොම හොද වැඩක් (නි)
අවිගත්තෝ අවියෙන්ම නසිති (නි)
මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා මැරුම් කෑවා. පොලිස් අත් අඩංගුවේ පසුවන අයගේ ජීවිත රැකදීමේ වගකීම පොලීසිය සතුයි. නීතිය ක්‍රියාත්මක කිරීම, නීතියේ අාධිපත්‍යය පවත්වාෙගන යාම අතින් මේවා රටකට සමාජයකට සුබදායක නැහැ. මෙවැනි මරණ ගැන සතුටු වෙන්නේ පිරිහෙන සමාජවල ජීවත්වන අයයි. (නි)
මේක තමයි වියයුත්තේ. ශ්‍රී ලංකා පොලිසියට මගේ ප්‍රණාමය! පාතාලය, චන්ඩි නැතිකරලා දාන්න. නමුත් පොඩි මිනිහටත් මේ වගේ උදව් කරන්න ඕනෑ. ජයවේවා! (නි)
අපේ පොලිසියට සුබ පැතුම්! ඔබලාට තව සවිය ලැබේවා! මිනීමරුවන්ට හොදම දඩුවම. (නි)
ඔන්න ඔහොම වුණා නම් මේ රටේ අපරාධ අඩුවෙනවා. (නි)
වෙන කවුරුත් නැහැ නේද? (නි)
අපූරු ප්‍රශ්න විසඳීමේ ක්‍රම තමා මේවා. (නි)
ඕක තමයි වෙන්න ඕනෑ.එතකොට ඔය අපරාධ අඩු වෙනවා (නි)
අනෙක් අපරාධ මඩින්නත් මේ පොලිස් නිලධාරින්ව යවන්න බැරිද? (නි)
මේ මිනිස්සු මිනිස් ජීවිතවල වටිනාකමක් නොදන්නා අය නිසා මොවුන් ගැන මට දුක නැහැ (නි)
රණවිරුවන්ට ස්තූතියි! (නි)
කැටයම් චින්තක අහිංසකයි. මම පුද්ගලිකව දන්නවා. මගේ යහළුවනේ, එයාට නිවන් සුව පතන්න (නි)
මේ මිනීමරුවා මැරුව එක වැරදි කියන්නේ තවත් අපරාධ කාරයෙක් විතරයි. දරුවෝ ඉදිරියේ දෙමාපියෝ දෙන්න අමු අමුවේ මරපු, අහිංසක කිරිකැටියෙක් පොළොවේ ගහපු මේ වගේ තිරිසන්නු සමාජයේ තියන්න ඕනේ නැහැ. මුන් එලියට ආපු ගමන් කරන්නේ අර ඉතුරු වෙච්ච සාක්කිය වන කුඩා දරුවා මරණ එක. එතකොට මේ මිනීමරුවා මරපු එක වැරදි කියන එවුන් මොකද කියන්නේ? (නදී)
ඉලේපෙරුම, එතකොට මේ අපරදකාරයෝ මොන විදිහේ සමාජවල ජිවත් වුන අයද? නිකන් අපරාදකාරයින්ට සුදු හුණු ගාන්න එපා, බ්‍රිතාන්‍ය අගමැති වගේ (නදී)
ඉලේපෙරුම ඔබගේ අදහස ගොඩක් වටිනවා. මෙහෙම දේවල් කරන්නේ ලොකු අය ගැලවන්න. ඒ සදහා සාක්කි නැති කරන්න.මිනිස්සු මරන්න නෙමෙයි පොලිසිය තියන්නේ. නිතිය ක්‍රියාත්මක කරලා වැරදි කරුවන් නිතිය හමුවට ගෙන එන්න.ෙ කිසිම දෙයක් නොදන්නා මැටි හරක් තමයි ඔය චුන් වෙලා මෝඩ කමෙන්ට් දාලා තියෙන්නේ.(ස)
ඉලේපෙරුම මහත්තයෝ හිතන්න ඔයාගේ පවුලේ කෙනෙකුත් ඔහොම සමුල ඝාතනය කලා කියලා. එදාටත් ඔයා ඔයා විදිහටම කියයි නේද මහත්තයෝ තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියෙන කෙනයි. ඔයත් හරියට තුට්ටු දෙකේ එන්.ජී.ඕ කාරයෙක් වගේනේ. (නදී)
ජයවේවා ශ්‍රී ලංකා පොලිසියට.(නදී)
ඔහු අත්අඩංගුවට අරන් මහ උළුගෙදර යවනවාට වඩා මරා දාපු එක රටට හොඳයි නැත්නම් මුන්ට හිරේදී කන්න දෙන්න වෙන්නෙත් මහජනතාවගේ මුදල් වලින් (නදී)
" මෙවැනි මරණ ගැන සතුටු වෙන්නේ පිරිහෙන සමාජවල ජීවත්වන අයයි" ඒතකොට මේ මිනීමරුවන් මොකක් හෝ සුළු ප්‍රමාද දෝෂයකින් නිදහස් වෙලා යනකොට සතුටු වන්නේ මොන වගේ අයද? (නදී)
මරන්න ඕනේ මේවගේ මිනීමරුවෝ..... මේක මරණ දඬුවම (නදී)
"මිනීමරුවන්ට හොදම දඩුවම." කව්ද කියන්නේ මේකේ වේදනාව ඒගොල්ලන්ට දැනුනේ තප්පර ගණනකට. දඩුවමක් ලැබෙන්න ඕනනේ ජීවිත කාලයටම විඳවන්න. (නදී)
මේ වගේ දඬුවම් දෙනවා නම් මිනිසුන් වැරදි කරන්න බය වෙනවා. අර අනිත් වැරදි කරන කණ්ඩායමටත් මේ වගේ දඬුවම් දෙන්න බැරිද ? (ස)
මේක දැකල සතුටු වෙන්නේ හරි අවබෝධයක් නැති අය. මිනී මැරුම කල හැමදෙනාම මැරුම් කෑවට මරවපු අය යහතින් විරාජමාන වෙනවා ඇති. දැන් ඉතින් සාක්කි ඔක්කොම ඉවරයි! (නදී)
ජයවේවා! ශ්‍රී ලංකා පොලිසියට මගේ ප්‍රණාමය! පාතාලය, චන්ඩි නැති කරලා දාන්න. (ස)
අපේ පොලිසියට සුබ පැතුම්! (ස)
එලිපෙරුම පොලිසියට යවමු නේද අනේ හොද පොලිස්, මමත් එකගයි මේනක, ජනක සමන්ත සමග (නදී)
හොඳයි, දැන් මේ ක්‍රමය නම් රටේ ක්‍රියාත්මක වෙන්නේ එහි සමානාත්මතාවයක් තිබිය යුතුය. සමහර සැකකරුවන්ට දඬුවම් ලැබෙන්නත් සමහරුන්ට නිදහස ලැබෙන්නත් ඉඩ නොතැබිය යුතුය. කහවත්තේ ද්විත්ව ඝාතන සම්බන්ධයෙන් මෙම ක්‍රමය ක්‍රියාත්මක වුනේ නැත. තවද, කොළොන්නාවේ, තංගල්ලේ සිදුවූ සිදුවීම් සම්බන්ධවද මෙය සිදුවුයේ නැත. (නදී)
ගැලරියට වින්දනය ලැබුනට යුක්ති සහගත නඩු විභාගයකින් තොරව සැකකරුවන් මරණයට පත් කිරීම ශීලාචාර සමාජවල පිළිගන්න දෙයක් නෙමෙයි. මේවගෙන් වෙන්නෙ ලංකාව තවත් අපකීර්තියට පත්වෙන එකයි. (ස)
බොහොම හොද වැඩක්. (නදී)
සිදුවිම හරි.(නදී)
මිනිමරුවන් මැරිය යුතු ක්‍රමවේදය මෙයයි.අපේ පොලිසියට මගේ ප්‍රණාමය! බන්ධනාගාර වල පින් බත් කන්න දි ජිවත් කරන්න හොඳ නැ.දඩුවම තමා මරණයට මරණය.එයයි විය යුත්තේ. (ස)
කෝ මේ අපේ හැමදේම දේශපාලනයට විකුණලා ගාන කපාගන්න හදන මහත්තුරු. කලින් කට්ටිය මැරුම් කෑවම කිව්වනේ මෙයාව බේර ගන්න සාක්කි නැති කලා කියලා. දැන් මොකද කියන්නේ.මීටත් උඩින් තව කව්රු හරි රැකගන්න මෙයාව මැරුව කියයි අපේ ප්‍රමුක මහත්තයානම්. සිදුවිය යුතු දේ අවශ්‍ය ආකාරයටම සිද්ද උනා..තිරිසන් කාලකන්නි ඝාතකයින්ට මෙයිට වඩා සුදුසු දඩුවමක් තවකොහෙද තියෙන්නේ.(නදී)
පොලීසිය ඔහුට පෙර ක්‍රියාත්මක වී ඇතැයි ද දැනගන්නට ඇත. මෙය දුෂිත දේශපාලුවන්ට කරන්නේ නැත්තේ මොකද? (නදී)
මේ විදියටම අනිත් ප්‍රසිද්ද මිනීමැරුම් නඩුත් විසඳලා දාන්න. (නදී)
මැරුම් කෑවේ පොලිසියේ 2ක් නිසා මාසයකේ ඇතුලේ මිනිමරුවෝ හොයා ගත්තා. සාමාන්‍ය මිනිහෙක් මැරුණම මේවගේ සැලකිලි අඩුයි. ඒකයි දුක.(නදී)
මෙය පිළිබද මා හට නම් සැකයක් පවතී. (නි)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති (නි)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති (නි)
රටේ අපරාධ අඩු කරන්න නීතිය ක්‍රියාත්මක කරන්න. කැටයම් චින්තකලා දාහක් මැරුණත් වැඩක් තියෙනවද අර අහිංසක ජීවිත දෙක ගියාට පස්සේ. (නි)
එක්කෝ එල්ලුම් ගහ ගෙනෙන්න ඕනෑ. නැත්නම් මේ වගේ දඬුවම් දෙන්න ඕනෑ. මට හිතාගන්න බැහැ ඉලේපෙරුම ඉන්නේ ලංකාවේද කියලා (නි)
මේ හැමදෙනාම මියගියාම මේක කළ ලොකු ලොකු අයට මොකද වෙන්නේ? (නි)
කෙනෙක් මියයාමෙන් සතුටු වීම නරක දෙයක්. ඒත් මේ විශේෂ අවස්ථාවේදී ටිකක් සතුටු වුණාට කමක් නැහැ. (නි)
ඉලේපෙරුම, මම ඔබගේ අදහසට 1000% ක් එකඟ වෙමි. මෙය දඬුවම් දීමක් නොවේ. මෙවැනි දෑ සිදුකිරීමෙන් මෙම අපරාධකරුවන් මීට පෙර කරන ලද අපරාධ සඳහා යුක්තිය ඉටු නොවේ. නීතිය බල ගැන්වීම සඳහා පාලකයන්ට බල කරමු.... (නි)
මරණිය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන වෙලාවේ මෙහෙම දේ වෙන එක ගැන අපි නම් සතුටුයි (නි)
මේ ඉලේපෙරුමට මොනවා වෙලාද මන්දා? (නි)
සාමාන්‍ය පුද්ගලයෙක් මියගියා නම් සැකකාරයෝ පිළිබදව පොලීසිය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේවිද? (නි)
මේ වගේ අැත්තන්ට කරන මෙම සැළකීමට මම නම් කැමතියි (නි)
එස්ටීඑෆ් එකට අපේ උත්තමාචාරය! ජයවේවා! (නි)
මේක කොහොමද හරි වෙන්නේ. මෙය පිටුපස උන්නේ කව්ද කියල දැන් හොයන්න බැහැ.බොහොම ලේසියෙන් ප්‍රශ්නයකින් බේරුනා කියල තව තවත් අපරාධ කිරීමට පෙළඹේවි. යුක්තිය නිසිලෙස ක්‍රියාත්මක වෙනවා නම් මෙහෙම දේවල් ගැන මිනිස්සු සතුටු වෙන්නේ නැහැ. ඉලේපෙරුම කියනදේට මමත් එකඟ වෙමි. (ස)
කල වරදට අනිවාර්යයෙන්ම වන්දි ගෙවිය යුතුයි. නමුත්, පොලිසියට දඬුවම් කිරීමේ ක්‍රම වේදයක් නැහැ. එය සිදු විය යුත්තේ උසාවියක් මගින්. එය ශිෂ්ට සම්පන්න සමාජයක පිළිගත් ක්‍රමවේදයක්. මෙවැනි වැරදි කරන සියලු දෙනාට මේ වගේ දඬුවම් ලැබෙන්නේ නැහැ. උදාහරණයකට තංගල්ලේ දුෂකයව ගන්න. මේ ක්‍රමයේදී පොලිසියට අත්තනෝමතික ලෙස ක්‍රියා කල හැකියි. අපේ පොලිසිය ගැන තියෙන වාර්තා ඒ තරම් හොඳ නැහැ..!! (නදී)
මෙහෙම අය ටික ටික මැරෙන්න අරින්නයි තිබුනෙ. එක පාරින් මරන්නෙ නැතිව. සහගහන අපරාධයක් කරපු එක මිනි මරුවෙක්වත් සිරදඩුවටවත් සුදුසු නැත. මංගලා (නදී)
ඔහෝම තමා වෙන්න ඕනේ... අපරාධ කරන හැම එකාවම ඔය වගේ මරල දන්නා ඕනේ... එතකොට තමා වෙන එකෙක් හරි ඕව කරන්න කලින් දෙපාරක් හිතන්නේ... අර කියන්නා වගේ සාමාන්‍ය මිනිහගේ නඩුත් ඔය වගේම විසදනවනන් සුපිරි... අපරාධ කරන එකෙක්ටවත් ජීවත් වෙන්න දෙන්න හොඳ නෑ... එතකොට තමා උන්ටත් උන්ගේ පවුල වල උන්ටත් අනුන්ගේ ජීවිතයක වටිනාකම තේරෙන්නේ.... නියම වැඩේ.... (ස)
පොලිසියේ කාව හරි මරණ අපරාධකාරයෙක් නීතිය ඉදිරියට ඉදිරිපත් කරන්න කලින් ආයුධ පෙන්නන්න ගිහින් මැරුම්කනවා. ඒ වගේ සිදුවීම් ගොඩක් තියෙනවා. හැබැයි එහෙම හරි මේ වගේ අයව නැතිකරන එක හොදයි. (නදී)
මුන්ව හිරේ යවල වැඩක් නැහැ.ඔය ව්දිහ හොඳයි වගේ. (ස)
මැරුණු එක ගැන ගොඩක් සතුටුයි. පොලිසියේ මහත්වරු ඔය විදිහටවත් අපරාද කරුවන් විනාශ කරන එකට මම නම් මනාපයි. (නදී)
දේසපාලන මැදිහත් වීමක් නැති සෑම තැනකදීම පොලිසිය හරියට ක්‍රියාත්මක වී තිබෙනවා. තංගල්ල සිද්ධියේදී එය කරන්ඩ බැරි දේශපාලන බලපෑම නිසයි. පොලිසියේ මෙවැනි වැඩ අගය කල යුතුයි. (නදී)
සමින්ද, ඉලේපෙරුම: මේක 100% නිවැරදි ක්‍රමය නොවන බව ඇත්ත. හොඳම ක්‍රමය නම් අධිකරණය තුලින් ක්‍රියා කිරීම. නමුත් එසේ කිරීමට ගතවන කාලය, සාක්කි නැහැ කියා නියම අපරාද කරුවන් පවා බේරී ම , ඇප පිට ඇවිත් සාක්කි කරුවන් වැනි වෙනත් අය මරා දැමීම යාම වැනි කරුණු ගැන හිතනවිට මෙවැනි ක්‍රමත් අනුමත කරන්න වෙනවා. වැදගත්ම කරුණ නම දේශපාලක හෝ වෙනත් සම්බන්දතා ඇතුව අපරාද කලත් අවසානයේ මෙහෙම මැරුම් කන්න වෙන්නේ තමන්ට බව ඒත්තු ගියාම අපරාද කාරයින් උනත් අපරාද කරන්න පසුබට වේවි.(නදී)
සීතා, පිටුපස ඉන්න කෙනා හොයා ගන්න බැරි වෙන බව ඇත්ත. නමුත් එය වෙනුවෙන් අපරාද කරන්න ඉදිරිපත් වෙන අපරදකරුවන් නැතිකරලා දාන්න පුළුවන්. (නදී)
තංගල්ලේස්ත්‍රී දුෂකයා නිසා රට අපකීර්තියට පත්වුණා කෝ දඩුවම් (නදී)
විය යුතු දෙය නම් මෙයයි සැම අපරාධ කාරයකුටම (නදී)
මේක හොඳ පාඩමක් ඔය බොරු චණ්ඩින්ට. හැම මිනිමැරුමකම සිද්ධ වෙන්නේ රට තමා මොකද ටිකක් බී ගත්තම ඕන එකෙක් බොරු චන්ඩි වෙනවා. ඊට පස්සෙ මිනිමරනවා.පොලිසියට ජයවේවා. පාතාලයට අනිච්චා වත සංකාරා. මොවුන් අපායෙදීවත් හමු නොවේවා. (ස)
මාතර පොලිසියේ සියලුම නිලධාරින්ට මගේ ප්‍රණාමය .අර තනිවෙච්ච දරුවෝ දෙන්නටත් අනාගතයට වැඩ පිළිවෙලක් යොදන්න. (ස)
පොලිසියට ජයවේවා! රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් කන්න දිදී හිර ගෙදරින් එලියට ගන්නේ තවත් හිර ගෙදර රජ ගෙදර බවට පත් භායානක අපරාධකාරයෙක්. මේවට ඉඩ නොතබන පොලිසියට අපගේ නමස්කාරය! (නි)
ඉලේපෙරුම ,පැහැසර,මට පෙනෙන්නේ මේ දෙන්නම කැටයම් චින්තකගේ නෑදෑයෝ වගේ (නි)
සපා කෑ බල්ලාව සපා කෑම හැදිච්ච සමාජයක පුරුද්දක් නොවී. මෙහෙම කිව්වම මට ලේබල් අලවන්න එපා. දතට දතක් කියන මතවාදයේ ඉඳගෙන මේ ප්‍රශ්නය දිහා බලන්න එපා. මෙය නිවැරදි කියල පොලීසියේ ඉන්න අයට ඒත්තු ගියහම ඔවුන් හැම ප්‍රශ්නෙම මෙහෙම විසදයි. (ස)
මේ වගේ අපරාධ කරන ඔය වගේ මිනිසුන්ට හොද දඩුවම් දෙන්න ඕනෑ අනික් අපරාධ කරන කට්ටියට පෙනෙන්න. (නි)
පැහැසර, ඉලේපෙරුම එතකොට තමුන්ලා කියන්නේ දරුවෝ ඉදිරියේ දෙමාපියෝ දෙන්න අමු අමුවේ මරපු, අහිංසක කිරිකැටියෙක් පොළොවේ ගහපු මේ වගේ තිරිසන්නු සමාජයේ තියාගෙන නලව නලව ඉන්නද ? මුන් නිතිය ඉදිරියට ගෙනාවම ටික දවසකින් කොහොමහරි නීතියෙන් ගැලවිලා යනවා. ඊට පස්සේ ආයිමත් පරණ වැරදීම කරනවා. කිසිම දෙයක් නොදන්නා මැටි හරක් අපි නෙමේ මැරයන්ගේ පැත්තට කතාකරන තමුන්ලා. (ස) /
මේ මිනුස්සු කලේ අහස පොලව නුහුලන අපරාදයක්. එනිසා පෘතග්ජන මිනිස්සු වන අපි ආවේගයෙන් කතා කරනවා. එය ස්වාභාවිකයි. අද දවසකට මේ වගේ මිනීමැරුම් , ස්ත්‍රී දුෂණ වගේ තිරිසන් වැඩ කීයක්නම් සිදුවෙනවද? මේකට හේතුව යුද්දයේ අතුරු පල සහ වරදට නිසි දඬුවම් කාලයක් තිස්සෙම නොදීම යනාදියයි. මිනිස්සු නීතියට බය නැහැ. ඒ වගේම සමාජ සාරධර්ම පිරිහිලා. ආගමෙන් දහමෙන් ඈත්වෙලා . මේ වගේ දඬුවම් තුලින් මෙලෙස පිරිහුණ සමාජය හදන්න බැහැ. මේ තත්වය ගැන ක්ෂණිකව වගේම දීර්ගකාලින වත් පලදායි ක්‍රියා පිලි වෙතක් අදාල බලධාරීන් ගත යුතුයි. නමුත් අවාසනාවට එහෙම තත්වයක් පෙනෙන තෙක් මානයක දකින්න නැහැ .(නදී)
අනේ ඉලේපෙරුම ඔයා වගේ මෝඩයෙක් . මැරුවේ නැත්නම් ඔය අය නිදහස් වෙලා මිනී මරනවා නැවතත්. (නදී)
එතකොට අරන්තලාවේ හාමුදුරුවෝ, අනුරපුරේ උපාසකම්මල ද මරපු අය අපරධකාරයෝ නෙවෙයිද? (ස)
ඉලේපෙරුම මහතාගේ අදහස හරි. අර මියගිය ත්‍රස්තවාදී නායක ප්‍රභා කරන් මහතාටත් දඬුවම් දිය යුතුව තිබුනේ ඉලේපෙරුම මහතාගේ අදහසට අනුවයි. අපේ හමුදාව දුන්න දඬුවම වැරදියි. අමෙරිකාවත් නිතරම කරන්නේ ඉලේපෙරුම මහතාගේ අදහසට පටහැනි දේවල්ම තමයි. ඔච්චර ශිෂ්ට සමාජයක් වෙලත් බලන්නකෝ නේද?(නදී)
අන්න වැඩ, ලොවෙත් නෑ. ඔහොම තමයි දෙන්න ඕන ජම්බු. අනිත් උන් ටිකටත් ඔය වගේම කැටයමක් දාන්න. (ස)
බොහොම හොඳ වෙඩක් කරලා තියෙන්නේ.අර දකුණේ අයටත් මෙහෙම දෙයක් තමයි කරන්න තිබුනේ. (ස)
ඉල්ලෙපෙරුම, ගජබා, මිලින්ද යන අයගේ අදහස්වලට මමද එකඟ වෙමි. අප රටේ පවතින නිතිය වරදට දඬුවම් දීමට හොඳටම ප්‍රමාණවත්. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්නන් හා කරන විදිහෙයි වරද තියෙන්නේ. දේශපාලකයන් විසින් සම්පුර්ණයෙන්ම ඒක කාලයි තියෙන්නේ. මේ අපරාදයේද අවසාන සිද්ධියට පෙර දේවල්ද ගැන අප කල්පනාකළ යුතුයි. ඔහු කුඩු අලෙවිකරන්නෙක්. (නදී)
ඉලේපෙරුම මහත්මාණෙනි, ඔබ මට ලිවීමට කිසිවක් ඉතුරු කර නැත. ඔබ වැන්නෙක් මෙම තිරයේදී දැකීමත් සතුටට කරුණක්,, (ස)
මුන්ව මරපු එක නං බොහොම හොඳ වැඩක්. මේවා උන් ලවා කරපු උන්ව හොයා ගන්න බැරි උනත්. මොකෝ මුන් හිටිය කියලා හොයා ගන්නැය.ඉලෙපෙරුමලා නං කැමති නෑ තමයි මෙහෙම අය නැති කරලා දානවට. දී කිරට බළල්ලුත් සාක්කි. (ස)
වැඩිය කැටයම් දාන අයට හොඳ පාඩම්. ඒ උනාට මේ ඇත්තම කැටයම දැයි හය බලන්න වටිනවා. නැතිනම් අර තමාම අතුරුදහන් උනයි කියපු පොලිස් කාරයාගේ මරණය වගේ වෙයි. මොකද කැටයම් ටත් සල්ලි නැතැයි (නදී)
බෝහෝම හෝදයි ! පොලිසිය ට මගේ ප්‍රණාමය !(නදී)
පොලීසියේ එක්කෙනෙක් නිසා ජීවිත කීයක් විනාශ වුනාද? මේ මැරුණ අයටත් අඹුදරුවෝ ඉන්නවා.(නදී).
පොලිසියේ කෙනෙකුට උන නිසා මේ විදියට මිනීමරුවො මැරුවේ. ඒත් සාමාන්‍ය කෙනෙකුට මේ වගේ දෙයක් උනානම් පොලිසිය මේ වගේ උනන්දුවක් නැහැ. හොඳම උදාහරනය තමයි අනුරාධ පුරයේ පංච පුද්ගල මිනීමැරුමේ සැකකරු හංගල තිබුන අවි ආයුධ පෙන්නන්න ගිහින් පොලිසියට වෙඩි තියපු නැටුම පෙන්නුවෙ නෑ. ඒ මොකද ඒකෙන් මැරුනෙ පොලිසියට සම්බන්ද අය නොවන නිසා. ඒක තමයි තිත්ත උනත් ඇත්ත. (නදී)
අපරාධකාරයන්ට සුදු හුණු ගාලා අදහස් දාපු සියල්ලෝ ම යම් යම් හොර මැර, ක්‍රියා වලට සම්බන්ධ බව පේනවා . (ස)
කැටයම් කියන්නේ හොඳින් ජීවත් වුන කෙනෙක් නෙමේ. අපරාධ කාරයෙක් කිව්වට ජරාම අපරාධ කරපු එකෙක්. ගමේ හැමෝම ඔහු ගැන දැනගෙන හිටියත් කවුරුත් කට අරින්න බයේ හිටියේ. (ස)
ජය වේවා එස්ටීඑෆ් ට, තවත් අපරාධ කරුවන් චන්ඩින් නැති කරලා දාන්නට ශක්තිය ලැබේවා . (ස)
ඉලේපෙරුම, ඔබ හරියටම හරි.100% ක් නිවැරදියි.ඕකෙන් ඔය මත්ද්‍රව්‍ය ගේන නියම "මහා මොළකාරයා" අල්ලන්න ලැබෙන්නේ නැහැ කවදාවත්.සාක්ෂි මරල ඉවරයි.ඕවා "කම්හලේ ජීවත් වෙන බල්ලොන්ට හෙන ගැහැව්වත් ගානක් නැහැ වගේ අපේ රටේ මොළ හූදපු මිනිසුන්ට කියල වැඩක් නැහැ". (ස)
අනූ, ලංකාවට කුඩු කිලෝ 140 ක් ගැනත් ඒවා අල්ලපු සියලුම මාධ්‍යයෙන් පෙන්වපු නිලධාරියෙක් මරල දැම්මා.කවුද එතකොට කුඩු ලංකාවට ගෙනාවේ?කවුද මෙතලින් කන්ටේනේර් දෙකක් ලංකාවට ගෙනාවේ?කවුද එතකොට ෆොර්මලින් කන්ටේනේර් දෙකක් ගෙනාවේ?මෑතකදී අල්ල ගත්තු කුඩු කිලෝ 120 ක් ගෙනාවේ? දෙන්නකෝ උත්තර..... (ස)
"කැටයම් චින්තක" මැරුම් කයි.මහා මොළ කාරයට පුළුවන් "කැටයම්දාපු තව නළුවෙක්" ඉදිරියේදී පුරුදු පුහුණු කරන්න.මහා මොළ කාරයා අල්ලන්න නම් අර අහවල් නිලධාරියා වගේ වටිනා කියන මිනිසු ඉන්න ඕනේ.(ස)
කැමති කෙනෙකුට කැමති දෙයක් ලියන්න මේ තීරයේ ඉඩක් ලැබුනාට එයින් නිසි ප්‍රයෝජන ගන්නේ අතලොස්සයි. මීට හේතුව මේ ආකාරයට හිතන්න මිනිසුන්ට පුරුදු කර ඇති බංකොලොත් සමාජ මතයයි. පාලකයන්ගේ සිට නීතිය රකින දෙපාර්තුමේන්තු දක්වා සෑම කෙනෙක්ම බැඳී සිටින්නේ මිනිසුන්ව අපරාධ වලින් වළක්වා ගැනීමට මිස හොඳම අලුගෝසුවාවීමේ තරඟයෙන් ප්‍රථම ස්ථානයට එන්න නොවේ. මුන්ව එල්ලන්න ඕනේ, බල්ලෝ වගේ වෙඩි තියල දාන්න ඕනේ කියල කියන මිනිස්සු ඉන්න රටකට නීතියක්, පොලිසියක් තියා ආණ්ඩුවක් වත් ඕනේ නැහැ. අඩු වශයෙන් කැලෑ නීතිය සතුන් අතර සමානව ක්‍රියාත්මක උනත් "මිනිසුන්" අතර එය ඒ තරමින් වත් ක්‍රියාත්මක නොවීම අවාසනාවක්. මේ සියලුම සිද්ධිවල සමස්ත සාරාංශය අපරාධයට දෙන දඬුවමට අනුවම රටේ අපරාධවල ස්වභාවයත් තීරණය වී ඇති බවයි. (ස)
අප්සෙට් වගේ නම් මිනීමරුවා මලාට, ඔය වගේ ආයෙත් මිනීමැරුමක් වුනාම ඒ "හුරතල් මිනීමරුවාව" අරන් ගිහින් වීදුරු කබඩ් එකක දාලා හුරතලේට ඇති කරමු.මානව හිමිකමුත් බේරිලා රටේ නමත් බේරිලා,චැහ්..ද කියන්නෙ මැරිච්ච වුන් මලානෙ..! (ස)
ඉලේපෙරුම ..අඩුම ගානේ මරවපු එකා කොහොම උනත් කුලී මිනීමරුවොවත් නැති වේවිනෙ. අද රුපියල් සීයටත් මිනී මරන්න කට්ටිය ඉන්නවනේ. (ස)
අනේ මෙයාව මරල තියන විදිහ හොද වැඩියි. කිඹුල්ලු ඉන්න ඇලකට ගගකට දාන්න තිබ්බේ ටිකක් විඳ වලා මැරෙන්න. මේව රටේ ඉන්න අනිත් අපරාදකාරයන්ට පාඩම්. අන්තිමට මේ පව් කාරයෝ මොනාද ලබා ගත්තේ.(නදී)
මේ ටිකිරි බන්ඩෝ. කාමර දෙකක් හදාගෙන ඉන්න කැටයම් චින්තකල මහා මොළ කාරයව දන්නවා කියලද ඔය කියන්නේ .සමහර විට ඒ මිනිහ ලංකාවෙත් නැතිව ඇති. ඔය චින්තකල කුඩු පැකට් එකක් දෙකක් වික්කට මහා මොළ කාරයන්ගේ අබ ඇටයක් තරම් වත් දන්නේ නැහැ. අනේ අම්මප ඔයා ලංකාවේ නෙමෙද ඉන්නේ.. (ස)
පැහැසර, ඉලේපෙරුම එතකොට තමුන්ලා කියන්නේ දරුවෝ ඉදිරියේ දෙමාපියෝ දෙන්න අමු අමුවේ මරපු, අහිංසක කිරි කැටියෙක් පොළොවේ ගහපු මේ වගේ තිරිසන්නු සමාජයේ තියාගෙන නලව නලව ඉන්නද ? අනු, එතකොට කුරම්ට වෙඩි තියල කෙල්ලව දුෂණය කරපු අපරධ කාරයෝ නලවන්නේ අපිද ? (ස)
කාලෙක පටන් බිහිවුන පාලකයෝ ජ්‍යාමිතිය වැනි විෂයන් ඉවත් කරලා බලාපොරොත්තු වුනේ බොහෝ විඥානාත්මකම චින්තනය නැති සමාජයක් බිහි කිරීම. එය දැන් සිදුවී ඇති බව බොහොම පැහැදිලියි. එක එක සේනාවල් පස්සේ දුවන පක්ෂ පස්සේ දුවන් දිවිල්ලෙන් දුවන්න කලින් පොඩ්ඩක් නැවතිලා හිතල බලල හරිනම් විතරක් දුවන්න. අනුන් දුවන්නන් වාලේ දුවන්න එපා. සත්‍යා ඉලේපෙරුම වැනි අය තාමත් ඉතිරි වී සිටීම ගැන සතුටුයි.(නදී)
කව්ද දන්නේ මිනිහ හරියටම කැටයම්ද නැත්නම් බොරු කැටයම්ද කියලා. මොහුගේ ජාතික හැඳුනුම් පතයි පින්තූරෙයි දාන්නා ඕනේ. ග්‍රාම සේවක කෙනෙක් සහතික කරන්න ඕනේ මේ නියම කැටයම් කියලා. ලංකාවට එක අවුරුද්දකට මේ නීතිය යොදන්න පොලිස්පතිතුමනි. එතකොට මේ අපරාද 10% 20% විතර අඩුවෙයි. එල්ලුම් ගස දැම්මොත් 60% විතර අඩු කරන්න පුළුවන්. ෂරියා නීතිය දැම්මොත් 80% අඩු කරන්න පුළුවන්. (නදී)
ටිකිරි බණ්ඩා හැමදාමත් කන්ටේනර් ගෙන්නනවා..ගෙන්නලා අපෙන් අහනවා කව්ද ගෙනාවේ කියල..ඕව අපෙන් අහල වැඩක් නැහැ..ඒවාට අදාල අංශ තියෙනවා ..ඒවා මගින් මේ සිදුවීම් වල වර්තමාන තත්වය දැන ගන්න ඔය තරමටම ඒවා ගැන අමාරුවක් තියෙනවනම්...කිසිදු සිදුවීමක් වැහිලත් නැහැ වහලත් නැහැ ..ඔබ තුමාට වඩා මාධ්‍ය ඒවා ගැන අවදියෙන් ඉන්නේ...විකුනන්න පුලුවන්නම් ඕන අසුචි ගොඩක් ටිකිරි බණ්ඩා විකුනයි කැත නැතුව..ඕව ගන්නේ ඉතින් මේ කොමෙන්ට්ස් දාන අය අතරේ ඉන්න ප්‍රබාකරන් ඇවිත් හරි මේ ආණ්ඩුව පෙරලලා දීපන් කියලා උදේ හවස මතුරන අසත්‍යල ඩුබායි තිලක්ලා වගේ කීප දෙනෙක් විතරයි..ටිකිරි බණ්ඩා ඔය හොයන මහා මොලේ නම් හොයා ගන්න වෙන්නේ දෙකට නැමිලා කන්නාඩියක් අරගෙන තමයි. (නදී)
කොහොම වුනත් කමක් නැහැ මේ පාපතරයින් මෙලොවින් තුරන් වුන එක හොදයි.(නදී)
මෙවැනි පාහරයන්ට මෙවැනි දේ තමා විය යුත්තේ පොලිස් නිලදාරින්ට අපේ ප්‍රණාමය (නදී)
නියම උපක්ක්‍රමය (දිල්)
අනුරපුර පංච පුද්ගල ගාතනයට මෙහෙම නොකළේ ඇයි? මොකක්ද මේ කියන්නේ පොලිසියට විතරයි යුක්තිය ඕනා සාමාන්‍ය එකාට හෙන ගෙහුවත් කමක් නැහැ කියන එකද? (නදී)
ජය වේවා එස්.ටී.එෆ් ට, නියමයි මේ වගේ අයව ඉවර කරලා දාන්න අර අහිංසක මිනිසුන්ව අමු අමුවේ මැරුවට වද දීල මරන්න ඕනේ ජය වේවා එස්ටීඑෆ් ට (නදී)
චාමික මහත්තයාගේ අරමුණ මොකක්ද කියල ගොඩක් පැහැදිලියි..ඔය වගේ කට්ටිය අපි මේ කොමෙන්ට්ස් දාන අය අතර ඕන තරම් දකිනවා.. .කොහොම උනත් බලාගෙන සත්‍ය පස්සේ දුවන්නේ..වැලිවෙරියෙන් මුදට දාල උතුරෙන් ගොඩගස්සවයි.(නදී) .
කවුරු කොහොම කිව්වත් කැටයම් මරපු එක හොදයි. මොකද එදා අයියයි අක්කයි මරල තිබුන තැන මම ඇස් දෙකෙන් දැක්ක. ඒ වගෙම අද මැරුවෙ කැටයන්ම තමයි. ඒක මට 100%ක් ෂුවර්,මොකද මමත් ඒ ගමේ කෙනෙක්.(නදී)
මගේ අදහසට ලැබුණු ප්‍රතිචාරවලින්ම මතය තහවුරු වෙනවා. මේ ආකාරයට ට දඬුවම් දීමට කියන්නේ කැන්ගරූ උසාවි ක්‍රමය කියලා. රටක නීතිය ක්‍රියාත්මක කිරීම දුර්වල වන විට ප්‍රමාද වන විට ජනතාව තුළ ඇතිවන අසහනය හා නොඉවසිල්ල අපූරුවට මෙයින් පෙනෙනවා. මෙවැනි ක්ෂණික නඩු විසඳපු ක්‍රමවලට උදාහරණ ලොව ඇති තරම් තියනවා. ඉන් ඇතිවුණු යහපතක් නෑ. මෙවැනි ක්‍රමවලට ඉඩ දුන්නොත් වැරැද්දකට පටලවලා පුද්ගලික එදිරිවාදිකම් පිරිමහ ගන්නත් මිනිසුන්ව මරලාදායි. එදාට කවුද කතා කරන්න ඉන්නේ.(නදී)
නියමයි! ටික ටික මරලා දාන්නයි තිබුනේ.(නදී)
ජයවේවා! (නදී)
ඔය තිරිසනා අනිවාර්‍යෙයන්ම මැරෙන්න හෝ මරන්න ඕනේ. නීතියෙන් හෝ අවනිතියෙන්. එහි විවාදයක් නැහැ. නමුත් මේ ක්‍රියාවට සම්බන්ද මුල හිරගෙය තුල බව මම ප්‍රවෘතියකින් දුටුවා. එම නිසා මේ දඩුවම සාර්ථක නැහැ. (නදී)
නීතිය ගැන වග කියන පොලීසියට නීතිය ගැන විශ්වාසය නැති කමයි මේ සිද්දියෙන් පෙන්නුම් කළේ. එසේ තියෙද්දී මේ සිද්දියට හුරේ දාන නෝනා මහත්වරු බුක්ති විඳින නීතිය ගැන දුක හිතෙනවා. භාරත, කුරාම්,ලසන්ත, පොලීසියේ වැඩ කරා නම් මේ උද්දාමයට පත්වෙලා ඉන්න අයට සතුට දරාගන්න බැරිවෙයි නේද? (නදී)
අපරාද කාරයෝ මේ විදිහට නිතිය කියාත්මක කරන්ඩ ඉන්න නිලදාරී හා නිලදාරීන්ගේ පවුලේ සාමාජිකයන් මරල දානවනම් කවුද ඉලෙපෙරුමලේ නිතිය කියාත්මක කරන්නේ මේක කාටත් හොද පාඩම් මේ අපරාද කාරයෝ ගල්ගහල මරල දාන්ඩ ඕන (නදී)
අනේ ඉතින් මරල තියෙන්නේ අපේ සිංහල කොල්ලෙක් නේද මොකෙක් උනත් (නදී)
ඉලේපෙරුම කියන විදිහට හරියටම නිතිය කියාත්මක කරන්ඩ පුළුවන්. එත් ටිකක් කල් යනවා එතකොට මිනිසුන්ට අමතක වෙනවා මේවගේ අපරාද වලට දඩුවම් ඒ වෙලාවේම දෙන්ඩ ඕනා.(නදී)
මේ වගේ අය ගැන මට නම් දුකක් නැහැ (නි)
බලාගෙන ගියහම රටේ , ලෝකේ, ඔක්කොම දන්නවා වැඩේ හැම පැත්තම (නි)
හොද වැඩේ. කරන්න කලින් හිතන්න තිබුණා (නි)
ඉලේපෙරුමත් මිනී මරුවෙක්ද? මිනීමරුවන්ට දෙන්න ඕන ඔය දඬුවම තමයි. නඩු අහ අහ ඉඳල වැඩක් නෑ(නදී)
බන්දුල, වැලිවෙරියෙන් මුදට දාලා උතුරෙන් මිනිස්සු ගොඩ ගැස්සෙව්ව සුනඛයෝ වීසි කරන මස් කට්ටක් ලෙව කන්න ඔයා දගලන බව අපි ගොඩක් කල් ඉදල දන්නවා. හැබැයි සාධාරණය ජයගන්නවා, එහෙම නැතිව මර බලයෙන් හැමදාම ඉන්න පුළුවන් නම් අදත් ආමර් වීදියේදී මරුන මහත්මය බලයේ ඉන්න ඕනේ. ඔය මොන මහත්මයටත් ඒක වෙනවා. ඉටු කර කලයුතු යුතුකම්, ලැබුනත් ලෝකෙන් ගැරහුම්, ඉවසන්නට පුළුවන් නම්, නුබයි මගේ පුතා උතුම් කියල මගේ තාත්ත ඉගැන්නුවේ. ඔයාට එවැනි නිවැරදි මග පෙන්වීමක් නොලැබුන එක ඔයාගේ අවාසනාව. අනික අපි කව්රුත් දවසක මැරෙනවා අදද හෙට කියන එක එතරම් වැදගත් නැහැ. (නදී)
මෙම දඬුවම් ක්‍රමය සරලයි, ඉක්මන්, හරිම සාධාරණයි, වියදම අඩුයි .. මේ ක්‍රමය දැකල කකුල් මැඩ්ලින් ගහන්නේ අපරාධ කරන සහ කරන්න බලාපොරොත්තු වෙන අය සහ අපරාධ වලින් හම්බකරන අය. (ස)
වැරැද්දට දඩුවම් ලැබෙන්නම ඕන. (ස)
ඔක්කොම හොඳයි. හැබැයි මෙහෙම මරන්න ගියොත් ඒකත් කට්ටිය තමන්ගේ වාසියට හරවා ගනීවි. මොකද ඉතින්... (ස)
වරදට දඩුවම හොදයි.(නදී)
මුන්ව මරන්නමයි ඕන (අ)
චාමික, ඉලේපෙරුම වගේ අය මෙතන ඉන්න එක අප සැමට ම ලොකු හයියක්. උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද යන්නේ නැහැ වගේ බන්දුල පෙරේරා ටත් කියන්න වෙන්නේ "අහෝ දෙව්දත් නොදුටු මොක් පුර" කියල.(ස)