සුළු ජාතීන් නියෝජනය වන තීරු දෙක රහිත විකෘති කරන ලද ජාතික කොඩි කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම ඉදිරිපිට පැවැති විරොධතාවේදී ප්‍රදර්ශනය කළ බව කියන පිරිස තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද පොලිසියට නියෝග කළේය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘කොඩියට නිගරු කළවුන් අල්ලනු‘
මුණසිංහ Saturday, 09 May 2015 02:37 AM
තීරු දෙක නැති සිංහයා ඉන්න කොඩි ලංකාවේ නැතිද! යහ පාලනයේ තවත් ප්‍රතිඵලයක් . අපි පළාත් කොඩි තහනම් කරමුද? මේවා කවුරු දිරි ගන්නවන්න කරන වැඩද? උතුරු පළාතේ දී ජාතික කොඩියටත් ගීයටත් කරන නිගා වලට අක්සන් ගන්නේ නැත්තේ අැයි? (බ)
කපිල Friday, 08 May 2015 09:44 AM
සිංහ කොඩිය ජාතික කොඩියෙන් වෙන්කරගන්න බැරි කෙනෙක් කොහොමද යුත්තිය සාධාරණත්වය වෙන්කරලා හඳුනාගන්නේ? (නි)
ද සිල්වා Monday, 11 May 2015 06:44 AM
සුළු ජාතින් මේ කරපු හොරකම් වලට සම්බන්ධ නැති නිසා ඔවුන්ගේ තීරු දෙක ඉවත් කරලා කොඩියක් හදාගන්න ඇති. උද්ඝෝෂකයෝ කියාවි එම කොඩියේ තැඹිලි , කොළ පාට තීරු දෙක නැහැ එම නිසා එ්ක ජාතික කොඩිය නොවේ අපේ අවශ්‍යතාවයට හදාගත්ත කොඩියක් කියලා (නදී)
රහුමාන් Friday, 08 May 2015 11:40 AM
අපිට හරි සතුටුයි. නීතිය කඩකරන අයට රටේ නීතිය අනුව දඬුවම් ලබාදිය යුතුයි. ගරු පොලිසියට අපේ උත්තමාචාරය! (නි)
සමන්ත Friday, 08 May 2015 11:53 AM
ඇත්ත ඇත්ත (නි)
දමිත් Friday, 08 May 2015 12:06 PM
නීතිය කාටත් එක හා සමානයි (නි)
සේනක Friday, 08 May 2015 12:08 PM
අනේ මේ වගේ රටක්!තමාට ලැබෙන මාසේ පඩියෙන් හරියට මාසය අවසන් වෙනතුරු වියදම දරාගන්න බැරි අපේ මිනිස්සු හොරුන්ව බේරගන්න පාරට බහිනවා? හොරු එක දවසක්වත් හිර කූඩු වල ඉන්නේ නැතුව රෝහල් වලට ඇතුළුවෙලා සැපට ඉන්නවා. (නි)
සිල්වා Friday, 08 May 2015 01:36 PM
රටේ නිතිය ගරු නොකරන මේ අයට දන්නේ නැතිව ඇල්ලුවා මතක නෑ යන කියමන් වලට ඉඩ නොදී මෙරට තිබෙන නිතිය කාටත් වලංගු වෙනවා කවුරු කාගේ වුනත් තහනම් දේවල් කරන කාටත් දඩුවම් දෙන්න තරා තිරම නොතකා ලොකුකම් පෙන්වූ කාලය දැන් අවසන් වේගන යන බව මේ යට දැන් වත් තේරුම් යාවි (බ)
ඇසළ Friday, 08 May 2015 02:00 PM
ඔය අරගෙන ගියා කියන්නේ ජාතික කොඩියද, සිංහ කොඩියද. සිංහලයන් වශයෙන් සිංහ කොඩිය නැතුව කොටි කොඩියද ගෙනියන්න කියන්නේ. (නදී)
රජින්ද Friday, 08 May 2015 02:22 PM
හුගක් අයට සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන පුදුම උණක් තියෙන්නේ.(නදී)
කමල් Friday, 08 May 2015 03:08 PM
මට නම් දැනෙන හැටියට දැන් නිතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා වගේ (නදී)
චානක ලොස් ඇන්ජලිස් Friday, 08 May 2015 04:41 PM
මාව පරාජය කලේ මේ රටේ ඉන්න මුස්ලිම් හා දමිල ප්‍රජාව කියා කියපු පුද්ගලයා මෙම ක්‍රියාවේ නිර්මාතෘ වරයා. එහි ප්‍රතිපලය තමයි ව්‍යාජ ජාතික කොඩියේ මේ සුළු දෙජාතිය නියෝජනය වන තීරුව නොමැතිව නිර්මාණය වීම.(නදී)
කිරින්ද Monday, 11 May 2015 05:32 AM
මෙන්න රටේ දැවෙන ප්‍රශ්න! ජාතික කොඩියේ පාට තීරු දෙක! රටෙනුත් ලොකු තීරුවක් යන්න යන මොහොතේ, මේවත් වැඩද අයියේ? (නි)