හෙරොයින් ග්‍රෑම් 301ක් සමඟ නුවන් උදය නොහොත් ‘කුඩු නුවන්‘ මීතොටමුල්ලේ දී කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂට පහර දුන් බවට ඔහුට මීට පෙර චෝදනා ඉල්ල වුණු අතර ඔහු රිමාන්ඩ් බාරයේ ද සිටියේය.
හෙරොයින් ග්‍රෑම් 301ක් සමඟ නුවන් උදය නොහොත් ‘කුඩු නුවන්‘ මීතොටමුල්ලේ දී කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂට පහර දුන් බවට ඔහුට මීට පෙර චෝදනා ඉල්ල වුණු අතර ඔහු රිමාන්ඩ් බාරයේ ද සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ! මේ ඒ නුවන්ද? (නි)
මෙයා, පොඩි කාලේ ජීවත් වෙච්ච ගේ මම දන්නවා. ප්‍රමාණය පකිස් පෙට්ටියක් විතර ඇති. ඒ දවස් වල, අපි රෑ වැඩ කරන කොට බත් ගත්තේ මේ ගෙදරින්. (නදී)
අපේ ඡන්දදායකයින් දැන් හරි බුද්ධිමත් (නි)
පොලිසිය හුඟක් වෙලාවට අසරණ වෙනවා මේ වගේ අවස්ථාවලදී. බලපෑම් එක පැත්තකින්; සාක්ෂි දෙන්න මිනිස්සු ඉදිරිපත් නොවීම තව පැත්තකින්. මම වුණත් මෙතන වීරයා වගේ ලිවුවට,මේ විදිහේ කෙනෙක් ගැන පොලිසියට හෝ උසාවියට සාක්ෂි දෙන්න කලින් දහස් වතාවක් හිතාවි.... (නි)
කුඩු නුවන් හොඳට සල්ලි බලා දුරාවෙහි වෙලී..... හිරගෙදර දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින් (නි)
ඉක්මනින් මුදල් හොයන්න යන මේ කුඩු නිසා වටිනා ජීවිත කීයක් විනාශවෙලා යනවද? මෙය අද ලංකාවට විතරක් නොව මුළු ලොවටම එල්ලවී තිබෙන තර්ජනයක්. "අනික් මිනිහට මොනවා වුණත් මට මොකෝ මගේ මල්ල පිරෙනවා නම් " කියා සිතන කොටසක් සිටින සමාජයක අපි අද ජීවත්වන්නේ. (නි)
ජගත් නම් බයවෙලා වගෙයි (නි)
කුඩු නුවන් කොහේ හිටියත් හොඳින් සිටීවි. මේ ලංකාවේ ආශ්චර්යය! (නි)
මේ කුඩු නුවන් මීටපෙරත් කිහිප වරක් අත්අඩංගුවට ගත්තා නේද? තව මාසයකින් දෙකකින් ආපසු මෙයා ගැන මෙවැනිම පුවතක් නැවත දකින්න පුළුවන් වේවිද මන්දා? (නි)
අපි අල්ලන පළියට කලබල විය යුතු නැහැ. (නි)
මේ කුඩු නුවන් ඔබට අමතකද? (නි)
මේ ඇල්ලූ එක්කෙනාට තව ටික දවසකින් හොඳ දඩුවමක් ලැබෙයි.බිය නොවන්න යාලුවනේ (නි)
අපිට නම් හොඳට මතක තියනවා මෙයාව (නි)
මේ රට කාපු, ජාතිවාදය වැපුරවූ, ජාතීන් අතර වෛරය ක්‍රෝධය ඇතිකර බෙදා වෙන්කළ හැමෝටම කවදාහරි ඒ පවු වැඩවලට විඳවන්න වේවි. (නි)
මෙයාද, කාලෙකට උඩදී රුපවාහිනිය ඇතුළේදී හොදට ගුටි කෑවේ (නදී)
හා හා මට දැන් මතක්වුණා මෙයාව (නි)
මේගොල්ලෝ ඇල්ලුවහම සියලුම විස්තර පොලිසියට දැනගන්න පුුලුවන්නේ (නි)
බොහොම පුරුදු නමක්... (නි)
රූපවාහිනී අධ්‍යක්ෂකට අහවල් ඇමති එක්ක ගහන්න ආපු කොණ්ඩ පණික්කිය තමා මේ .(අ)
ඔව් ඔය කියන ඇමති බී බී එස් එකෙන් හොදට අහගෙනයි ඉන්නේ (නදී)
මත් කුඩු ජාවාරම , වෙළදාම සහමුල්න්ම නවත්වන්න න ම් ඔය මැති ඇමති වරුන්ගේ ගෙවල් පවා සෝදිසියකට ලක්කරන්න ඕනේ. ඒ අයගේ ගෙවල් වළලු කුඩු කාරයෝ හැංගිලා ඉන්නේ ඒ නිසා මුල් කපල ඉවත් නොකර අතු කැපුවට වැඩක් නැහැ ගස් ආයෙත් වැවෙනවා. නැතිනම් අපේ රට වැනි ඉතාම කුඩා රටක අපරාද කරුවන් හැංගිලා ඉන්නේ කොහොමද ? දේශපාලුවන්ගේ රැකවරණය මැදයි (නදී)
චන්ඩි ඇමති කියන්නේ අර රජ වාසල අන්දරේ ගේ හිටිය කෙනාට. (නදී)
අල්ලන එකට නම් මහා ලොකු ප්‍රචාරයක් දෙනවා. ඉන් පසු ඉස්පිරිතාලෙකට දමා පනින්න සලස්වන එක ගැන නම් කවුරුත් දන්නේ නැහැ. ලාංකිකයෝ 'කොණ්ඩේ බැඳපු චීන්නු' කියලා හිතාගෙන ඉන්නේ කවුද? චීනේටම ආවඩන කොටසක්ද? (නදී)
සුනිල්-මොන චන්ඩි අමතිද?චන්ඩි ඇමතිලා ගොඩ දෙනෙක් ඉන්නවා. (නදී)
ඔව් සුනිල් මෙයාව එලියට නොගෙන කොහොමද? (නදී)
මෙයා නේද අර අහවල් චන්ඩි ඇමතිගේ ආරක්ෂකයා ? එයා මෙයාව එලියට ගන්නවා සිකුරුයි (නදී)
ඡන්ද කාලෙට පුදුම විදිහටනේ කුඩු අල්ලන්නේ. (නදී)