IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කැටයම් චින්තකගේ ගෙටත් ගිනි

කඹුරුපිටිය වලස්මුල්ල නයිගල කන්දේදී පොලිස් විශේෂ කාර්ය බලාකායේ වෙඩි පහරින් මිය ගිය කැටයම් චින්තකගේ මාස්මුල්ලේ පිහිටි නිවසට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි කඹුරුපිටිය පොලිසිය කියයි.

ගින්නෙන් නිවසේ වහළට ද, කාමර දෙකකට ද, බඩු භාණ්ඩවලට ද දැඩි අලාභ හානි සිදුවී තිබේ.

 කැටයම් චින්තකගේ පශ්චාත් මරණ පරීක්ෂණයට ඔහුගේ මව මාතර රෝහලට පැමිණි අවස්ථාවේ නිවසට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 



අදහස් (0)

කැටයම් චින්තකගේ ගෙටත් ගිනි

මහී Wednesday, 04 December 2013 01:53 AM

මේ දේවල් මෙහෙම වෙනවට මම නම් කැමතියි (නි)

:       0       0

සංජීව Wednesday, 04 December 2013 01:55 AM

මම අද නම් බන්දුලගේ කතාවට එකග වෙනවා (නි)

:       0       0

සමිත Wednesday, 04 December 2013 02:27 AM

සමහරුන්ගේ අදහස් දුටුවහම පුදුමයි (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 04 December 2013 01:00 PM

සංජයි, මම ද සිල්වා බෙරලින් කියල ලියන්නේ ලංකාවේ සහ ලෝකයේ සිල්වලා විශාල ප්‍රමාණයක් ඉන්න නිසා, මෙහි අදහස් ලියන අනිත් පුද්ගලයන්ට මාව හදුනා ගැනීමේ පහසුව සඳහාය. (ස)

:       0       0

සත්‍යා Thursday, 05 December 2013 05:45 AM

මට පෙන විදියට "වාසනාව" හෝ "අවාසනාව" මතත් කෙනෙකුට මෙහි අදහස් පළකර ගැනීමට ඉඩ ලැබෙනවා. මාගේ දෛනික ග්‍රහ චක්‍රය අනුව මේ සිද්ධිය පිළිබඳ මාගේ අදහස් පළ කර ගැනීමට වාසනාවක් මට තිබුනේ නැහැ. හෙටවත් ඒ "වාසනාව" මා හට උදා වේවා කියන ප්‍රාර්ථනයෙන් අනික් අය ලියා ඇති දේවලින් අප්‍රමාණ වින්දනයක් ලබමි. සැමට ස්තුතියි. (නි)

:       0       0

ගුණරත්න Wednesday, 04 December 2013 03:29 AM

බන්දුලගේ අදහස හරියටම හරි.මම නම් කියන්නේ උසාවියට දාන්න ඕනෑ දික්කසාද නඩු,ඉඩම් නඩු,වාහන නඩු වගේ දේවල් විතරයි.මිනීමැරුම්,ස්ත්‍රී දුෂණ,බාල අපරාධ පොලිසියෙන්ම අවසන් කරන්න ඕනෑ.එතකොටවත් හැදෙන එකා හැදෙයිනේ. (නි)

:       0       0

දම් Wednesday, 04 December 2013 04:21 AM

ආන්න බන්දුලට ඉතිහාසය මතක් වෙලා.අපි දැන් පසු කරන්නේ යුරෝපය අවුරුදු 200 කට කලින් තිබුන තත්වයෙනුයි (නි)

:       0       0

සංජය Wednesday, 04 December 2013 01:17 PM

ඉතින් බර්ලිනයේ සිල්වලා ගොඩක් නැද්ද?.(නදී

:       0       0

සත්‍යයා Thursday, 05 December 2013 06:15 AM

කොන්ද පමණක් නොව "හිසද" කෙළින් තබා ගමන් කළ මිනිසා ක්‍රමානුකුලව පරිනාමයේ ආපස්සට ගමන් කරමින් සිටීම කොතරම් ශෝචනීයද? කවදත් ලෝකයට ආදර්ශයක් දුන් ශ්‍රී ලාංකික සමාජයද මේ අවරෝහණ ක්‍රියාවලියෙදීත් ප්‍රමුඛත්වයට පත්වී තිබෙන බව දිනපතා සිදුවන අපරාධවල ස්වභාවය තුලින් මොනවට පැහැදිලි වේ. (නි)

:       0       0

එදිරිසිංහ ඉන්දික Wednesday, 04 December 2013 04:46 AM

ද සිල්වා කාලෙකින් ලංකාවට ගිහිල්ලා නැහැ වගෙයි (නි)

:       0       0

රොකී Wednesday, 04 December 2013 04:54 AM

බන්දුල හරි තමයි. ඉදිරියටම යවූ හෙළයිනි ගල් යුගයට යවූ! (නි)

:       0       0

ලසා Wednesday, 04 December 2013 04:56 AM

මැරුවත් නොනැවතී ....? නිවසත් ගිනි තියලා මොනවද ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ? ඒ අම්මා මොනවා කරන්නද පුතාගේ වැඩ වලට, (නි)

:       0       0

අජිත් Monday, 09 December 2013 05:39 PM

මම නම් කියන්නේ දුප්පත් මහජනතාවගේ පිහිටෙන් කෝටි ගණන් කොමිස් ගහන අය ගැනත් තීරණයක් ගන්න ඕනෑ. අපරාධ අඩුවෙන තරමට සමාජය යහපත් වෙනවා.උඩ අදහස් කරලා තියෙන අය ඔක්කොම බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් කියනවා.බොරුවට හැමදේටම ප්‍රජාතන්ත්‍රවාදය කිය කියා ඉන්න එපා.රටට ආදරේ කරන්න (නි)

:       0       0

බමුණු Thursday, 05 December 2013 06:47 AM

සීයට සීයක් සර්ව සාධාරන සමාජ ලෝකේ කොහෙවත් නැහැ. නමුත් සර්ව සාධාරණයට ළං වන රටවල් ලෝකේ තිබෙනවා. නමුත් එහෙම රටකට කිට්ටුවෙන් යන්නවත් සිරි ලංකාවට කල්ප ගණනකින් බැහැ. (නි)

:       0       0

ජායි Wednesday, 04 December 2013 05:31 AM

ඕක මර්වින් සිල්වට කිව්වා නම් හරි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 04 December 2013 06:20 PM

සිල්වා මහත්තයාගේ කතාව ඇත්ත. (නි)

:       0       0

සජිත් Wednesday, 04 December 2013 01:31 PM

අපි ඔබව හඳුනාගෙන මොන කෙන් ගෙඩියක් කරන්නද ? අපිට ඕනේ අදහස් හොඳ වෙන්න ඕනේ. දාන කෙනාගෙන් වැඩක් නැහැ .(නදී)

:       0       0

දොන් Wednesday, 04 December 2013 05:44 AM

මේ ච්නතකට උදව් කළ කල දේශපාලකයට දෙන දඩුවම මොකක්ද? (නදී)

:       0       0

පත්තිනි චාර්ලස් Wednesday, 04 December 2013 05:45 AM

බන්දුල මහතාගේ අදහස මමත් අනුමත කරනවා (නදී)

:       0       0

සංජීව ඇමෙරිකාව Wednesday, 04 December 2013 06:10 AM

බන්දුලගේ කතාව නිවැරදි කියා මාත් සිතනවා. නීතියේ තිබෙන අඩු පාඩු නිසා සහ දේශපාලකයන්ගේ ක්‍රියා නිසා අපේ රටේ නීතියට ගරු කිරීමක් නැත. අපරාධ කරන අයට මෙවැනි පාඩම් ඉතා අගෙයි. නමුත් මෙයද සිදුවිය යුත්තේ? මම සිතන විදියට එල්ලුම් ගහ අවශ්‍යම කාලය මෙයයි.(නදී)

:       0       0

නිහාල් Wednesday, 04 December 2013 06:35 PM

අපේ රටට කුඩු ගෙන්වන්නේ අපේම දේශපාලකයෝ නොවේද? මේ අයට ඡන්දෙ දීපු අය අපි. ඇයි මේ අය මෙහෙම කරන්නේ.(නදී)

:       0       0

අක්ෂි Wednesday, 04 December 2013 06:23 AM

දසරාජ ධර්මය කෙසේ වෙතත් රටේ නීතිය පැවැත්තුවොත් හැමෝම ආරක්ෂා වෙන විදියට හොදයි. දේශපාලුවන්ට බලේ එල්ලිච්ච නිකමුන්ට යකා නටන්න නොදී, ඒගොල්ලෝ කාගේ හරි ලොක්කෙකුගේ යාලුවෝ හරි නෑයෝ හරි කියලා අනිත් අයව බය කිරීමට ඉඩ නොදීම , රටේ කැලාවන් දේපල (අනුන්ගේ භාර්යාවන් පවා) කොල්ලකෑමට ඉඩ නොදීම , පාරේ බැහැලා බය නැතිව රටේ ඕනේ තැනකට යන්න ජීවත් වෙන්න පුළුවන් නිදහසක් ඇතිකිරීම, කලොත් ඇති.. මිනිස්සු ආයේ ඡන්දෙත් දෙයි ? නැත්නම් අර කතා ලියන්න දක්ෂයෙක් දැන් හොයාගන ඉන්න විරුද්ධ පක්ෂෙට මිනිස්සු ඇදිල යයි දැන දැනම විනාසයක් කියලා. එත් වෙන කරන්න දෙයක් නැති නිසා. ඔය එක අපරාධයක් මේ විදියට විසදුවට කොච්චර තව සිද්ධ වෙනවද? ජපන් ජාතිකයෝ අවංකයි, තමන්ගේ මිනිස්සුන්ටම ඉරිසියා කරන්නේ නැහැ . තමන්ගේ ජාතියට ආදරෙයි. අපේ රටේ වගේ මෙහෙම මිනිස්සු පිරිහෙන වෙලාවලදී බුදුහාමුදුරුවෝ කැලෑ වලට වැඩියා. බුදු දහමට නිගාවක් නිසා, දෙවියෝ ලෝකේ අත ඇරලා ගියා. තව ගොඩ එන්න විසදුම් තියෙනවා නම් යෝජනා කරන්න. (නදී)

:       0       0

උකුස් Wednesday, 04 December 2013 06:28 AM

පොලිසියට නඩු තීන්දු දෙන්න බය එයාලා සල්ලි වලට බලේට ලේසියෙන් යටවෙන නිසි. එහෙම උදාහරණ එමටයි. තරහට ඉරිසියාවට බොරු ඔත්තු දීලා මිනි මරවන එක කොච්චර සිද්ධ වෙනවද? මේ සේරමලව මරන්නේ නම් කාව හරි ලොක්කෙක්ගේ හොර එළිවෙයි කියලයි? (නදී)

:       0       0

බන්දුල Monday, 09 December 2013 06:13 PM

මැරුණ මිනිහගේ මවට හිරිහැර කරන මුව හමට තලන වීරයෝ නම් ඉන්නවා. (නි)

:       0       0

බමුණු Wednesday, 04 December 2013 06:49 AM

බන්දුලගේ කතාව හරි වගේ බැලුබැල්මට පෙනෙනවා. හැබැයි එම කතාව අනුමත කරන කෙනෙක්ව මොන යම් හේතුවක් නිසා දේශපාලුවෙක් සමග කොක්කක් දාගෙන පොලිසියට යන්න සිදු උනා නම් පොලිසිය දේශපාලුවගේ පැත්ත ගන්න අවස්ථාවේදී තේරුම් ගනී රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියලා. වැඩි දෙයක් උවමනා නැත දේශපාලුවෙකුගේ හෝ පොලිසියේ කෙනෙකුගේ වාහනයක හැපුනොත් නීතිය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා බලාගන්න පුළුවනි. ඒ මොනවා උනත් පාතාලයන් මරා දමන ආකාරය මම ඉහලින් අනුමත කරනවා. (නදී

:       0       0

බමුණු Wednesday, 04 December 2013 06:51 AM

"නිවසත් ගිනි තියලා මොනවද ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ? ඒ අම්මා මොනවා කරන්නද පුතාගේ වැඩ වලට," ඔය හැගීම මටත් අවා. එවැනි දේ වැරදිය.(නදී)

:       0       0

රකිත් Wednesday, 04 December 2013 06:53 AM

මෙම ක්‍රියාව දැඩි ලෙස හෙලා දකිමි. දාමරික පුතා කල අපරාධවලට අහිංසක අම්මා දඬුවම් විඳිය යුතු නැත. සිහි බුද්ධියෙන් යුතු කිසිම මවක් සිය පුතා දාමරිකයකු කරන්නේ නැත. එසේ වෙනවාට කැමතිද නැත. එක අපරාධකාරයෙක් කල වැරදි වලට මුළු පවුලටම දඬුවම් කරන්න තරම් ශක්තිමත් නීති පද්ධතියක් තියෙන්නේ වෙන කොහෙද ඉතින්? (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 04 December 2013 01:54 PM

සංජය මගේ අන්වර්ථ නාමය (නික් නේම් එක. ) ඔබ තුමා ප්‍රශ්නයක් කරගෙන බොරුවට තමන්ගේ සහ අනුන්ගේ කාලය නාස්ති කරගන්න එපා. මාතෘකාවට අධාල දෙයක් ලියන්න.(නදී)

:       0       0

චන්දිම Wednesday, 04 December 2013 07:15 AM

ඔය විදියට නීතියට පිටින් දඩුවම් දෙන එක දිගටම වෙන්න ගියොත් ඒක අපිටම කවද හරි කරුමයක් වෙන්න පුලුවන්. මොකද මම එහෙම කියන්නෙ ඔය අපරාධ කලත් දේශපාලනේට සම්බන්ධ අයට නම් ඔහොම එලෝගෙන ගිහින් මරනවද නැහැනේ. උන් ෂේප්. අද සියලු අපරාධ කල්ලි ගොඩ නැගෙන්නේ මත්කුඩු ජාවාරම මුල් කරගෙන. දේශපාලනේට සම්බන්ධ අය කන්ටේනර් පිටින් කුඩු ගෙනල්ලා කෝටිපතියො වෙලා අහු වුනත් කොහොම හරි බේරිලා යනවා. ඔන්න ඕක තියෙන තාක් මේ අපරාධ නවතින්නේ නැහැ මිනිසුනේ. ඔබේ අනාගතේ තවත් දරුණු වේවි.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 04 December 2013 07:17 AM

දම්ගේ කතාවට කටට මසුරන් දාන්න වටිනවා. පාලකයෝ හිටගෙන කරනකොට බන්දුලාලා වගේ මිනිස්සු දුව දු දුව කරනවා. ද සිල්වා, මෙවැනි අදර්මිෂ්ට මිනිසුන්ට කියා පලක් නැත. ලංකාවෙන් 90% හිතන්නේ මෙහෙම තමයි. ලංකාවට ගියහම ඉතා පරිස්සමෙන් කතා කරන්න සහෝදරයොත් එක්ක වුනත් විස්වාස නැහැ.(නදී)

:       0       0

රකිත් Wednesday, 04 December 2013 07:29 AM

බන්දුල මහත්තයෝ, අපේ ක්‍රමයට ප්‍රශ්න විසඳන්න පුලුවන්නම් ඇයි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න බැරි? මොකද ආධාර කපා හරියි කියල බයේද? අපි ඒතරම් බෙලහීන වෙලාද? එතකොට අර මහලොකු දේශප්‍රේමීත්වයට මොකද වුනේ? ඇයි අපි සුද්දාගේ නිතිය ක්‍රියාත්මක කරන්නේ? අපේම විධායක ජනාධිපතිවරයෙක් සිටිනකොට, පාර්ලිමේන්තුවේ කෙසේ හෝ සාදාගත් තුනෙන් දෙකේ බලයක් තිබෙන විට ඇයි අපේම නීතියක් හඳුන්වා දෙන්න බැරි? (නදී)

:       0       0

විලන් Wednesday, 04 December 2013 07:37 AM

මමත් ජීවත් වෙන්නේ කැනඩාවේ. මෙහෙ නම් නීතිය හැමෝටම එක වගේ. ඒ නිසා අපරාද හරිම අඩුයි. මොකද ස්ටීවන් හාපර් ට උනත් මට උනත් එක වගේ නීතිය . ලංකාවේ වගේ සමහර අයට එක නීතියකුයි ගමේ සිරිපාලට එක නීත්යකුයි නෑ. ඒ නිසා මේ රටවල් දියුණු වෙලා .(නදී)

:       0       0

පොරමොලා -බින්තැන්න Wednesday, 04 December 2013 07:43 AM

අපේ අම්ම පුංචි කාලේ කියල දීපු කතාවක් මට මතක් උනා...දවසක් පුංචි පුතා ඉස්කෝලේ ගිහිල්ල ගෙදර එනකොට ලස්සන පැන්සලයක් ගෙනාවා. අම්මා ඇහුව කොහෙන්ද කියල. එතකොට පුංචි පුතා කිව්වා යාලුවෙක් දුන්න කියලා. අම්ම මුකුත්කිව්වේ නෑ. කාලෙකට පස්සේ බෑග් එකකුත් ගෙනාව. අම්ම ඇහුව. පුතා උත්තර දුන්නා. අම්ම මුකුත් කිව්වේ නැහැලු. ලොකු උනාම ගෑනු ළමයෙකුත් ගෙනාවලු. අම්ම ඇහුවා...පුතා උත්තර දුන්නා. අනේ කමක් නෑ පුතේ කියල නිස්සබ්ද උනා. දැන් මිනිහ ජිවත් වෙන්නේ එක එක හොර වැඩ කරලාලු. පවුලත් රකින්න එපායැ. අන්තිමට පුතා ලොකු හොරකමකට අහුවෙලා හිර ගෙදර පදිංචි උනාලු. ලේලි අම්මටත් බැනල ගෙදරින් ගියාලු. අනේ අම්ම සතියකට දවසක් අල ටිකකුත් තම්බන් පුතා බලන්න යනවලු. හිර ගෙදර පොලුඅතරින් අත දාල පුතාට කවල අඬල ගෙදර එනවලු. දවසක් මේ විදිහට පුතාව බලන්න ගිහින් කවල එන්න හදන කොට පුතා කිව්වලු අනේ රත්තරන් අම්මේ මට මම කරපු වරදවලට මම මේ හිරේ දඬුවම් විඳිනවා. අනේ මට අම්මගේ දිව පොඩ්ඩක් ඉඹින්න දෙන්න කිව්වලු. අනේ මේ අම්ම පුතාට දිව එලියට දික් කලාලු. මේ ජඩය අම්මගේ දිව හපලා දෙකට කඩලා එලියට විසිකරලා කිව්වලු අනේ අම්මේ මම එදා පැන්සලයක් හොරකම් කරන ගෙදර ආ වෙලේ උඹ මට දඬුවම් දීල මාව හරි මගට ගත්ත නම් මේ දඬුවම් විඳින්නේ නෑ. එදා උඹේ දිව ගොළු වෙලා තිබුන නිසයි මා හොරෙක් උනේ. දැන් උඹ එදා කරපු වරදට විදවපන් කිව්වලු. මේක එක පැත්තකට බර කතාවක්. අම්මට නිගරු කරනවාට මමත් කැමති නෑ. ඒ උනත් වරදක් දැක්කම කන හරහා පාරක් දුන්නා නම් ඔහොම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

බෙනට් Wednesday, 04 December 2013 08:12 AM

අපිටත් කාගෙන් හරි අකටයුත්තක් උනොත් පොලිසි ගානේ රස්තියාදු වෙන්නේ නැතුව එස්.ටී.එෆ් එක කළා වගේ කලා නම් වටිනා අදිකරණයේ කාලයත් ඉතුරුයි කියලයි මට හිතෙන්නේ ..අපි එහෙනම් ලංකාවේ අදිකරණයයි , බන්දනාගාරයයි , පොලිසි ටිකයි වහල දාමු ... (නදී)

:       0       0

අනුර Wednesday, 04 December 2013 08:26 AM

ද සිල්වා බර්ලින්, ඉන්නේ ඕව එහෙම හරියන්නේ නැහැ මහත්මයා. (ස)

:       0       0

ගෝමරි Wednesday, 04 December 2013 08:27 AM

හරියටම හරි පොරමොලා, මේ දේවල් වලින් අනිත් අයත් පාඩම් ඉගෙන ගනීවි. ජඩ වැඩ කරන්න හිතාගෙන ඉන්නවා නම් ගෙදර ඇය කියලවත් දෙයි නේ. (ස)

:       0       0

මිලින්ද Wednesday, 04 December 2013 08:28 AM

පොරමොලා නම් හරියන්නේ බින්තෙන්නටම තමා... හිනා හිනා (ස)

:       0       0

අනුර Wednesday, 04 December 2013 08:30 AM

බෙනට් කැටයම් උන්නේහෙගේ තරම දන්නේ නැහැ. ඇහැට කනට පේන ගැහැණු උගෙන් බේරෙන්නේ නැහැ. කුඩා දරුවකු පොළොවේ ගහන්න අහිංසක පවුලක් මරා දන්නා පුළුවන් අයට මොන නීතියක්ද?  නඩු සිය ගණනක් තිබුනත් මේ අය ඒ ගමන යනවා. මිනි මරනවා විසඳුම කුමක්ද මහත්මයා.(නදී)

:       0       0

kapila Wednesday, 04 December 2013 08:33 PM

බන්දුල පෙරේරා සිල්වා මහත්තය කියුව දේ හරියට වටහාගෙන නැහැ (අ)

:       0       0

සෙන්සා Wednesday, 04 December 2013 08:31 AM

මෙ කැටයමි චින්තක පිටුපසින් සිටින දකුණේ දැවන්ත දේශපාලන හස්තයද හෙළි කරන්නේනමි.(නදී)

:       0       0

සුගත් Wednesday, 04 December 2013 02:37 PM

අදහස් දාන කෙනාගෙන් වැඩක් නැති බව ඇත්ත. ඒ නිසා කල යුත්තේ අදහස පමණක් බැලීමය. තමන්ට කැමති පරිදි නම ඉදිරිපත් කලාට වරදක් නැතුව ඇති කියල මට හිතෙන්නේ. කෙසේ හෝ අදහස් ඉදිරිපත් කිරීම අප අගය කල යුතු වේ. (ස)

:       0       0

සිරියලතා කෙන්යා Tuesday, 03 December 2013 08:32 PM

කළකම් පල දේ (නදී)

:       0       0

යමා Wednesday, 04 December 2013 08:32 AM

මම අනිවාර්යෙන්ම එස්.ටී.එෆ් ට උදව් කරනවා, අපරාධ කරුවන් විනාශ කරලා දාන්න. (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 03 December 2013 08:40 PM

කගේ උනත් ගෙවල් සහ දේපල ගිනිතැබීම අනුමත කල නොහැක , මොන අපරාධ කාරයට උනත් පවතින නීතියට පිටින් දඩුවම් කිරීමෙන් නිතිය වල්වැදී රට අස්ථාවර වී අපේ රටත් සොමලියාවක් බවට පත්වීමට පුළුවන් , කලයුතු හොඳම දෙය දේශපාලනය , වත්පොහොසත් කම් තරා තිරම බලන්නේ නැතුව නිතිය සැමට එක හා සමානව ක්‍රියා කරවීම අපේ රටේ අනාගතයට හොඳය (නදී)

:       0       0

කපිල Wednesday, 04 December 2013 08:40 PM

ගුනේ .සජිත් සමන් ඔබලාගේ අදහස් අගය කරනවා (අ)

:       0       0

ශීලා Wednesday, 04 December 2013 02:41 PM

බන්දුල පෙරේරා කියන කතාව හරියටම හරි. එතුමා පිලිගන්නවා රටකට නීතියක් අවශ්‍ය නැහැ කියා. ඒ කියන්නේ අපි ගල් යුගේට ආපහු යමු කියලනේ. අනේ අනේ මෙහෙමත් මොළ කාරයෝ තාම අපේ රටේ ඉන්නවනේ. (නදී)

:       0       0

ගුණේ Wednesday, 04 December 2013 08:41 AM

ලියන්න ගොඩක් අදහස් තියෙනවා. නමුත් ලිවීමෙන් පලක් නැහැ. හුගක් අයගේ අදහස් කියෙවුවා. ඒ සියලුම දෙනාගේ අදහස් එක එක කෝණයෙන් බැලුවම සාධාරණයි. ඔය වැනි අපරාධ කාරයන්ව ජිවත් වන්න තියන්න සුදුසු නැති බව මමද අනුමත කරමි. මෙවැන්නන් ජිවත් වීමෙන් සිදුවන්නේ සමාජයට හා තවත් කෙනෙකුට අවැඩක්. සුද්ද හදපු නීති දැල දිරා ගොසින් විශාල සිදුරු මතුවෙලා. අද දේශපාලුවන් පෝෂණය කරන පාතාලය එයින් උපරිම ප්‍රයෝජන බුක්ති විදිනවා. හොර තක්කඩි දේශපාලුවන් අන්ධයන්, බිරන්,ගොළුවන් සේ නොදන්නා ලෙසින් රට මංකොල්ල කමින්, බොමින් ජිවත් වෙනවා. රටේ මිනිසුන් අසරණ අඩියටම වැටිලා. පීඩනයෙන් හිරවෙලා. උදාහරණයක් තමයි මහා ත්‍රස්තවාදියාගේ (ප්‍රබාකරන්ගේ) අවසානය රට වැසියන් සමරපු හැටි. ඒ අසරණව පීඩනයෙන් හිරවී සිටි ජනතාව පීඩනය මුදා හැරපු ආකරයයි. එවන් අවස්ථාවක ප්‍රති කාරිත්වයක් තමයි මේ ගමේ වැසියන්ගෙන් සිදු වුනේ. වෙඩි පත්තුකර කිරිබත් කෑවා. අන්තිමට අපරධකාරයා (මිනීමරුවා) හැදුනු වැඩුණු නිවසත් ගිනිබත් කලා. මේ සියල්ලක් සිදුවී ගෙන එන තුරු ඒ අපරාධකරුවාගේ මව මෙසේ වෙයි කියා කිසි දවසක නොසිතන්න ඇති. ඒ අම්මත් අනිකුත් අම්මල වගේ එයාගේ දරුවාව බලාපොරොත්තු තියාගෙන හදන්න ඇති. නමුත් අද පවතින සමාජ විසමතාවය උඩ ඒ සියල්ලක් උඩු යටිකුරු වී සිදුවෙලා තියෙනවා. මෙයට මුලිකම වගකීම ගත යුත්තේ පාලකයන් හා ධර්මය අවබෝධ කර දෙන්නට සිටින හිමිවරුන්. අද වනවිට මේ කට්ටියත් තමන්ගේ යුතුකම පසකලා දේසපාලුවන්ගේ පතුල් ලෙවකමින් ලාබ ප්‍රයෝජන තකා, ඔවුන්ගේ නැති ගුණ වයමින් ඔවුන් පසු පස ගමන් කරනවා. ඒ හේතුවෙන් සමාජයට ලැබෙන්නේ ගුණ ධර්මයෙන් පිරිහුණ මිනිසුන් පමණයි. මේ නිසා මේ අම්මට තමාගේ දරුවත්, අත පය වාරු නැති වී බැරිවන කාලයේ ජිවත් වන්න තිබුන නිවසත් නැති වුනා. (ස)

:       0       0

විජේසුන්දෙර Saturday, 07 December 2013 05:16 AM

කවුරුත් එකතු වෙලා පොඩි උන් දෙන්න බලාගන්න. වෙලාවට වැඩ කරන නීතිය සැමට එකසේ සලකන සුද්දා ගේ හොඳ දේවල් අරගෙන අපිත් දියුණු වෙමු. (නදී)

:       0       0

බණ්ඩා Wednesday, 04 December 2013 09:01 PM

අපරාද කාරයා මැරුම් කෑවේ පොලෝසියේ රාළහාමි මැරුවට පස්සේ ..මීට ඉස්සර මේ මිනිහ කොපමණ අපරාද කරාද?මොහුට විරුද්දව කොපමණ පැමිණිලි තියෙනවද ? පොලෝසිය මෙපමණ කල් මොනවද කරේ .හැම නගරෙම මෙහෙම පුද්ගලයෝ ඉන්නවා .(අ)

:       0       0

නිමල් ලලිතා Wednesday, 04 December 2013 08:48 AM

අපරාදකරුවන් සහ ඔවුන්ට ආදාර අනුබල සහ ආරක්ෂාව දෙන්නවුන් මැඩීමට ජනතාව ඉදිරිපත්වන්නේ නම් අනාගතයේදී හෝ මොවුන් මෙල්ල වේවි.(නදී)

:       0       0

අමිළ කටුනායක Wednesday, 04 December 2013 08:59 AM

ඔය කව්රු කව්රුත් ලබා උපන් හැටිද? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 03 December 2013 09:22 PM

සිල්වා මහත්තයෝ, මේ ජර්මනිය නෙමෙයි ශ්‍රී ලංකාව. ඔබතුමා කියන ඔය නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැත්තේ, මිනී මරුවන්ව නලවන්න කියන්නේ, උන්ගේ මානව හිමිකම් රකින්න කියන්නේ, මරණ දඩුවම ක්‍රියාත්මක කලොත් දෙන ආදාර කපනවා කියන්නේ ඔබ තුමා ඉන්න ඔය රට වගේ දනවත් රටවල් තමයි. ඉතින් අපිට අපේ ක්‍රමයට සමහර ප්‍රශ්න විසදන්න වෙනවා. මේ සුද්දගේ නීතියේ හිල් ගොඩක් තියෙනවා. මිනී මරුවන්ට ඇප දෙන්න තරම් බයාදු නීතියක් මේක. උන් ඇප අරන් ඇවිත් සාක්කි කාරයෝ මරනවා. මේ ක්‍රමයේදී ඔය ප්‍රශ්න මුකුත් නැහැ..මේ රටේ කැරලි දෙකක් මර්දනය කලේ කොටි ත්‍රස්තවාදය නැති කලේ නීතිය අනුව ගිහින් නෙමෙයි. එහෙම කලානම් තාමත් අපි තුන්ඩු කෑල්ලකට බයේ ජීවත් වෙන රටක ඉන්නේ. ඔබතුමාගේ රටත් එක්ක මේවා සසදන්න එපා. ඔය රටත් ඉතිහාසයේ ප්‍රශ්න විසදුවේ මේ විදියට තමයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 04 December 2013 09:16 AM

සමහර කට්ටිය හීන දකින සර්ව සාධාරණ සමාජයක ජීවත් වෙන්න අපිත් ආසයි ..නමුත් පොළොවේ පය ගහල ජීවත් වෙන මිනිහ දන්නවා එහෙම සමාජයක් මෙතුවක් තිබුනෙත් නැහැ, අදත් නැහැ, හෙට ඇති වෙන්නෙත් නැහැ කියලා..ලෝක ඉතිහාසයේ එදා ඉඳල අද වෙනකම්ම දුබලයා බලවතාගේ ගොදුරක්...ඒක හෙටටත් එහෙමයි...මේ සිදුවීමේ වැදගත්ම දේ සහ රටට දෙන පාඩම නීතිය, සාමය රකින තැන් වලට අත තියන්න කලින් දෙපාරක් හිතන්න කියලා. අපරාධ කරුවන්ට දෙන පනිවිඩයයි.ඒක එහෙම නොවුනා නම් මේ සිදුවීම හෙට නීති ගරුක නීතිය රකින අවංක නිලධාරින්ට එරෙහිව අවි උස්සන්න අපරාධකරුවන්ට දෙන බලපත්‍රයක් වේවි ..අපරාධකරුවන්ට අත් කල ඉරණම අවංකව රාජකාරි කරන හැමගේ දහිරියට, ආත්ම ශක්තියට, නිර්භීත බවට ප්‍රතිපල අත්කර දෙන්න ඇති නොවරදවමා....මේක වැරදි ආකාරයට යොදා ගැනීමේ අවදානමක් තියෙනවා..ඒක බැහැර කරන්න බැහැ..නමුත් එහෙම කරලා පොලිසියටත් ගැලවීමක් නොලැබෙන බව රත්මලානේ සිදුවීම හොඳ උදාහරණයක්..අහිංසකයක්ගේ මරණයට ගම් පිටින් නැගී සිටිනවා වගේම පිළිල ඉවත් වෙනකොට ගම්මු කිරිබත් උයනවා..මේ අම්ම ගැන දුකයි..අම්මල කොහොම දරුවෝ හැදුවත් සමාජය එම දරුවන් මොහොතකින් වෙනස් කරනවා..එම වෙනස් කිරීම මත ලෝකෙට වැඩදායක වගේම අන්ත නින්දිත තිරිසන් අපරධකරුවනුත් බිහිවෙනවා..අම්මලට ඒවා වලක් වන්න බැහැ.. (ස)

:       0       0

ලක්විදු Saturday, 07 December 2013 11:35 PM

එතකොට තව තව අයගේ ගෙවල්? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 04 December 2013 03:07 PM

ශිලා, නමුත් රතුපස්වල ප්‍රශ්නෙදි බන්දුල පෙරේරා හිටියේ උද්ඝෝෂණය කරපු ජනතාවට විරුද්ධ මතයක. (ස)

:       0       0

මැණික් රත්නායක Wednesday, 04 December 2013 09:40 AM

හොඳයි. කරපු අපරාධයට තවත් අපරාධයකින් පිලිතුරු දිම. (ස)

:       0       0

සංජයි Wednesday, 04 December 2013 09:50 AM

නම ඉස්සරහින් රටවල් වල නම් දාන්නේ ඇයි? සෝබනේට? (ස)

:       0       0

යවන්දා Tuesday, 03 December 2013 10:02 PM

මේ අය නිකම්ම ඔය තත්වයට පත්වෙන්නේ නැහැ පොලිසිය මීට පෙර නීතිය හරියට ක්‍රියා කලානම් අම්මල දුක්විඳලා හදපු දරුවෝ නිකරුනේ මැරෙන්නේ නැහැ.(නදී)

:       0       0

චතුර Wednesday, 04 December 2013 09:51 AM

මොනවා උනත් දරුවෝ හදපු අම්ම පව්. වැරදී කරන්න කලින් දෙමව්පියෝ ගැනත් හිතන්න. (ස)

:       0       0

රකිත් Wednesday, 04 December 2013 09:52 AM

බන්දුල, සර්ව සාධාරණ සමාජයක් ලොව කොහෙත් නැති බව ඇත්ත. නමුත්, ඔබතුමා වරක් සඳහන් කල ආකාරයට රටේ ශක්තිමත් නීති පද්ධතිය හරියට ක්‍රියාත්මක වුණා නම් මේ වගේ අපරාධකරුවන් සාමය රකින තැන් වලට අත තියන්න පෙළඹෙන්නේ නැත. ඔවුන් මෙසේ පෙළඹුනේ දේශපාලඥයින් ආරක්ෂක සේවාවන්ට බලපෑම් කල නිසා. රටේ නිතිය හැමෝටම එක සමානව ක්‍රියාත්මක කල යුතුය. වරක් ආසන පටි නොදා වාහනයක ගමන් කල බටහිර රටක අගමැතිවරයකුට පොලිසිය විසින් දඩයක් ගසන ලදී. අපේ රටේ නම් සැලුට් ගසා වාහනය නිදහස් කරනු ලැබේ. නැතිනම්, පොලිස් නිලධාරියා දුෂ්කර පළාතකට මාරු කෙරෙනු ඇත අර විසිතුන් දෙනෙක් මේ ලඟදි මාරු කලා වගේ. කෙසේ නමුත් අම්මලා ගැන ඔබ කළ ප්‍රකාශය සමඟ මම එකඟ වෙමි. (ස)

:       0       0

ඉන්දික Wednesday, 04 December 2013 09:54 AM

මෙන්න අපේ ලංකාවේ අයගේ මහා ලොකු පිරිමිකම. චින්තක කැලේ පැනලා හිටපු දවස් වලවත් මේක කලා නම් කමක් නෑ. ඌ කැලේ පැනලා කියලා තියෙද්දිත් බයේ හැංගිලා හිටපු අපේ මහා ලොකු පිරිමි ඌ මැරුවා කියලා ආරංචි උන ගමන් චන්ඩි ටික වගේ ගිහින් අර අසරණ අම්මාට ඉන්න හිටින්න තියෙන ගෙදර පුච්චලා. දැන් ගොඩක් ආඩම්බර ඇති ගෙදර පුච්චපු උන්ට...අනේ මෙහෙමත් ලංකාවේ පිරිමි. (ස)

:       0       0

සංජයි Wednesday, 04 December 2013 09:56 AM

නම ඉස්සරහින් ලොකු රටවල් වල නම් දාන්නේ ඇයි? සෝබනේට? ගොඩක් වෙලාවට දකිනවා බෙර්ලිනය, ඕසට්‍රේලියාව, අරක මේක. නිකම් නම විතරක් දැම්ම නම් ඉවරයි නේද? අපිත් ඉන්නේ රට තමයි. (ස)

:       0       0

තිලක් Wednesday, 04 December 2013 11:46 PM

දරුණු අපරාධකාරයෝ හතරදෙනාට දුන් දඬුවමට වැරදියි කියන අයගේ පවුල් වලටත් ඒ රාළහාමිටත් බිරිදටත් දරු පැටියටත් වුණ දේ වුණා නම් තවත් දුක්වෙන එකක් නැහැ. අද අර අසරණ දරු දෙදෙනාට දෙමවුපියෝ නැහැ. ඔවුන්ගේ ආදරය ලැබෙන්නේ නැහැ. ආරක්ෂාව නැහැ. මේ ලෝකේ තනිවෙලා පුංචි හිත් හොදටම පොඩිවෙලා. අසරණ වෙලා. අද අනුන්ගේ විපත තමන්ට විපතක් නොවෙයිනේ. මේ මිනිසුන්ට විපත කුමක්ද යන්න තේරෙන්නේ තමන්ට වුණදාට විතරයි (නි)

:       0       0

මනෝජ් Tuesday, 10 December 2013 05:40 PM

මට නම් මේක නම් මහා ලොකු අපරාධයක් නෙමෙයි (නි)

:       0       0

ගිම්හානි Tuesday, 03 December 2013 10:13 PM

හැමදාම නැතුවට බන්දුලගේ කතාව අද නම් හරි. (නි)

:       0       0

පොරමොලා -බින්තැන්න Wednesday, 04 December 2013 10:11 AM

අනේ මම බින්තැන්නේ...මට ලැජ්ජයි... (ස)

:       0       0

අශාන් Wednesday, 04 December 2013 11:52 PM

ළමයි කරන වැරදි වලට අම්මලා මොනවා කරන්නද? (නි)

:       0       0

සුගත් Wednesday, 04 December 2013 10:19 AM

මේ ක්‍රමය පිළිගන්න පුළුවන් වෙන්නෙ හැම අපරාද කරයකුටම මේ විදියට සලකනවානම් විතරයි. අම්මට ඉන්න තැන නැති කරපු එක නම් අනුමත කරන්න බැ.(දිල්)

:       0       0

සුගත් Wednesday, 04 December 2013 10:19 AM

මේ ක්‍රමය පිළිගන්න පුළුවන් වෙන්නෙ හැම අපරාධ කාරයෙකුටම මේ විදියට සලකනවා නම් විතරයි. අම්මට ඉන්න තැන නැති කරපු එක නම් අනුමත කරන්න බැ. (ස)

:       0       0

තිලක් - ඩුබායි Wednesday, 04 December 2013 10:22 AM

ද සිල්වා බර්ලින් ඔබ 100% හරි. (ස)

:       0       0

තිලක් - ඩුබායි Wednesday, 04 December 2013 10:24 AM

අර්ථ කම්හලේ ජීවත් වෙන බල්ලට හෙන පිට හෙන ගැහැව්වත් ගානක් නැහැ වගේ මෙතන අදහස් දාල තියෙන බන්දුල වගේ "මොළ හූදපු" මිනිසුන්ට මිනීමැරුම්, හොරකම්, ස්ත්‍රී දුෂණය,ළමා අපචාර,කුඩු ව්‍යාපාර සුළු දේවල්.අර්ථ නීතිය ගරු කරන මිනිසුන් දන්නවා සැබෑ නීතිය කියන්නේ මොකක්ද කියලා.වෙන්න දෙයක් නැහැ දැනටමත් අපි සෝමාලියාවක්, ඉතියෝපියාවක්, බංගලිදේශයක් වෙලා ඉවරයි.අර්ථ රටේ ඉන්න බත් කන "මොළ හූදපු" බුරුවන්ට තේරුමක් නැහැ. (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 03 December 2013 10:37 PM

අම්මා කෙනෙක් කවදාවත් පුතෙකුට නරක මිනිහෙක් වෙන්න උදවු කරන්නේ නැහැ. පුතාගේ නරක වැඩ නිසා ඒ අම්මා හිතෙන් මැරි මැරී ජීවත්වෙන්න ඇති. තවත් ගින්දරක් ඒ අම්මට දීලා ඒ අම්මාට ඉන්න හිටින්න නැති කළ එක නම් හොඳ නැහැ. (නි).

:       0       0

සජිත් Wednesday, 04 December 2013 10:24 AM

නිවස ගිනි තැබූ අයව වහාම සිර භාරයට ගන්න. ඔහු කල පවට නිසි දඬුවම් ලැබුනා. (ස)

:       0       0

සමන් Wednesday, 04 December 2013 10:25 AM

අපරාධකාරයෝ මැරෙන්න ඕනේ. නමුත් ගෙවල් ගිනි තියන එක හරි කැතයි. (ස)

:       0       0

තිලක් - ඩුබායි Wednesday, 04 December 2013 10:26 AM

සංජයි.රට හිටියත් තවම "මොළ හූදපු" ගතිය ඇරිලා නැහැ වගේ.ටිකක් ඔයා ඉන්න රටේ ඇස් දෙක ඇරලා බලන්න. ලංකාව වගේ ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, කුඩු, හොරකම, මිනීමැරුම්, කපල කොටලා බල්ල වගේ මරල දාන දේවල් තියෙනවද කියලා ? (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 03 December 2013 10:52 PM

අපේ රට මෙතෙක් රැකුණේ දේශීය ක්‍රමවලින්.ඉදිරියටත් මෙවැනි ක්‍රම හොදයි. වරදට ක්ෂණික දඩුවම්... නමුත් මෙය හැමට එක හා සමානව ක්‍රියාත්මක විය යුතුමයි (නි)

:       0       0

සෙහාන් අමරසිංහ Tuesday, 03 December 2013 10:56 PM

බන්දුල හරියට හරි. (නි)

:       0       0

ලහිරු Tuesday, 10 December 2013 12:06 AM

මේවා දැක්කහම අපිටත් පිස්සු හැදෙනවා (නි)

:       0       0

අරුණ Tuesday, 03 December 2013 11:00 PM

මේ මිනිසුන්ගේ ගෙවල් වලට නෙමෙයි ගිනි තියන්න ඕනෑ,මේ මිනිසුන්ව හසුරුවන ලොක්කන්ගේ දේපල තමයි ගිනි තියලා දාන්න ඕනෑ (නි)

:       0       0

ලොකු Wednesday, 04 December 2013 10:39 AM

ඇමරිකාවෙත් මිනි මරනවා, ඇමරිකාවත් වෙන රටවල මිනි මරනවා. කෝ එයාලට කළු පැල්ලම්. මේවා ඔක්කොම දුප්පත් අපේ රටට. බර්ලිනයේ කීදෙනෙක් අමු අමුවේ මැරුවද? කෝ කළු පැල්ලම්. අපි එකමුතු වෙලා රටේ නිදහස ගොඩනගමු. අපරාධ තුරන් කරන්න පසුබට නොවෙමු. (ස)

:       0       0

නුවන් Tuesday, 03 December 2013 11:05 PM

ගෙයක් වගේද මෙයාලා කරපු අපරාධ? ඒ හින්දා තමයි ගමේ අහිංසක මිනිස්සු මෙයාලගේ ගෙදරට ගිනි තිබ්බේ? පාරේ කිරිබත් උයන්නේ.මෙහෙම කිරිබත් උයන්න තරම් මිනිස්සු ඉන්නවා කියන්නේ එයා ගමටත් රටටත් අවශ්‍ය නොවන කෙනෙක්. (නි)

:       0       0

චන්දිම Wednesday, 04 December 2013 11:01 AM

තිලක්- ඩුබායි .... සන්ජය් ගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඒක මඟ හරින්නේ නැතුව. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර එපා..... (ස)

:       0       0

ද සිල්වා Tuesday, 03 December 2013 11:21 PM

බන්දුල කියන පරිදි 71, 88/89 භිෂණය මර්දනය කළ බව පිළිගනිමි. නමුත් විනාශ වුණ අහිංසක ජිවිත දේපල කොපමණද ? එම කාලයේ සිදුවුණු කැළැල් තවම මිනිසුන්ගේ සිත්තුල පවතී. අපි විසින් නීතියට අතටගෙන දේපල විනාශ කරමින් දැගලීමෙන් ප්‍රශ්න නොවිසදේ (නි)

:       0       0

චානක. Tuesday, 03 December 2013 11:21 PM

බුද්ධිමත් බන්දුල මහත්තයෝ, ප්‍රජාතන්තවාදය රකින රටක් ප්‍රශ්න විසඳිය යුත්තේ නීතිය මාර්ගයෙන් මිස ඔබ ඔය කියන කැළෑ නීතිය මගින් නොවේ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 03 December 2013 11:40 PM

මා විසින් ඉහත සදහන් කළ පරිදි 83 ජුලි කලබල 88 භිෂණය වැනි දේවල් අපගේ ඉතිහාසයේ ඇතිවූ කළු පැල්ලම්ය. අප විසින් එමගින් පාඩම් ඉගෙන ගත යුතුය. දැන්වත් අපගේ පාලකයන් සහ ජනතාව බුදුන්ගේ ධර්මයට අනුව සොරකම , ප්‍රචණ්ඩත්වය ඉවතලා දසරාජ ධර්මයට අනුව කටයුතු කළොත් අපේ දියුණුවක් ඇතිවේවි. ප්‍රචණ්ඩත්වයට මුල්තැන දුන්නොත් අපේ රටත් සෝමාලියාවක් වීමට බැරි නැත. අපි මේ සදහා ආදර්ශයට ගත යුත්තේ ජර්මනිය නොව ආසියාවේ බෞද්ධ රටක් වන ජපන් රටය. සමහරුන්ට මගේ අදහස් වහ කදුරු මෙන් තිත්ත විය හැක. නමුත් ඇත්ත මෙයයි (නි)

:       0       0

ප්‍රසීන් Tuesday, 03 December 2013 11:42 PM

තංගල්ලේ විදේශිකයා මැරූ අයට දඩුවම් දෙන්නෙ නැද්ද? (නි)

:       0       0

හෙළයා Tuesday, 03 December 2013 11:44 PM

වාද විවාද වැඩක් නැහැ. අපරාධකරුවන්ට දිය යුතු දඬුවම් දෙන්න මැලිවිය යුතුත් නැහැ (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 03 December 2013 11:58 PM

මේ අපරාධයේ සැකකරුවන් සියලු දෙනා මේ විදිහට මියගියේ යම් නොපෙනෙන කරුණක් නිසයි කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

සරත් Wednesday, 04 December 2013 12:24 AM

මමත් බන්දුල සමග එක්වෙනවා,මේ සම්බන්ධව. (නි)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 04 December 2013 12:27 AM

ඇයි ඉතින් ගෙට ගිනි තියන්නේ.ඒ මිනිහා නැවත ඔතන පදිංචියට එන්නේ නැහැනේ. ජිවත් වෙන්න ගෙයක් නැතිවෙන්නේ අර අසරණ අම්මාට.දරුවෝ කරන වැරදි වලට අම්මලා පළි නැහැ. (නි)

:       0       0

අනුර Wednesday, 04 December 2013 12:34 AM

මමත් ජිවත් වෙන්නේ ඇමෙරිකාවේ. නමුත් බන්දුල පෙරේරාගේ අදහස් මම අනුමත කරනවා. (නි)

:       0       0

බමුණු Wednesday, 04 December 2013 11:57 AM

[නම ඉස්සරහින් ලොකු රටවල් වල නම් දාන්නේ ඇයි? සෝබනේට? ගොඩක් වෙලාවට දකිනවා බෙර්ලිනය, ඕසට්‍රේලියාව, අරක මේක. නිකම් නම විතරක් දැම්ම නම් ඉවරයි නේද? අපිත් ඉන්නේ රට තමයි. ] ඉතින් ඔබගේ රටත් දාන්න කෝ දැනගන්න. සමහර අය රට ගියාම තිබුන පැරණි යල් පනපු අදහස් වෙනස් වෙනවා. හරියට මැඩියා ලිඳෙන් එලියට පැන්නා වගේ. ලෝකය දැක්කම හිතෙනවා අපි කොහෙද හිටියේ කියලා. ඒ ගැන ඊරිසියා කොරන්න එපා. මතුරට හිටියත් කමක් නැහැ කැමති නම් රට දාන්න. (ස)

:       0       0

හිල්මි සමදරා Thursday, 05 December 2013 03:07 AM

ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මිනීමැරුම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්.... මේ සියලුම දෙනාට මරණ දඬුවම දිය යුතුය්. නමුත් එය නීත්‍යානුකූලව කළ යුතුයි. (නි)

:       0       0

මධු Wednesday, 04 December 2013 12:54 AM

අපරාධකාරයෝ තුරන් වෙන එක හොදයි. හැමෝටම හොද පාඩමක් (නි)

:       0       0

රජිත් ඉතාලි Wednesday, 04 December 2013 01:01 AM

මම මේක බලපොරොත්තු වුණා (නි)

:       0       0

අනු Wednesday, 04 December 2013 12:11 PM

මේ මිනීමැරුම කැටයම් චින්තකම කලා කියල හරියටම ඔප්පු උනානේ. පොඩි දරුවාගේ කට උත්තරයෙන්. ඉතින් විය යුතු දේ හරියටම උනා. (ස)

:       0       0

කපිල Wednesday, 04 December 2013 01:17 AM

බන්දුල විවේචනය කරන්නේ විපක්ෂය විතරයි.මෙයාලා කරන හැමදෙයක්ම එයාට හරි (නි)

:       0       0

ද සිල්වා Thursday, 05 December 2013 05:15 AM

බණ්ඩා,ඔබගේ අදහස හරියටම හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 312 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 428 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 90 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 617 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 158 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 906 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14554 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site