කටාර් තැපැල් සමාගම විසින් ගිම්හානය වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත. ඒ අනුව දෝහා නුවර සිට ඈත පෙරදිග සහ අරාබි ලෝකය තුළ ඇති තෝරාගත් රටවල් වෙත ජාත්‍යන්තර පාර්සල් යැවීමේදී එක් පාර්සලයකට සියයට 40 ක් දක්වා වූ වට්ටමක් හිමිවෙයි.
මැයි 23 වැනිදා සිට ඉදිරියට මාස තුනක කාලයක් ඇතුළත කටාර් තැපල් ගනුදෙනුකරුවන්ට ඉතා අවම ගාස්තු යටතේ තම පවුලේ සාමාජිකයන්ට සහ හිතමිතුරන්ට පාර්සල් යැවිය හැකිය. ඒ අනුව පාකිස්ථානය, නේපාලය, බංගලිදේශය සහ පිලිපීනය යන රටවලට සියයට 40 ක වට්ටමකුත්, සූඩානයට සියයට 35 ක වට්ටමක්, ඊජිප්තුව, ඉන්දියාව සහ ටියුනීසියාවට සියයට 30 ක වට්ටමක් සහ ශ්‍රී ලංකාවට සියයට 25 ක වට්ටමක් කටාර් තැපැල් සමාගම වෙතින් හිමිවෙයි.
“අපි මේ රටවල් තෝරාගත්තේ ඒ රටවලට පාර්සල් යවන්න අධික ඉල්ලුමක් තිබෙන නිසා. අපි අපේ ගනුදෙනුකරුවන්ගේ දත්ත ගබඩාවෙන් දත්ත එකතු කරලා ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව තමයි ගාස්තු ක්‍රමය සකස් කළේ” යැයි කටාර් තැපැල් සමාගමේ අළෙවිකරණ සහ වෙළෙඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාලීඞ් අල් එමාදි පවසයි.
“රාමදාන් මාසය තුළදී සහ ඊට පෙර රටින් රටට තෑගි සහ විවිධ භාණ්ඩ යැවීමේ සම්ප්‍රදාය ගැන අපි දන්නවා. ඉතිං අපේ ගාස්තු ටිකක් පහළ දමා මේ ත්‍යාගසීලි චාරිත්‍රයට දායක වෙන්න ඕනේ කියලා අපි සිතුවා” එමාදි වැඩිදුරටත් පවසයි
“කටාර් තැපැල් සමාගම සිය සේවාවන් සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දීපු පළමු අවස්ථාව තමයි මේ. ගනුදෙනුකරුවන් දන්නේ නැති වුණාට අපි ළඟ තවත් සේවාවන් රැසක්ම තියෙනවා. ඉතිං අපි මේ වගේ ප්‍රවර්ධන වැඩසටහන් දිගින් දිගටම ක්‍රියාත්මක කරනවා” යනුවෙන් පවසන්නේ සමාගමේ ගිණුම් ප්‍රධානී ජමාල් අල් මොහම්මදි ය.
කටාර් තැපැල් සමාගම සියලුම පාර්ෂල් ගුවන් තැපැල් සහ ශීඝ්‍රගාමී තැපැල් සේවාව හරහා යැවෙන අතර එම පාර්සල් ගනුදෙනුකරන දවස් තුනක් ඇතුළත අනෙක් පාර්ශ්වයට ලබාදෙනු ලැබේ.
මේ පිළිබඳව වැඩි විස්තර [email protected] විද්‍යුත් ලිපිනයෙන් දැනගත හැකිය.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කටාර් තැපැල් සමාගමෙන් ගිම්හාන ප්‍රවර්ධන දීමනාවක්