IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කොටුව - මාතලේ අතර නව දුම්රියක්

ජනවාරි 20 වැනි දා සිට  කොළඹ කොටුව සහ මාතලේ අතර  නව දුම්රියක් ධාවනයට  යෙදවීමට  දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

සෑම සිකුරාදා  සහ සෙනසුරාදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 2.20ට පිටත්වන දුම්රිය පස්වරු 7.13ට  මාතලේට  ළඟාවන අතර  සෑම සෙනසුරාදා සහ සඳුදා දිනවල පෙරවරු 6.40 ට මාතලේ දුම්රිය ස්ථානයෙන්  පිටත් වී පෙරවරු 11.15 ට  කොටුවට  ළඟාවේ.

 

 

 



අදහස් (0)

කොටුව - මාතලේ අතර නව දුම්රියක්

කරුණාතිලක Wednesday, 11 January 2017 05:25 AM

වෙලාව සංශෝධනය වේවි කියා සිතනවා. ඒ වගේම කෝච්චිය මිනිසුන්ගේ සම්පතක්. දේශපාලනයෙන් මේ රටේ යම් යම් දේ හැදුනා වගේම නැතිවුණ එක ආයතනයක් දුම්රිය දෙපාර්තමේන්තුව. දැනට මේ වගේ සේවයක් හෝ ලබාදීම ගැන ඔවුනට ප්‍රශංසා කළයුතු වේ. යම් සේවයක් මහජනයා හට ලැබීම රටේ දියුණු තත්වයක් ලෙස දකිමි. (නි)

:       0       0

මොහමඩ් Wednesday, 11 January 2017 08:30 AM

මාතලේ දුම්රිය මාර්ගය ඉතා අබලන් තත්වයෙය් තියෙන්නේ.මෙහි ගමන් කළ හැක්කේ අැක්සල් ලෝඩ් අඩු දුම්රියන් පමණි. හැකිනම් මහනුවර සිට මාතලේ දක්වා වූ දුම්රිය මාර්ගය යාරයට රාත්තල් 90 රේල් පීලි යොදා සකස් කළ මැනවි (බ)

:       0       0

නිමල්රජපක්ෂ Tuesday, 10 January 2017 10:34 AM

මේක කාලෝචිත ක්‍රියාවක් ,නමුත් ඉරිදා දිනයටත් මාතලේ සිට කොටුවට දුම්රියක් ධාවනය කරවන්න මොකද ,විශාල රජයේ හා පෞද්ගලික ආයතනවල සේවකයන් ගමන් පහසුව සදහා, (බ)

:       0       0

චමින්ද Tuesday, 10 January 2017 11:02 AM

ඉතාමත් හොඳ තීරණයක් . කොළඹින් සවස 12.40 සිට 15.30 දක්වා මහනුවර ට මාතලේ ට යාමට දුම්රියක් නොමැත. එම වෙලාව මේ සදහා යෙදවීම අගය කරමි (ම)

:       0       0

කසුන් Tuesday, 10 January 2017 11:08 AM

නියමයි. මේක නම් ඉතාම හොඳ වැඩක් (නි)

:       0       0

සම්පත් Tuesday, 10 January 2017 11:12 AM

මේ වගේ වැඩනේ කරන්න ඕනෑ. හොඳ වැඩක් (නි)

:       0       0

කපිල Tuesday, 10 January 2017 11:17 AM

අගය කළයුතු වැඩක් (නි)

:       0       0

ඩී. පී. ලියනගේ Wednesday, 11 January 2017 01:52 AM

මෙය සෑම දිනකම ධාවනය කිරීමේ හැකියාව සොයා බලනමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරුණාවෙන් ඉල්ලමි. ටික දිනක් යනවිට මගීන් මෙම දුම්රියට හැඩගැසේවි. එ් නිසා සේවයක් සැළසිය හැකිවේවි (නි)

:       0       0

ඩිලාන් Tuesday, 10 January 2017 11:53 AM

හදවතින්ම සතුටුවෙනවා (නි)

:       0       0

කීර්ති Tuesday, 10 January 2017 12:10 PM

ඉතාම හොඳ තීරණයක්. එසේම මහනුවර කොළඹ නගරාන්තර දුම්රිය සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම දින කීපයකට කලින් සිදු කළයුතුයි. එමනිසා දෙවන පංතියේ සහ තුන්වන පන්තියේ තවත් මැදිරි කිහිපයක් එකතු කළහොත් ඉතාමත් යෝග්‍යයයි. බලධාරීන්ගේ කාරුණික අවධානය යොමුවේවා! (නි)

:       0       0

දිලිප් Tuesday, 10 January 2017 12:17 PM

කොළඹින් 12.40 සිට 4.35 දක්වා නුවරට සාමාන්‍ය දුම්රියක් නෑ මේක දිනපතා ධාවනය කරන්න 12.40 හැටන් දුම්රියේ මැදිරි 5 ගාර්ඩ් පෙට්ටි බාග 2ක් ගියාම 04 ඉතුරු පොඩ්ඩක් එ්වෙලාවට ගිහින් බලන්න ඇමති තුමා (ප්‍රවාහන එක්කෙනෙක් ඉන්නවනම්) කොච්චර සෙනග ඉන්නවද කියල (බ)

:       0       0

අමල් Tuesday, 10 January 2017 01:36 PM

පසුව හරි මාතලේ මතක් වුන එක ගැන සතුටු වෙනවා. එ්ත් මේ වෙලාව සාධාරණද යන්න ප්‍රශ්නයකි. හවස 2.20 වෙනකොට කොළඹ මොන කන්තෝරුවද වැඩ අවසන් වෙන්නේ.. ඒ වගේම සඳුදා උදේ මාතලෙන් එන්න ගියොත් වැඩට එන්න වෙන්නේ 11 වෙනකොට.කොහොමත් හවස බස් එකෙන් මාතලේට යන්න පැය 6ක්ම යනවා. සිකුරාදා සඳුදා විතරක් මේ දුම්රිය ධාවනය කරන්නේ වැඩි පිරිසක් යන නිසා. වැඩිපුරම වැඩ කරන අය වෙනුවෙන්. ඒ නිසා මේ වෙලාව සංශෝධනය වෙනවා නම් හොදයි. නැත්නම් නමට දැම්මා වෙනවා...(බ)

:       0       0

සචිත් Wednesday, 11 January 2017 04:21 AM

මේ වගේම කැලණිවැලි දුම්රිය මාර්ගයටත් අවදානය යොමු වෙනවා නම් හොදයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1319 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2347 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 327 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1029 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9567 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3593 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site