හෙරොයින් මිලි ග්‍රෑම් 7.2 ක් ළග තබා ගත්තැයි වසර 13 කට පෙර රිමාන්ඩ් කළ පුද්ගලයෙක් කොළඹ මහාධිකරණයෙන් අද නිදහස් කරනු ලැබීය.
පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය 1999 දී අත් අඩංගුවට ගත් චන්ද්‍රවේලු හෙවත් රවීට එරෙහිව සාක්කි නොවු හෙයින් කුමුදුනී වික්‍රමසිංහ මහාධිකරණ විනිසුරුවරිය ඔහු නිදහස් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඒ අහිංසකය අවුරුදු 13 ක් තිස්සේ රිමාන්ඩ් කරලා තිබ්බේ ?(දිල්)
කුඩු කිලෝ ගණන් අහුවෙන ලොක්කෝ නිදහසේ ඉන්නවා. මෙච්චර පොඩි ප්‍රමාණයකට අහුවුණ මනුස්සයෙක්ව නඩු අහන්නේ නැතුවම අවරුදු 13ක් හිරේම තිබ්බ එක කොයිතරම් අසාධාරණද. (නි)
නඩුත් අහලා ,වැරදිකාරයා වෙලා හිරෙත් ගිහින් නියම කුඩු මුදලාලි කෙනෙක් වගේ එළියට එන්නේ (නි)
පොලිසියට විරුද්ධව නඩු දාලා වන්දියක් ගන්න බලන්න (නි)
"යුක්තිය ප්‍රමාද කිරීම යනු යුක්තිය ඉටු නොකිරීමයි". ලොකු මිනිහෙක් වුනා නම් මෙයා බොහොම කලින් එලියට ඇවිත් වන්දි ඉල්ලලා නඩු දානවා. පොඩි මිනිහෙකුට නිරපරාදේ ජීවිතෙන් අහිමි වුනු අවුරුදු 13 ට කවුද වන්දි ගෙවන්නේ? (ස)