දිවයිනේ මධ්‍යස්ථාන 4500 කදී පමණ පහේ සිසුහු තුන් ලක්ෂ අසූපන්දහසක් පමණ අද පෙරවරු 9.30 ට පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිති.
විභ්‍යවතාමාන හා බහුවරණ වශයෙන් ප්‍රශ්ණ පත්‍ර දෙකකි.
ජනප්‍රිය පාසැල් වලට සිසුන් තෝරා ගැනීමේ කඩඉම් විභාගය මෙය වෙයි.
වීඩියෝ දීපාල් සිල්වා







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ළමයත් අද විභාගෙට වාඩිවෙනවා.දරුවට හොඳින් විභාගයේ වැඩකටයුතු කරගන්න තිසරණ සරණේ ආශිර්වාදය ලැබේවා! (නි)
ඉසුරන්දි ගේ දරුවාට ජය පතනවා. ඒවගේම මේ විභාගයට මහන්සි වෙලා සාධාරණව ඉහලින් සමත් වෙන දරුවන්ට ජනප්‍රිය පාසල් ලැබෙද්දී අසාධාරණ නොවේවා කියලාත් පතනවා. දේශපාලක ලැයිස්තු වලින් දාපු ළමයින් නිසා ඇතැම් දරුවන්ට ජනප්‍රිය පාසල් වල ඉඩ මදි වුනා කියලා පසුගිය කාලයේ ආරංචි වුනා. (දී)
හැමෝටම සුබ පතනවා . හැබැයි මේ විභාගේ නවත්තල දාලා 8 වැනි පන්තියේදී විතර තරඟ විබාගයක් තිබ්බනම් ළමයින්ටත් තේරුම් බේරුම් තියෙනවා නේද ? (දී)
ඔව් ඉසුරන්දි ඔබගේ වගේම සියලු විබාගයට වාඩිවන දරුවන්ගෙ දේමාපියන්ගෙ හදවත්වල සතුටුමල් පිපේවා. (දී)
අම්මල හාර ලක්ෂයක් දිවා රාත්‍රී නොබලා අවරුදු තුන හතරක් ටියුෂන් මස්ටර්ලගේ පස්සේ බඩ ගාල ඉතාමත් වෙහෙස මහන්සියෙන් පාඩම් කරලා අද විභාගේ ලියනවා.මම අම්මලට සුබ පතනවා.. (දී)
ඉසුරන්දි ඔයාගේ හිතේ තියන ඒ පැතුම වගේම ලක්වැසි සියලුම පොඩ්ඩන්ට හොදින් කඩ ඉම ජය ගන්න තෙරුවන් සරණ ලැබේවා කියා මා ප්‍රර්ථනා කරනවා....ජයවේවා දුවේ ,පුතේ .... (දී)
බොහොම කලකට කලින් න් මමත් මේ විභාගයට ලියලා ජය ගත්තා. අපිට නම් කිසිම පීඩනයක් තිබුනේ නැහැ. අමතර පන්ති යවන්න කියලා අම්මලාට තෙහෙට්ටු වුනෙත් නැහැ. පාඩම් කරන අතරේම විනෝද චාරිකා පාසලේ බාහිර වැඩ, සියල්ලටම සහභාගී වුනා. දැනුම බෙදා ගත්තා. අපේ අම්මලා ට අනිත් දරුවන් ගැන කුහක කමක් හිතේ තිබුනේ නැහැ. මට නම් පහේ ශිෂ්‍යත්වය ගැන තියෙන්නේ බොහොම සුන්දර මතකයක්. ඉසුරන්දි ගේ දරුවා ඇතුළු සැමට ජය පතමි. (නදී)
අපේ හිතවත් ඉසුරන්දිගේ දරුවා ඇතුළු සියලු දරුවන්ට සුබ පතමි! මමත් ඔය විභාගෙට ලිව්වා......ගොඩ යන්න නම් බැරිවුනා.......ඒ වගේම, අම්මලාටත් සුභ පතන්න ඕනේ.මොකද ගොඩක් අම්මලත්, ඔය විභාගයට වාඩි වෙනවා. (දී)
බන්දුල පෙරේරාගේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිපල කොහොමද දන්නේ නැහැ. කුහක නැතිව මේ ළමයින්ට සුභ පතන්නකෝ බන්දුල . අපි නම් ඔන්න සැමට ජය පතනවා. (දී)
ජයන්ත මහත්තයෝ..කුහක කමට කියන දෙයක් නෙමෙයි..ඔබ තුමා දන්නවද පහ වසරේ ශිෂත්ව පන්තියට ළමයි ගන්නේ දෙක වසරේ ඉදල කියල..ඒකට ගන්නෙත් විභාගයක් තියල.පහේ ශිෂ්‍යත්වේ කට්ටියකට දැන් හොද ඉල්ලමක්..ගරන එක ගරනවා පරම්පරා හතකට...මේක දැන් අම්මලාගේ විභාගයක් වෙලා තියෙන්නේ.. දෙක වසරේ ඉදල පොඩි එවුන්ගේ ළමා කාලය විනාශ කරලා හරක් ගාල් කරනවා වගේ ටියුෂන් මඩු වලට ගාල් කරන මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන..මාත් ඕක පාස් වෙලා ගමේ ඉස්කෝලෙන් කොලබ ඉස්කෝලෙකට ගිහින් ඉගෙන ගත්ත කෙනෙක්..අපේ කාලේ මේ විගඩම් තිබුනේ නැහැ.මේක දැන් ළමයි වෙළද භාණ්ඩයක් කරගෙන කරන මහා පරිමාන ව්‍යාපාරයක්. (දී)
මමනම් දරුවාගේ ඔලුවට බරක් දුන්නේ නැහැ. එයා පාස් උනත් නැතත් හැමවිටම උපදෙස් දුන්නේ පාසලේ වාරවිභාගයක් සේ හිතලා වැඩ කරන්න කියලයි. නමුත් ඕනෑම දෙමපියෙකුගේ යටි හිතේ යම් බලාපොරෝතුවක් තියෙනවා තමන්ගේ දරුවා ඉහලින් පාස් වෙනවා දකින්න. මටත් ඒ අහිංසක හැගීම නැතුව නොවෙයි. (දී)
බන්දුල, ඔයා කියන දේ මේ රටේ හැමෝම දන්නවා. මේ අවස්ථාවේ හැටියට විභාගයට වාඩිවෙන දරුවන්ට ජය පතනවා මිසක් ඇද හොයලා වැඩක් නැහැනේ. (නි)
ඇද හොයන එක ස්ටැන්ලි මහත්තයලා කරයි. (ගියපාර නම් ප්‍රශ්න පත්තර පිට වුන කථාවක් කියලා නා ගත්තා) අපිට තියෙන්නෙ සුභ පතන්න. (නදී)
මගේ පුතා කිව්වා අමාරු නැහැ කියලා. ඒත් ඉතින් ප්‍රතිඵල එනතුරු කියන්න බැහැ කොහොමද කියලා. (නි)