IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


කුඩු අංජුට ප්‍රංශයේ වයින් සමාගමක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රත්මලාන කුඩු අංජු නැමැත්තාට ප්‍රංශ වයින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායි රටේ වතුර බෝතල්  නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවත්වා ගෙන යන අයකු බවට එම රටවලින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙස ජීවත් වන නිසා වෙනත් අයකුගේ නමින් මෙම කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යන බවද එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැනගැනීමට ඇත.

ඩුබායි රටේ මොහුට වතුර බෝතල් කර විකිණීමේ කර්මාන්ත ශාලාවක් ද, ශරීර සුවතා මධ්‍යස්ථානයක් ,සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක්ද තිබෙන බව ද එම රටෙන් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි  මාර්ග සඳහන් කරයි.

මෙම ගොඩනැගිලි සංකීර්ණය ඔහු කුලියට ලබා දී ඇතැයිද කියති.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැලකෙන ඩුබායි රටට පලාගොස් සැඟව සිටින බටුවිට චාමර සහ ගල්කිස්සේ ජූඩ්නැමැත්තෙකු මෙම ව්‍යාපාර කටයුතුවලට හවුල් කරගෙන සිටින බවද එම රටෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් දැන ගැනීමට තිබේ.

කුඩු අංජුනැමැත්තා මේ වන විට ප්‍රංශ අධිකරණයක් මගින් මෙම මස 4 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

 

 



අදහස් (7)

කුඩු අංජුට ප්‍රංශයේ වයින් සමාගමක්

Prabha Wednesday, 03 May 2023 12:35 AM

දැන් ඔය ටික මංකොල්ල කාලා වෙඩි තියලා මරයි මදුෂ් වගේ

:       7       9

chandima Wednesday, 03 May 2023 06:52 AM

ewwa ehe rajasanthaka karanna nam denna epa.

:       2       1

Perera Wednesday, 03 May 2023 07:07 AM

ජරාපක්ෂලාගේ මාටියා සල්ලිද?

:       10       19

දියවන්නාවේ කිබුලා Wednesday, 03 May 2023 07:33 AM

තව දේශපාලන ව්‍යවසායකයෝ ඉන්නවා එයාලාට පිට රටවල කොම්පැනි තියනවා ඔයිට වඩා ලොකු. කුඩු අංජු කුඩු විකුනලා කලා කියතෑකි. ඒත් අර දේශපාලන ව්‍යවසායකයෝ එච්චර සල්ලි උපයලා ගත්තේ කොහොමද කියලා රහස් පරීක්ශකයින්ට වත් හොයා ගන්න බෑ.

:       4       20

චමින්ද Wednesday, 03 May 2023 07:54 AM

එහෙනම් ඉතින් මොන මගඩියක් කලත් ලංකාවෙන් ප්‍රශ්නයක් වෙන්න බැහැ

:       1       9

SL Wednesday, 03 May 2023 08:27 AM

මේ රටේ තරුණ කොල්ලන්ට කුඩු අයිස් පොවලා ,උන්ගේ ජීවිත නොමරා මරල හම්බ කරපුවගෙන් මුන් සැප ගන්නවා. මේ රටේ ඉන්න ජනාධිපති ගේ ඉඳල ඉන්න පාලක පිරිස, පොලිසිය, අධිකරණය,නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ජීවත් වෙන උන් මේ වගේ තිරිසන්නු නිදහසේ ඉන්න එකට වගකියන්න ඕනේ මේ වෙනකොට හමුදාවේ ඉහල නිලයන් පවා කුඩු වලට ඇබ්බැහි වෙලා, මෑතක දී දියතලාවෙන් මේ බව ඔප්පු වුනා. රට කොහාටද යන්නේ? තවත් මෙක්සිකොවකට ?? මුන්ගේ දොලපිදේනි වලින් තමන්ගේ පවුල් නඩත්තු කරලා ,මුන්ව නිදහසේ තියන උන්ට හෙන ගහන්න ඕනේ

:       1       35

ගමේ එකාලා Wednesday, 03 May 2023 01:14 PM

ඔය විදියට හම්බ කරලා සැප විඳින එවුන් පණපිටින් අපාගත වෙන්නයි ඕනේ... පව්කාර වැඩ...!

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 107 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 688 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 751 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


නව විගණකාධිපති කවුද? තීරණය 22
2025 අප්‍රේල් මස 19 647 0

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා
2025 අප්‍රේල් මස 19 1423 0

කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම


පියාගේ ටිපරයට යටවී සිඟිත්තා මරුට
2025 අප්‍රේල් මස 19 563 0

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 94 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site