නුගේගොඩ ඇඹුල්දෙණියේ බ්‍රිතාන්‍ය කතක හා ලාංකිකයකු සිටින නිවසක අවි කිහිපයක් ඇතැයි කියන තොරතුරක් මත එම නිවස වැටලූ බව මිරිහාන පොලිසිය කියයි. වායු රයිෆල් 16ක්, කඩු 242ක්, ලොකු කිනිසි 42ය, පොඩි කිනිසි 53ක්, සෙල්ලම් පිස්තෝල 56ක්, පිහි 60ක්, මූණිස්සම් ටින් 16ක්, හා දුරබලන කණ්නාඩි 11 සොයා ගත් බව පොලිසිය කියයි.
එම නිවසින් රට පළලුන් හත් දෙනකු ද, බල්ලන් තුන් දෙනකු ද සොයා ගත් බවත්, එම සතුක්ගේ මල දෙමහල් නිවසේම තිබූ බවත් ඩෙංගු මදුරු මර්දන නිලධරයන් මුලින්ම මේ නිවස පිරික්සා ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වායු රයිෆල් තියාගන්න බලපත්‍ර අවශ්‍ය නැහැ.කඩු කිනිසි ගැන තමයි ප්‍රශ්නේ.හැබැයි හොරකමකට මංකොල්ලකෑමකට නම් මේවා මේ තරම් තොග ගහගන්නේ නැහැ කව්රුවත්.මට හිතෙන හැටියට නම් අස්වාභාවික විනොදාශ්වාදයක් දෙන්නාගෙන් කාගේ හරි.. (නි)
මේ ලංකාවේ කෙනා ගේ වරිගේ කිවොත් මට කියන්න පලුවන් මේක ඇත්තක් ද කියලා. මොකද සිංහල යන්ට නොදනී රට ආක්‍රමනය වන නිසා (නදී)
ලංකාවේ කෙනෙක් සුද්දෙක් හරි සුද්දියෙක් හරි බැදලා ගෙවල් අරන් ලස්සනට ජිවත් වෙන කොට සමහර අයට ඉවසන්න බෑ. මේක ඉරිසියාව ට කරපු වැඩක් වන්න ඇති.(නදී)
පිටරට එකෙක් වරදක් කරලා අහු උනාම පුදුම කැක්කුමක් තියෙන අය ඉන්නවා. මේ අය ඉන්නේ මේක බටහිර යටත් විජිතයක් වෙනතුරු ඇගිලි ගැන ගැන. වායු රයිෆල් 16ක්, කඩු 242ක්, ලොකු කිනිසි 42ය, පොඩි කිනිසි 53ක්, සෙල්ලම් පිස්තෝල 56ක්, පිහි 60ක්, මූණිස්සම් ටින් 16ක්, හා දුරබලන කණ්නාඩි 11 තියාගෙන ඉන්න ඇත්තේ ලොකු නාට්‍යක් පෙන්නන්න වෙන්න ඇති. රූපවති උඹලා එංගලන්තේ රජ්ජුරුවන්ගේ බැල මෙහෙවර කෙරුවට කමක් නෑ මේක යටත් විජිතයක් කරන්න හදන උඹලට සිහිනය දවල් හීනයක් බව විතරක් මතක තියාගෙන මිය පරලොව යන්න වෙන බව හිතාගන්න.(නදී)
ඉන්දික,මෙතන වායු රයිපල් විතරක් නෙමෙයිනේ තියෙන්නේ ... කඩු,කිනිසි,කුඩා පිහි,පතුරම් පෙට්ටි,දුර බලන කන්නාඩි, ඒවායෙන් මිනි මරන්න පුළුවන්නේ අනික පොඩ්ඩක් හිතන්න කඩු 242ක් ... විනොදෙට එක්කහු කරනවද මෙච්චර දේවල් මොනවටද?... රොනී ... හැම එකකටම ජිහාඩ් ඇදගන්න එපා ...එලිසබෙත්(රුපවති) එංගලතෙත් මේවට ඉඩ දෙනවද?(නදී)
මේ ගෙදර ඉන්න සුදු නෝනා බැදලා ඉන්නෙ ලන්කාවෙ කොනක්. මේක ජිහාඩ් වැඩක් වෙන්න බොහො දුරට පුලුවන්.(නදී)
මරාගන්නද හදන්නේ.(නදී)
කරුඳු පොලු නෝන්ඩි වුන නිසා මේ ළගදි කොළඹ තියන්න යන විරෝදදතා පෙළපාලිය මර්දනය කරන්න සපයන්න තියෙන බඩු ටික ගැන කව්ද අප්පේ මේ ඔත්තුව දුන්නේ.?බුරු පොළ වැටලු අයට වගේ මාරු පොජ්ජක් මණ්ඩු කොරන්න ඇහැක් වෙයි ඕන් බොලල්ලා.(නදී)
මේ අය දඩයක්කාරයෝ වගෙයි. පවු අසරණ වන සත්තු (නි)
තව හොයන්න. පැය 48ක් රඳවාගන්න. දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරන්න.... (නි)
එම යුවල අපහසු තත්වයකට පත් කිරීමට කවුරු හෝ වැරදි තොරතුරක් දෙන්න ඇති.පොලිසියට ඕනා තරම් අවි තියෙන නිසා ඕක සුළු දෙයක්. (අ)
ඔන්න දැන් අපේ අය කුලප්පු වෙලා අනුමාන කරනවා පොලිසිය විස්තර හොයල බලනකන් පනින් නැතිව ඉන්නකෝ .(නදී)
කඩු 242 ක් කියන්නේ පොඩි කතාවක් නෙමේනේ නේද?(නදී)
මේ අය විනොදෙට එකතු කරපු ආයුද තොගයක් වෙන්න බැහැ. මෙතන මොකක් හරි කළු සල්ලි ජාවාරමක් නම් තියනවා මයි.(නදී)
කෞතුකාගාරෙන් නැති වුණු කඩුවත් තියෙනවද බලන්න අර කඩු 242 අස්සේ..(නදී)
වායු රයිපල් විල්න මිනිස්සු තියා සතෙක් වත් මරන්න බැහැ. ආරියසේන හා රූපවතී හරි. ඔය අහල පහල ඉන්න කුහකයන්ගේ වැඩක්. පොලසියත් සොයගෙන තියෙන්නේ මාරම දෙයක්නේ. හරියට කොටි කලා වගේ.(නදී)
ආරියසේන,රුපවති, ඔයාලා සිතු දේ වැරදියි කියලා දැන් වැටහෙනවා නේද. (නි)
රටේ අනවසර ගිනි අවි විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා සමාජයෙන් ඉවත් කිරීම රජයේ වගකීමක් ඊට සහය දැක්වීම අපෙත් වගකීමක්. තමන් දන්නා කෙනෙක් සතුව මෙවැනි අවි තියනවා නම් පොලිසියට කීමෙන් අපටත් රට මේ පත්ව ඇති විනාශයෙන් ගොඩ ගැනීමට දායක විය හැකියි. (අ)
වට පිටේ ඉන්න මිනිසුන්ගේ ඉර්සියාව..පිරිමහ ගත්තයි කියලයි මටනම් හැගෙන්නේ ..? (අ)