රුපියල් ලක්ෂ 25ක් පමණ විදී වටිනාකමක් ඇති හෙරෝයින් මත් කුඩු කිලෝවක් ත්‍රිරෝද රියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයක ත්‍රිරෝද රියට වෙඩි තබා අළුබෝමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි. කලක පටන් මෙම සැකකරු ත්‍රිරෝද රියෙන් කුඩු ප්‍රවාහනය කරන බවට පොලිසිය ලැබූණු තොරතුරක් මත රැක සිටි පොලිසිය සැකකරුට ත්‍රිරෝද රිය නවතන ලෙස සංඥකර ඇති අතර ඒ අවස්ථාවේ ත්‍රිරෝද රිය නොනවත්වා ධාවනය කර ඇත. පසුව ඔහු පිටුපස කිලෝ මීටර් පහක් පමණ ලුහු බැඳගොස් අළුබෝමුල්ලේ දී ත්‍රිරෝද රියට වෙඩි තබා ඇත. වෙඩි පහරත් සමග එය පෙරළී ඇති අතර ඒ අවස්ථාවේ සැකකරු පැන යාමට උත්සහ කළ ද ප්‍රදේශවාසීන්ගේ සහායෙන් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. මත් කුඩු පැකට් 40 බැගින් අඩංගු කුඩා ගුලි 200ක් එහි තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දහදෙනාටම ඒ කෙනා අල්ලා ගන්න බැරි වූ නිසාද අන්තිමට වෙඩි තැබුවේ? (නි)
එයාගේ ෆොටෝ එක පළකළානම් හොඳ නැද්ද ?(දිල්)
දැන් ඉතින් සේ පොලීසියේ මාමලා මේ කුඩු වලට මොකද කරන්නේ? (නදී)
පොලිසියේ මහත්වරු බලාගෙනයි?.ඔබ තුමාලට දුර පළාත් වලට මාරුවීම් ලැබෙයි.(නදී)
අර කුඩු කිලෝ 256 හෝ 139 ට මොකද වුනේ? කවුරු හරි කියනවද? (නදී)
කිලෝ එකට වැඩියෙන් ගෙනියන ප්‍රාඩෝ, ලෑන්ඩ්කෘසර් වගේ ඒවත් ඇල්ලුවොත් නරකද......(නදී)
කිලෝව මිලි ග්‍රෑම් වලට බහිද දන්නේ නැහැ නේද? (නි)
රට කොහේ යනවද දන්නේ නෑ (දිල්)
දැන් දැන් කුඩු ගෙන්වීම වැඩි වෙලා වගේම අල්ලන එකත් වැඩි වෙලා.(දිල්)
රට ඇතුලත කුඩු බෙදා හැරීම අල්ලන්ඩ පෙර රට ඇතුලට කුඩු මහා පරිමාණයෙන් ගෙන්නන අය අල්ලලා කුඩුවලට දැම්මනම් තම හරි. එදෙ නතර නොකර පොඩි පොඩි සිල්ලර වෙළෙන්දෝ පමණක් ඇල්ලුවට මේ කුඩු සෙල්ලම නවතින්නේ නෑ.(දිල්)
අනේ! මේවා අහනකොටත් දුක හිතෙනවා. (නි)
අර කුඩු කිලෝ 130ක් නැතිවුණ කතාවකුත් තිබෙනවා නේද? (නි)
ඔය වගේම කුඩු ප්‍රවාහනය කරන ලොකු ලොකු වාහනත් දිගටම අල්ලන්න (දිල්)
අපි හැමෝම එක්වෙලා ජාති ආගම් භේද අත්හැරලා අපේ රට මත් උවදුරින් බේරාගන්න අත්වැල් බැඳගනිමු. (නි)
ඔය කුඩු කාට අයිති ඒවා වෙන්න ඇද්ද? (නි)
කුඩු කඩ කුඩේ කුඩු කරමු. (නි)
වැඩේ නම් හොද අපූරුවටම කරලා තිබෙනවා. (නි)
එතකොට අර කුඩු ගෙනාපු කන්ටේනර් එකට මොකද වෙන්නේ? (නි)
මේවා කාගේ බඩුද දන්නේ නැහැ. (නි)
ඔය පොඩි පොඩි අයගේ කුඩු අල්ලන්නවා වගේම ලොකු ලොකු අයගේත් කුඩු අල්ලන්න ඕනෑ. (නි)
මේ පාරවත් නිවැරදිව ක්‍රියා කළ එකට අපි සතුටුයි. (නි)
පොලිසියේ නිලධාරීන්ට දෙවියන්ගේම පිහිටයි! (නි)
තොග වශයෙන් කරදරයක් නැතිව බඩු එනවිට , සිල්ලර අංශයත් නියමෙටම ක්‍රියාත්මක වන බැවි ඇසුරුම් වලින්ම පෙනෙනවා.(නදී)
දැන් දැන් අහන්න ලැබෙන්නේ මේ වගේ නරක පුවත්..පේනවා නේද රටේ විනාසය (දිල්)