IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කැඩුණු ලොරිය ගෙන්න කන්දට ගිය ඩෝසරයත් පෙරළෙයි

(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්‍රයත් ලොරියත් සමග කන්දෙන් පහළට ⁣පෙරළී අද (15) දින සවස සිදු වූ  දරුණු අනතුරකින් ජීවිත දෙකක් නූලෙන් බේරි ඇතැයි ප්‍රදේශ වාසීන් පවසති.

අමු තේ දළු එකතු කිරීම සඳහා ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවකට අයත් කුඩා ලොරි රථයක් කුඩලිගම බුලත්වතුකන්දට ගිය අවස්ථාවේදී එහි ඇතිවූ  කාර්මික  දෝෂයක් හේතුවෙන් ලොරිය කන්ද මුදුනේ නතර කර තිබේ

ලොරි රථයේ ඇතිවූ තිරිංග ගැටළුවක් නිසා  පසුව ජේ,සී,බී, යන්ත්‍රයක සහය ගෙන ලොරි රථය කන්දෙන් පහළට ගෙන එන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

බුලත්වතු කන්දේ වැලමිටි වංගුවේ දී මෙම අනතුර සිදුවී ජේ,සී,බී, යන්ත්‍රය පහළට ⁣පෙරළී යන විට එහි රියදුරු අසුන ගැලවී වීසිවීම නිසා රියදුරු තුවාල නොලබා ඔහුගේ ජිවිතය අනු නවයෙන් බේරි තිබේ.

ලොරි  රථය ගෙන එම සඳහා යොදාගත් රැහැන කැඩී යාම නිසා ලොරි රථයේ රියදුරා ද බේරි ඇත්තේ පෙර පිනකට බවද ප්‍රදේශ වාසීන් කියති.

යම් හෙයකින් ලොරිය සහ යන්ත්‍රය සම්බන්ධ කර ඇති  රැහැන නොකැඩී ගියේ නම් තත්ත්වය මෙයට වඩා වෙනස් වෙන්නට ඉඩ තිබූ බව අනතුර පිළිබඳව සොයා බැලීමට පැමිණි ප්‍රදේශ වාසීයෙකු පැවසීය.
 



අදහස් (1)

කැඩුණු ලොරිය ගෙන්න කන්දට ගිය ඩෝසරයත් පෙරළෙයි

Suranga Wednesday, 16 October 2024 04:28 AM

තිරිංග කැඩුනා නම් කාර්මිකයෙක් ගෙනගොස් හදාගෙන ආවානම් ඔහොම වෙන්නෙ නැහැ කන්දක් මුදුනේ සිට ඇදගෙන එන්න ගියාම ඔහොම වෙනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 19 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 305 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්
2024 නොවැම්බර් මස 26 419 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ


කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
2024 නොවැම්බර් මස 26 147 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර


නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්
2024 නොවැම්බර් මස 26 1114 0

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
2024 නොවැම්බර් මස 26 695 0

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2085 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site