IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කොටුවේ හිටපු රෙජිස්ට්‍රාර්වරියට එරෙහි නඩුව වෙනත් උසාවියකට මාරු කරන්නැයි ඉල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)


කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාවට ඇප මත මුදා හැර සිටින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු රෙජිස්ට්‍රාර්වරිය වන රංජනී සිරියලතාට එරෙහිව ඇති නඩුව වෙනත් අධිකරණයකට යොමුකරන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් ඉල්ලීමක් කළේය.

රංජනී සිරියලතාගේ සේවා ස්ථානය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වූ බැවින් මෙම ඉල්ලීම කරන බව ඇය වෙනුවෙන් පෙනී නීතිඥවරයා පැවැසුවේය.

රංජනී සිරියලතාට එරෙහිව ගොනුකර ඇති කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාවට අදාළ නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම ඉල්ලීම සිදු කළේය.

නීතිඥවරයාගේ එම ඉල්ලීමට අධිකරණයේ විරෝධතාවක් නොමැති වුවත් වෙනත් අධිකරණයකට නඩුව යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කළේය.මූලික විමර්ශන අවසන් වූ පසු චෝදනාවට අදාළ අධි චෝදනා පත්‍රය මහාධිකරණයේ ගොනු කරනු ඇති බවත් එතෙක් වෙනත් අධිකරණයකට නඩුව යොමු කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ ඉල්ලීම අධිකරණ සේවා කොමිෂන් සභාවට කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පැවැසුවේය.

විදේශ ගමන් තහනම ඉවත් කර ඇති බවට ආගමන විගමන පාලක ජනරාල්වරයාට නිකුත් කළ ව්‍යාජ ලේඛනවල දැක්වෙන අත්සන ඇයගේ බවට තහවුරු වී ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී තිබෙන බවද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

කොටුවේ හිටපු රෙජිස්ට්‍රාර්වරියට එරෙහි නඩුව වෙනත් උසාවියකට මාරු කරන්නැයි ඉල්ලයි

kotiya Thursday, 14 March 2024 01:42 AM

කොහොමටත් තව අවුරුදු 50ක් වත් අහන්න තියෙන නඩුවක්නේ.

:       0       0

Rohana Thursday, 14 March 2024 11:32 AM

උසාවියක ඉහළ තනතුරක් දරමින් මෙවැනි ක්‍රියාවලට පෙළඹීමෙන් තමන් ආදර්ශමත් කෙනෙකු නොවන බව කවුරුත් දැනගැනීම හොඳ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 430 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 132 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1922 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2377 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3756 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site