IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘කොටස් වෙළඳපොළේ කෝටි ගණනක කොටස් රැස්කර ගනී‘

වෙනත් ගනුදෙනුකරුවන්ට විකිණීමේ අරමුණින් රජයේ සුරැකුම් මිලට ගන්නා සමාගමක් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම පසුගිය දෙමාසයේ දී එවැනි මිලට ගැනීම් සිදුකර ඇතැයි කියති.

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්ක සිද්ධියේදී මෙම සමාගම මතභේදයට ලක්විය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සහ පර්පෙචුවල් ඊක්විටීස් සමාගම් එන්ඩීබී බැංකුවේ (ජාතික සංවර්ධන බැංකුවේ) රුපියල් මිලියන 10ක කොටස්  ඇතුළු රුපියල් බිලියන 1.6ක කොටස් මිලට ගෙන ඇතැයි වාර්තාවේ. පසුගිය මාසයේ මෙම කොටස්වල වටිනාකම රුපියල් මිලියන හයකට වඩා වැඩි බව කියති.

පර්පෙචුවල් සමගාමට සම්බන්ධ තවත් ආයතනයක් වනුයේ තර්ස්ටන් ඉන්වෙස්ට්මන්ට්ස් ආයතනයයි.

සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ ද ඔවුන් වැඩි වශයෙන් ආයෝජන කර ඇති අතර එහි කොටස් හිමිකරුවන් අතර පළමු දස දෙනා අතරට ඇතුළත් වී ඇතැයි ඩීඑෆ්සීසී (ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් කෝපරේෂන් ඔෆ් සිලෝන්) කොටස් තැරැව්කරුවෝ කියති.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වත්මන් අධ්‍යක්ෂවරුන් වනුයේ ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, චිත්‍රා රන්ජන් හුළුගල්ල, අජාන් ගාර්ඩියේ පුංචිහේවා සහ හෙට්ටියාදුර ශිරාන් සංජීව ප්‍රනාන්දු යි.

‘එම වත්මන් ගනුදෙනු සමග ඔවුන් එන්ඩීබී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල පුටුවට එන්න උත්සාහ කරනවා‘ යැයි කොටස් තැරැව්කරුවෝ කියති.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ ධූරයෙන් අර්ජුන් ඇලෝසියස් අස්වූයේ 2015 ජනවාරි 16 වැනිදාය. ඒ ඔහුගේ මාමණ්ඩිය වූ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වී දින කිහිපයකට පසුවය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම 2016 මාර්තු මාසයෙන් අවසන් වූ වසරක කාලයේ දී රුපියල් බිලියන 5.1ක (රුපියල් කෝටි 510) ලාභයක් පෙන්නුම් කර ඇතැයි සමාගම් වාර්තාවන්හි සඳහන්වේ. එය පෙර වසරට වඩා සියයට 430ක වර්ධනයකි. සිකුරාදා කෝප් කමිටුව බැඳුම්කර සිද්ධියේ පරීක්ෂණ වාර්තාව එළි දැක්වීය. 2015 පෙබරවාරි 27 සිදුවූ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් ඊට බලපෑමක් කර ඇතැයි එහි සඳහන් වේ. එසේම එයින් සිදුවූ පාඩුව රජයෙන් පියවා ගැනීමටඅවශ්‍ය කටයුතු යෙදීම පාර්ලිමේන්තුවේ වගකීමක් බවද කෝප් වාර්තාවේ සඳහන්ය.

එන්ඩීබී බැංකුව නොවැම්බර් 30 වැනිදා සිට ප්‍රධාන විධායකයකු නොමැතිව කටයුතු කිරීමට යයි. ප්‍රධාන විධායක නිලධාරී රාජේන්ද්‍ර ත්‍යාගරාජා මාස තුනක කාලයක සිට දන්වා සිටියේ ඔහුගේ කාලය අවසන් බවයි. ත්‍යාගරාජා මහතා පසුගිය අගෝස්තු මාසයේ විශ්‍රාම ගියේය. බැංකුව අනුප්‍රාප්තිකයකු නම් කර නැත.  

 



අදහස් (0)

‘කොටස් වෙළඳපොළේ කෝටි ගණනක කොටස් රැස්කර ගනී‘

සාගර Sunday, 30 October 2016 09:38 AM

ඔය කියන බැංකුවේ සහ මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කරලා තියෙන කට්ටිය දැන්මම පරිස්සම් වුනොත් හොදය ...නැත්නම් අර එක ආයතනයක කට්ටියට වුන දේම සිදු වෙන්න පුළුවන්...(බ)

:       0       0

නිමල් ලාලිත Monday, 31 October 2016 01:48 AM

යහ පාලන අගමැතිගේ අනුහස.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 51 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 188 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 365 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 126 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 733 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 495 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site