හෙරොයින් මත් කුඩු නඩුවක් වෙනුවෙන් රිමාන්ඩ් භාරයේ සිට ගල්කිස්ස උසාවියට ගෙන ආ කාන්තාවක එහි වැසිකිළියට ගොස් එද්දී කුඩු පැකට් දහයක් (මිලි ග්‍රෑම් දෙසීයක්) සමඟ අත්අඩංගුවට ගත් බව බන්ධනාගර නිලධරයෝ කියති.
වැසිකිළියේදී ඇයට කුඩු දෙන්නට ඇතැයි සැක කෙරෙන පුද්ගලයා සොයාගෙන නැත.
බන්ධනගාර බුද්ධි හා ආරක්ෂක නියාමක නිලධරයෙක් මෙම කුඩු සොයා ගත්තේය.
සැකකාරිය ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් රංගජීව විමලසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරි යන වැඩක් නෙමෙයි. සෞදි අරාබියේ මේවට දෙන දඩුවම දෙන්න ඔය ඔක්කොම ඉවරයි. (ස)
සමහර අහිංසක මිනිසුන්ව කුඩු ළඟ තබා ගත්තයි කියා අපේ පොලිසිය විසින් අමාරුවේ දාන බවත් අමතක නොකරන්න. (නි)
මෙහෙම වත් වික්කේ නැත්නම් ටොන් ගණන් ගෙනෙන ඒවාට ඉල්ලුමක් කෝ ? (අ)
ආකල්ප වෙනසක් ඇති කළ යුතුයි. කුඩු ගන්න කව්රුත් නැත්නම් කුඩු ව්‍යාපාරය පවතින්නේ නැත. (නි)
අනේ මේ විකාර කරන් නැතුව දැන්වත් එල්ලුම් ගහ ගේනවලා !!! මේ ගෑනි නම් හිටුවා පස් ගැහුවත් හිත් වදින්නේ නැහැනේ දෙන්න ඕනේ ඔය කුඩු ඒකිටම කන්න කියලා. (ස)
යකෝ මුන්ව උල තියලත් මදිනේ. මොනවටද දෙවියනේ හිර ගෙවල් වල තියාගෙන අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙන් ගන්න බදු සල්ලි වලින් කන්න දෙන්නේ. මරලම දාන්න ඕන. (ස)
අර ලංකාවට කුඩු ගෙන්වනවයි කියන කෙනා කව්ද? මට නම මතක නැහැ එයාගේ .. (නි)
හරිනේ ඉතින්,කුඩු නඩුවකට කුඩු අරන් යන්නේ නැතුව පොල් අරන් යන්නද? (නි)
අපේ රටේ සරුවට වැවෙන කන්සා වලට පාලනයක් ඇතිව අවසර දුන්නා නම් මේ කුඩු වසංගතය තරමක් දුරට අඩුකර ගන්න තිබුණා. විදේශ විනිමය ඉතිරිකර ගන්නත් තිබුණා. (අ)
ඒ තරමටම කුඩු පිරිලා රටේ, ටොන් ගණන් ගෙන්වන ඒවාට කරන්න දෙයකුත්, විකුනන්න තැනකුත් තියෙන්න ඕන. මෙරටට දෙවියන්ගේවත් පිහිටක් නැත. (ස)
කුඩු වලට මරන දඬුවම ක්‍රියාත්මක කරනව නම් මේ තත්වය බොහෝ දුරට අඩු කරගන්න පුලුවන් '(අ)
වැසිකිලියේදී එලියට ගන්න දැන් කාලේ ජනප්‍රියව තිබෙන කුඩු හංගගෙන යන තැන් තියෙනවා නේද? (ස)
මේ කුඩු පාවිච්චි කරන අය හිතන්නේ නැත්තේ ඇයි, තමන්ගේ දරුවනුත් කුඩු ගැහුවොත් මොකද වෙන්නේ කියලා.?මහා මොලේ කූඩුවේ දානකම් මේවා නතර කරන්න අමාරුයි. (ස)
ඇන්ටන් කියන දේ හරි.කුඩු නඩුවකට ගෙනාවට පස්සෙත් කුඩු ළඟ තියාගන්න ඒ ගැහැනියට ඔලුවේ අමාරුවක් තියෙන්න ඕනෑ.එහෙම නැත්නම් මේක වෙන කෙනෙකුගේ වැඩක් වෙන්න ඕනෑ.මේක ලංකාවනේ.ඕනෑ දෙයක් වෙන්න පුළුවන්.මම දන්නා විදියට නම් ඔය හිර ගෙවල් වල වැඩිපුර ඉන්නේ ඇත්ත වැරදිකාරයෝ නොවේ. (නි)
මම හිතන්නේ සාක්කියට ඉදිරිපත් කරන්න ගෙනත් වෙන්න ඇති. (ස)
බලධාරියෝ හරියට වැඩ කරනවා නම් නිතිය අකුරට වැඩ කරනවා නම් මේ කුඩු උවදුර නවත් වන්න පුළුවන්. ඒක වෙන්නේ නැහැ. අල්ලපු කුඩුත් පොලිස් භාරයේ තියෙන කොට නැති වෙන රටක් මේක.... (ස)
ඔය කියන වැසිකිලියේ දොරේ කැමරාවක් හයි කරලා වගේ. මට ඔය ආරක්ෂක නියාමකව සැකයි. (ස)
කුඩේ කුඩු. (ස)