IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කටාර් හි සමස්ත සේවකයන් මිලියන 1.7 න් මිලියන 1.5 ක්ම වැටුප් ආරක්ෂණ ක්‍රමයට යටතට

WPS-FC

 

කටාර් රජය රටේ සේවකයන්ගෙන් බහුතරයක් දෙනා වැටුප් ආරක්ෂණ ක්‍රමය යටතට රැගෙන විත් තිබේ. කටාර් හි සමස්ථ සේවකයන් ගණන මිලියන 1.7 ක් වන අතර ඉන් මිලියන 1.5 ක් මේ වන විට වැටුප් ආරක්ෂණ ක්‍රමයෙන් ආවරණය ලබන බව පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍ය ආචාර්ය ඉසා බින් සාද් අල් ජෆායින් අල් නුඅයිමි මහතා පසුගියදා පැවැසීය.


පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී දියත් කරන ලද මෙම ක්‍රමයේ ප්‍රධානම අරමුණු වන්නේ රටේ සියලුම සේවකයන්ට ඔවුන්ගේ වැටුප නියමිත වෙලාවට ලැබෙන බව, කිසිදු විදෙස් සේවකයකු මාසික ආදායමක් නොමැතිව නොසිටින බව සහ ඔවුන්ගේ වැටුපෙන් කිසිදු නීතිවිරෝධී අඩු කිරීමක් නොකරන බව යන කාරණා තහවුරු කරගැනීමයි.


කටාර් වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී ව්‍යාපාරිකයන් හමුවූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සමාගම් සඳහා වැඩි වීසා අවසරපත් නිකුත් කිරීම වේගවත් කිරීම සඳහා නව යාන්ත්‍රණයක් සකස් කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවයි. මෙම නව සැළසුම සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාවේ අදහස් දැනගැනීමට එය කටාර් වාණිජ මණ්ඩලය සමග හුවාමරු කරගන්නා බවද අමාත්‍යවරයා පැවැසීය.


තම සේවකයන්ගේ දත්ත යාවත්කාලීන කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් නවතම තොරතුරු පමණක් අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කළේය. එවිට එක් එක් සමාගමේ ප්‍රමාණය දැනගැනීමට අමාත්‍යාංශයට හැකියාවක් ලැබෙන අතර, යම් සමාගමක් සේවක හිඟයට මුහුණ පා ඇති විට කඩිනමින් වීසා අවසරපත් නිකුත් කිරීමට හැකි වන්නේ එසේ කළහොත් පමණක්  බවද ඔහු පෙන්වා දුන්නේය. 


සේවකයන්ගේ තත්ත්වය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා කටාර් රාජ්‍යය අස්සන් තබා ඇති ජාත්‍යන්තර සම්මුති සහ ගිවිසුම්වලට අනුකූලව රටේ නීතිකරණ පද්ධතිය සහ නීති යටිතල පහසුකම් වර්ධනය කිරීමට රජය උනන්දුවක් දක්වන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. සේවාස්ථානයේදී මෙන්ම නේවාසික සංකීර්ණය තුළදී ද සේවකයන්ගේ ආරක්ෂාව සහ සේවාස්ථ ආරක්ෂාව උසස් මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා රටේ නායකත්වය ප්‍රමුඛත්වයක් ලබාදී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.


සමහර සමාගම් ඉතා සුළු වැරැදිවලට පවා තහනම් කිරීම සම්බන්ධයෙන් නැගුණු පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමින් ඔහු වැඩිදුරටත් පැවැසුවේ වැරැදිකරන සමාගම්වලට පමණක් දඬුවම් ලබාදෙන අතර ඉන් බහුතරයක්ම වැටුප් ආරක්ෂණ ක්‍රමය උල්ලංඝනය කළ ඒවා බවය. එසේම ව්‍යාපාරිකයන් හමුවී ඔවුන්ගේ අදහස් සහ යෝජනා ගැන දැන ගැනීමට අමාත්‍යාංශය උනන්දුවක් දක්වන බවද ඔහු පැවැසීය.


කම්කරුවන්ට සහ සේවා ස්ථානවලට සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් වෙනමම උසාවියක් ස්ථාපිත කළොත් එවැනි ආරවුල් විසඳීම කඩිනම් වන බවට යෝජනාවක් ව්‍යාපාරිකයන් විසින් ඉදිරිපත් කළේය. 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා රටේ ආර්ථිකයට සහාය වීම සඳහා අමාත්‍යාංශය විසින් යම් යම් නීති සහ තීරණ ගන්නා බවයි. එසේම මෙම නීති සහ තීරණ ගැනීමේදී ව්‍යාපාරිකයන් සහභාගි වීම අතිශය වැදගත් බවද ඔහු අවධාරණය කළේය.


මෙහිදී අදහස් දැක්වූ කටාර් වාණිජ මණ්ඩලයේ සභාපති ෂෙයික් කාලීෆා බින් ජාසිම් බින් මොහොමඞ් අල් තානි මහතා, පෞද්ගලික සමාගම් මුහුණපාන සියලුම ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා වාණිජ මණ්ඩලය සියලුම රජයේ ආයතන සමග සහයෝගයෙන් කටයුතු කරන බව පෙන්වා දුන්නේය.



අදහස් (0)

කටාර් හි සමස්ත සේවකයන් මිලියන 1.7 න් මිලියන 1.5 ක්ම වැටුප් ආරක්ෂණ ක්‍රමයට යටතට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 163 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 567 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘බන්දුල කලකිරේ‘
2024 ඔක්තෝබර් මස 04 1208 6

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 1043 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 159 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 1019 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25499 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site