කෝඩුකාර අබුල් හසන්ගේ (නොදැවී 100) ශතකය නිසා බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කුල්නාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වන අද (21 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 365 ක් ලබා සිටියේය.
සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වී සිටින 20 හැවිරිදි අබුල් හසන් අංක 10 පිතිකරු ලෙෂ පන්දු 108 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් ලබා සිටියේය.
බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 86 කදී කඩුලූ 8 ට 365 (තමීම් ඉක්බාල් 32, ශාරියාර් නෆීස් 26, මුෂ්ෆිකුර් රහීම් 38, නසීර් හොසේන් 52, මහ්මුදුල්ලා නොදැවී 72, අබුල් හසන් නොදැවී 100, ෆිඩෙල් එඞ්වල්ස් 81/5, ඩැරන් සැමී 61/2)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම බලාහිටින්නත් පුදුමාකාරයි. (නි)
අති ශ්‍රේෂ්ටයි. අංක එකේ පිතිකරුවෙක් වගෙයි වගකීම ඉටුකරලා තියෙන්නේ. (නි)
ඔහු ලොව මවිත කරන පිතිකරුවෙක් වේවි. (නි)
කමෝන් හසාන්. (නි)
හසන්, යන්න ඉදිරියටම. ඔබට දුර ගමනක් යාමට තිබේ. (නි)
හසාන් 100 ලබාගත්ත විදිය ආදර්ශයට ගැනීම අපේ කණ්ඩායමට බැදෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට හුගක් වැදගත් වේවි. (නි)
උත්සාහවන්ත කණ්ඩායමක්.. මේගොල්ලන්ගේ බුද්ධිමත් ක්‍රිඩා විලාසය බොහොම ඉක්මනින් හොද දක්ෂ කණ්ඩායමක් වීමට ඉවහල් වෙයි.. සුභ පැතුම්..!(නු)