පුරාණ චාරිත්‍රනාකුලව පැවැත්වු කඨින පිංකමක කඨින වස්ත්‍රය පඩු පොවා එය සිවුරක් ලෙස සකසා මහා සංඝරත්නයට පුජා කිරිමේ පිංකමක් මාතලේ කයිකාවල කයිනැක ශ්‍රි ඉසිපතනාරාම විහාරස්ථානයේදි පැවැත්විණි.
පුරාණයේ පාංශකුල රෙදි මෙසේ සකස් කරගෙන සංඝරත්නය සදහා චිවරයක් ලෙස සකස් කර පුජා කළ අතර විවිධ ගස් වර්ගවල පොතු සහ වෙනත් දේ උපයෝගි කරගනිමින වර්ණ ගල්වා පඬු ඔරුවෙහි දමා සකස් කර චිවරවරක් ලෙස සකසා මහා සංඝරත්නයට පුජා කිරිම සිදු වන බව බුලත්වත්තේ සුමංගල හිමියෝ පැවසුහ.
මෙම පිංකම ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ අධිකරණ සංඝනායක දේවිල්ලේ දේවරක්ඛිත නායකහිමිගේ අනුශාසනා පරිදි අලකොලමඩ ධර්මාධාර පිරිවෙනේ පරිවෙණාධිපති ගලලියද්දේ අරියධම්ම,මාවනැල්ලේ ධම්මදේව යන හිමිවරුන්ගේ මුලිකත්වයෙන් සිදුවිය. කිවුල නිල්දිය දහර පදිංචි අතුල රත්නසිරි මහතා ඇතුළු පවුලේ අය දායකයෝ වූහ.
කඨින චීවර පූජාව
පඬු ඔරුව
සිවුර මසයි
පඬු පෙවිමට ගන්නා ද්‍රව්‍ය
පඬු පෙවිම සදහා වර්ණ සකසයි
පඬු පෙවිම පියවරෙන් පියවර
සිවුර මහා සංඝරත්නයට පුජා කරයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කඨින වස්ත්‍රය සිවුරක් කරන්නේ මෙහෙමයි
නලික් Tuesday, 21 October 2014 05:48 AM
සාදු! සාදු! ආදර්ශමත් දෙයක් (නදී)
ලක් Tuesday, 21 October 2014 05:51 AM
හරි වටිනවා.(නදී)
සෙනරත් Tuesday, 21 October 2014 06:22 AM
ඉතාම වටිනා විස්තරයක්. මමත් අද තයෙි සිවුරක් පඩුපොවන හැටි දැක්කේ. මෙයට සහභාගිවුනු සියලුම දෙනාට ගොඩක් පින්.(අ)
ඉන්දික වීරසිංහ Tuesday, 21 October 2014 06:26 AM
කඨින සිවුරක් පූජා කිරීම අට මහා කුසල් වලින් මුලින්ම කියවෙන මහත් ඵල මහානිශංස ලැබෙන පුණ්‍යකර්මයකි . අටමහ කුසල් මෙසේය . 1.කඨින සිවුරක් පූජා කිරීම 2.අටපිරිකර පූජාකිරීම 3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම 4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම. 5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම. 6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම 7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම 8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම. යන මේ පිංකම් අට අටමහා කුසල් නම් වේ.(හේ)
සමීර ජයසිංහ Sunday, 16 October 2016 01:46 AM
කඨින චීවරය ගැන බුද්ධ දේශනාවේ සඳහන් ආකාරයටම ඉගෙනගන්න ගොඩක් කැමතියි. පුළුවන් කෙනෙක් උදව් කරන්න. තෙරුවන් සරණයි. (නි)
කපිල Tuesday, 21 October 2014 07:02 AM
වටිනාකමක් ඇති පුවතක් (අ)
සුරංග Tuesday, 21 October 2014 04:46 AM
බොහෝ පින් සිදුවෙන වැඩක්! හැමෝටම ආදර්ශයක්. (නි)
ලුම්බිණි Tuesday, 21 October 2014 05:16 AM
මම හිතන විදියට පුරාණ කාලේ සිවුර මහන්න ඇත්තේ මෙතන පෙන්නන විදියට වෙන්න බැහැ. (නදී)
චමින්ද Tuesday, 21 October 2014 05:38 AM
විශාල පින්කමක්.... ඒ උනාට පඬු පෙවීම සිදු කරන්නේ ස්වාමින් වහන්සේලා විසින්මනේ. ගිහියනට මේ ගැන දැනීමක් නැද්ද ? (නදී)