IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කඩවතදී මහ දවල්  රන් බෑගයක් කොල්ල කයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කඩවත රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමට අත් බෑගයක දමාගෙන කාන්තාවක් රැගෙන ආ ලක්ෂ හතළිස් හතරක් පමණ වටිනා රන් භාණ්ඩ එම අත් බෑගය ද සමඟ රාජ්‍ය බැංකුව ආසන්නයේ දී  පා ගමනින් ආ පුද්ගලයකු  කොල්ල කා ගෙන පලාගොස් ඇතැයි කඩවත පොලිසිය පවසයි

බස් රථයකින් බැස මෙම කාන්තාව පා ගමනින් බැංකුව වෙත යන අතරවාරයේ බැංකුව ආසන්නයේදී පිටුපසින් ආ පුද්ගලයකු විසින් එක්වරම කෑ ගැසීමට නොහැකි වන ආකාරයට එක් අතකින් ඇයගේ කට මිරිකාගෙන අල්ලාගෙන ඇය අතේ තිබූ රන් භාණ්ඩ දමන ලද අත්බෑගය කොල්ල කාගෙන පලාගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මේ බව පොලිසියට පැමිණිලි කර ඇත

මෙම කාන්තාව නිවසේ තිබෙන රන් භාණ්ඩ සොරසතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් කඩවත ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේප්පුවක් වෙන් කරවා ගෙන එම සේප්පුවේ ඇය  භාණ්ඩ තැන්පත් කර තබා ඇතැයි පොලීසිය සඳහන් කරයි

ඥාති පුතෙකුගේ විවාහ මංගල්‍යයට යනවිට දමා ගෙන යෑමට සේප්පුවේ තැන්පත් කර තිබූ මෙම රන්භාණ්ඩ ඉකුත් 19 වෙනිදාඇය ලබාගෙනතිබේ

විවාහ මංගල්‍යයට සහභාගි වීමෙන් පසු මෙම කාන්තාව එම බැංකුවේ ඇති ඇයට අයත් සේප්පුවේ නැවත තැන්පත් කිරීමට අත් බෑගයේ දමාගෙන රන්භාණ්ඩ රැගෙන එමින් සිට ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය

රන් වළලු හයක් රන් පෙන්ඩන්ට් එකක් රන්මාල දෙකක් රත්තරන් මුදු හතරක් සහ රත්තරන් කරාබු ජෝඩු දෙකක් මෙසේ බෑගයේ තිබී කොල්ල කා ගෙන ගොස් ඇතැයි කාන්තාව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත

 



අදහස් (2)

කඩවතදී මහ දවල්  රන් බෑගයක් කොල්ල කයි

ganegoda Friday, 30 December 2022 10:59 PM

බැංකුවට යන්න ඉස්සෙල්ලා ගමටම අණබෙර ගහලා වගෙයි. නැත්නම් පවුලෙම කෙනෙක් තමයි ගේම දීලා තියෙන්නේ.

:       0       13

Senaka Saturday, 31 December 2022 06:20 AM

අමන කාලකන්නි ඉන්න බව දැනගෙන ජීවත් වෙන්න මිනිසුනේ. මේ කාන්තාව මෝඩ වැඩ කීපයක්ම කරල තියෙනවා. මඟුල් ගෙවල් වලට උනත් ඇත්ත රත්තරන් දාන්න මේ කාලේ මෝඩ වෙන්න එපා. පුලුවන් තරම් ඉමිටේශන් දාන්න. රත්තරන් බඩු ගෙනියද්දී පුලුවන් තරම් පෞද්ගලික වාහන පාවිච්චි කරන්න. පොදු ප්‍රවාහන පාවිච්චි කරන්න එපා. ඒ වගේම ඒ බඩු ගැන වත් තියෙන තැන් ගැන වත් කාටවත් කියන්න යන්න එපා.

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1082 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2174 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1648 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1596 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1060 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 787 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25709 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1844 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site