IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ක‍ටාර් හොර ගමන අහුවේ

ව්‍යාජ  වීසා භාවිතා කරමින් කටාර් රාජ්‍යය හරහා ඉතාලියට පැන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල්  කර ආපසු මෙරටට එවනු  ලැබ සිටියදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු මුලතිව් පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පසුගිය 9 වෙනිදා මෙරටින් පිටවගොස් ඇත්තේ ඔහුගේ වලංගු ගුවන්බලපත්‍රය හා වීසා භාවිතා කරමින් බව පොලීසිය කියයි.

පසුව දෝහා කටාර් ගුවන්තාටුපොළේදී ව්‍යාජ ඉතාලි වීසා ස්ටිකරයක්  තම ගුවන්ගමන් බලපතේ අලවාගෙන ඉතාලියට යාමට උත්සහ කරද්දී එරට බලධාරීන් විසින්  ඔහු අත් අඩංගුවට ගෙන මෙලෙස ආපසු හරවා එවා තිබේ.

සැකකරු ඉතාලියට ගිය පසු එහි වෙසෙන ඔහුගේ  ඥාතියෙක් විසින් මෙරට ඒජන්තවරයෙකු වෙත මුදල් ලබා දීමේ  කොන්ත්‍රාත්තුවක් මත  ඔහු මෙලෙස ක්‍රියාකර ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදුකිරීමෙන් අනතුරුව සැකකරු මීගමුව මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 

 



අදහස් (0)

ක‍ටාර් හොර ගමන අහුවේ

සනත් අයගම Friday, 11 September 2015 02:57 PM

අහිංසක කෙනෙක් ගියොත් (අ)

:       0       0

සනත් අයගම Friday, 11 September 2015 03:01 PM

අහින්සක එකෙක් යන්න උත්සහ කලොත් එයාව අල්ලලා සවුත්තු කරනවා. උඩ පනිනවා ලොකු දෙයක් වගේ , කොච්චර නම් පට්ට හොරු ,පාතාලයෝ රට යනවද ..කෝ හොයනවද ,හෙව්වද , අර බ්ලුමැන්ඩල් සිද්දියම එයට උදාහරණ .උන් ඔක්කොම පැනගත්ත නේ එක හින්ද මේ වගේ බාල වැඩ ගැන අපිට කියන්න එපා (අ)

:       0       0

සණා Friday, 11 September 2015 03:45 PM

සනත් ඔබ; හරි මමත් ඔබ සමග (අ)

:       0       0

තිලක් [ කටාර් ] Friday, 11 September 2015 08:26 PM

මෙයාව අල්ලලා තියෙන්නේ කටුනායකින් නෙමෙයිනේ, කටාර් වලින් (නි)

:       0       0

තිලක් [කටාර්] Friday, 11 September 2015 08:31 PM

සනත්, ලංකාවේ බලධාරීන්ට බැනලා වැඩක් නැහැ. කටාර් ගුවන් තොටුපළේ හොර වැඩ කරන්න බැහැ. (නි)

:       0       0

මොහොමඩ් Saturday, 12 September 2015 05:21 AM

තිලක් ඔය හරි ලංකාවෙන් හොරට පැනගත්තාට මැදපෙරදිග ඒවා කරන්න බැහැ (අ)

:       0       0

තුවාන් Saturday, 12 September 2015 06:50 AM

ලංකාවෙන් ගිහිල්ල තියෙන්නේ වලංගු විසා එක්ක, තව පාරක් කියැව්වත් හොඳයි වගේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 129 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 176 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 448 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 394 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 313 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


බඹරු ඇන අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 20 203 0

තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 117 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 91 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site