කුඩු පැකට් 4000 ක් සමග පුද්ගලයකු අගුලානේදී කුඩු නෝනා නම් සැකකාරියද තවත් සැකකරුවෙකුද අගුලාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
සැකකාරිය මීට පෙර කුඩු විකිණීයැයි වරදකාරියක වී බන්ධනාගාරගතවී සිටි බවද කුඩු පැකට්වල වීදී වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වෙතියි පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට ආවා නම් කුඩු නෝනට ඡන්ද ලැබෙයි මේ යන ක්‍රමයට. (නි)
පොලිසියට වැරදිලාද කොහෙද? මේ නෝනා කරන්නේ පොල්කුඩු බිස්නස් වෙන්න ඇති (නි)
කුඩුනෝනා නෙමෙයි, කුඩු විකිණූ අපරාධකාරිය කිවුවා නම් වඩාත් හොදයි (නි)
කුඩු ටොන් ගණන් රටට ගෙන්වන මිනිස්සු නිදැල්ලේ ඉන්නවා.මම ඉල්ලා සිටිනවා සියලුම දෙනාගෙන් හඩක් නගන්න එකතුවෙන්න කියලා (නි)
මොරටුව හා තදාසන්න ප්‍රදේශය බරපතල ලෙස කුඩු ග්‍රහණයට අසුවෙලා බව පේනවා මෑතකදී නොකඩවා අහපු පුවත් වලින්. කවුද ලොක්කා කියලා හොයලා බැලුවේ නැද්ද? (නි)
ඒ වුනාට කුඩු කන්ටේනර් ගණන් ගෙන්නන කුඩු මහත්තුරු එළියේ? (නි)
ලොකුම නෝනා හෝ මහත්මයා අල්ලා ගත්තා නම් තමා හොද (නි)
පොලිසියේදී පාන්පිටි වේවිද දන්නේ නැහැ. (නි)
පොලිසියේ මහත්වරුන්ටත් නෝනාවරුන්ටත් අපගේ උත්තමාචාරය.මුළු සමාජයම විනාශ කරන ඔයවගේ අයට කිසිම සමාවක් දෙන්න නම් හොද නැහැ. හැබැයි අපි හැමදාම කියනවා වගේ ගහේ පොඩි අත්තක් විතරක් කපලා නම් හරියන්නේ නැහැ ගහ මුලින්ම කපන්න ඕනෑ. (නි)
මේ නෝනා කීයක් වටිනවද දන්නෙ නැහැ. හැමතැනම කුඩු (නි)
වැටලීමකදී අහුවුණ ගණන මෙච්චර නම් අහු නොවෙන ඒවත් එක්ක ගණන් බැලුවොත් කොච්චර විතර කුඩු වීදිවල සැරිසරනවා ඇද්ද? (නි)
අරුණි නේද මොරටුව, අගුලාන පැත්තේ කුඩු බෙදා හරින්නේ? (ස)