බණ්ඩාරගම පැත්තේ පදිංචි බෙහෙත්හල් සේවකයකු පිළිකා රෝගීන්ට දෙන වේදනා නාශකයක් වන මිලි ග්‍රෑම් තිහේ බෙහෙත් පෙත්තක් කුඩු කාරයකුට රුපියල් 300 ගණනේ විකුණමින් සිටිය දී දෙහිවල නගර සභාව අසළ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු ළඟ එවැනි පෙති තිහක් තිබූ බවත් එම බෙහෙතේ ප්‍රධාන මූලද්‍රව්‍ය අබිං බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පුළුවන් තරම් පිලිකා රෝහලට ආධාර කරනවා. මුන් හොරකම් කරනවා. (ස)
මෙන්න මුන්ට තමයි මරණ දඬුවම් දෙන්න ඕන. (ස)
ඕක ලෝකය පුරාම තියෙන තත්ත්වයක්. නිම නොවෙන වේදනාවන් ඇති අයට "හයිඩරෝකෝඩන්", "ඔක්සිකෝඩන්" වැනි වේදනානාශක දෙනවා. ඒවට කියන්නේ නාකොටික් පේන් කිලර් කියලා. සමහරක් ඒවා ටිකෙන් ටික ඒවායේ ගුණය ශරීරයට මුදාහරින පෙතිවර්ග නිසා පැය ගණනාවක් ශරීරයට එහි ප්‍රතිපල දැනෙනවා. ඇමරිකාව වගේ රටවල පවා කුඩුකාරයෝ ඒවා රෝගීන්ගෙන් මිළදී ගන්නවා. රිය අනතුරු වලින් පස්සේ දීර්ඝ කාලයක් එම පෙති ගන්න සමහර දුප්පත් අය මාසේ වියදම හොයාගන්න එයින් කොටසක් හොරෙන් විකුණනවා. නමුත් ඒක නීති විරෝධී වැඩක්. විකුණලා අහුවුණොත් මත් කුඩු විකිණුවා හා සමාන දඬුවම් ලැබෙනවා. (නි)
සල්ලි හොයන්න මොන තරම් අපරාධ කරනවද .හරියට කල්පයක් ජීවත් වෙනවා වගේ . (ස)