කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අවන්හල් දෙකක අපවිත්‍ර ජලය පාරට මුදා හළ කඩ හිමියෝ දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී රුපියල් දෙදහස බැගින් දඩ කෑහ. මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් මෙසේ දඩ නියම කරනු ලැබුවෝ කඳපොල ඩබ් විජයකාන්ත හා ගිනිගත්හේනේ රවිචන්ද්‍ර ප්‍රභාත් යන දෙදෙනාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් දෙදාහ ගානක්ද
මේක හොද දඩුවමක්.හැම තැනම ඔහොම වැඩ තියෙනවා
ඔන්න බලාපල්ලකෝ අපරාධයක මහත.පල් වතුර බොන්න නොදී කාණුවට දාලනේ.
ජලය අපතේ ඇරියා කියලා පිටකොටුවේ හන්දියේ එල්ලන්නයි තිබුණේ
පාර රස්නේ හින්දා වීසි කරලා දාන්න ඇති
පිරිසිදු වතුරෙන් පාර හෝදවන්නයි තිබුණේ.ඒක දඩේට වැඩිය වදිනවා හිතට
ඔය දෙන්නා විතරක් නෙමෙයි, ඔක්කොමලා කරන්නේ ඕකයි
තමුන්නාන්සේලාගේ සිංහල මිනිස්සුම තමයි වැඩි හරියක් ඔහොම දේවල් කරන්නේ
හිල්මි, ජාතිවාදේ අවුස්සන ඔබේ අදහස් දාන්න එපා
ජාති භේදයකින් තොරව මෙවැනි දේ කරන කාට උනත් දඩුවම් දෙන්න...
මේ වගේ පරිසර දූෂණ මුළු පරිසරයම දූෂණය කරනවා. කඩ විතරක් නෙමෙයි.. නීතිය කඩවලට විතරක් නෙමෙයි ගෙවල් වලටත් තිබිය යුතුයි.. දඩය මදි.. අඩුම වශයෙන් රැපියල් 5000ට වැඩි දඩ සහ මාස තුනකවත් සිර දඩුවමක් ලබා දිය යුතුයි..!!
පව් වැඩ...
පව් වැඩ නෙමෙයි පල් වැඩ...