අසල්වැසියකු කොඩිවිනයක් කළ නිසා තමා පිස්සු වැටුණු බව අගමැතිට කියා සහනයක් ගැනීමට 2002දී අරලිය ගහ මන්දිරය අධි ආරක්ෂිත කලාපයට ඇතුළු වීමට තැත් කළ අනුරාධපුර ගල්කුලමේ සමන්කුමාර රත්නසිරි වසර 11ක් වරෙන්තුවකට පසු කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ අද පෙනී සිටියේය.
වරෙන්තුව අවලංගු කළ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සැකකරු රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හැරියේය.
ඔහුගේ නීතීඥවරයා වෛද්‍යවාර්තාද ඉදිරිපත් කරමින් තම සේවාදායකයාගේ මානසික අසනීපය තවම සුවවී නැතැයි කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳටම විශ්වාසද එතෙන්ට ගිහින් එලියට ආවේ මෙයාමද කියලා? (නි)
අමරසේන මහත්තයා, අපි ඡන්දෙ දුන්නා තමයි. ඒ හින්දා අද ඔබතුමාලත් ඔබලාගේ දරුවොත් බය නැතුව පාරේ යනවා. මතකනේ ගෙදරින් ගියපු මිනිස්සු පෙට්ටිවල ගෙදර ආපු කාලේ? දැන් ඒ ප්‍රශ්නේ ඉවරයි. නමුත් දැන් රට යන අත වැරදියි. (නි)
එයාගේ සන්තක ආයුධ කිසිවක් නොමැති නම් රහස් පොලිසියට පුළුවන් කෙටි කාලසීමාවකින් පරික්ෂා කර ඔහුව මානසික වෛද්‍යවරයෙකු වෙත පමුණුවන්න. (නි)
සේරම් පැරිස් ඔබ හරි. ඒ වගේම වශී බෝල විශ්වාස කරන අයටත් ඔබ කියපු දේම තමයි කරන්න ඕනෑ. (නි)
ඔය ගියා කියන තැන ඉන්නෙත් බලයෙන් පිස්සු වැටිච්ච අය තමයි ඉතින්. (ස)
ඒ මිනිහට පිස්සු නැහැ හලෝ. (නි)
යකෝ මේක හරි වැඩක්නේ, හැම එකකටම හොයාගෙන යන්නේ ඇමතිතුමාවනේ. (නි)
කරුණාකර ඔහු සිරිකොතට හෝ පාර්ලිමේන්තුවට යොමු කරන්න. (නි)
අහවලාටත් මිනි මැරීමේ චෝදනාවට ගැහුවේ 50000 යි නේද? (නි)
දසනායකලා ඡන්දේ දීලා දැන් එනවා බයිලා කියන්න. (නි)
ඔය කොඩිවින විස්වාස කරන්නේ මොලේ අවුලක් තියෙන අය. ඒ නිසා මොලේ හොඳ නැති කමට කළ වරදක් . එයාට අවවාද කර එලියට දාන්න. මානසික රෝහලකට යොමු කරන්න ඔහුව.(නදී)
බෙහෙත් හොයාගෙන තවත් "ලෙඩ වාට්ටුවකටනේ" මෙයා ගිහින් තියෙන්නේ. (නදී)
මෙච්චර හොද තැන් කොළඹ තියෙද්දී ඒ සේරම පාස් කරගෙන ඇවිල්ලා තිබෙන තැන? ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි. (නි)
ඔබට විතරක් නෙමෙයි රටටම කොඩිවින කරන තැනකට ඔබතුමා ගිහින් තියෙන්නේ. ඒ වගේම සෙහාන් කියන විදිහට මේ රටේ නීති හදල තියෙන්නේ අහිංසක දුගී මිනිස්සුන්ගේ රීරි මාංශ උරා බොන ක්‍රමයකට. පීඩිත පන්තියේ අහිසක මිනිස්සු වගුරන දහදිය ලේ මත ඉදගෙන දානපතියෝ බෝට්ටු සවාරි යනවා.(නදී)
මෙයටත් අමතකද දන්නේ නැහැ අසනීපයක් තිබුනා කියලා? (නි)
මුළු රටටම කොඩි විනේ වෙලා තියන තැනටනේ ගිහින් තියෙන්නේ.(නදී)
ඔයාට යන්න තිබුනේ පාර්ලිමේන්තුවට (නි)
ආතුරයෙක් ඉන්න තැනකින් සහනයක් හොයාගෙන ගිහින්? (ස)
කොඩිවිනයකට පිහිට හොයාගෙන ගිහින් තියෙන්නෙ නියම තැනකටනේ. (නි)
මේ වගේ පොඩි සිදුවීම් අවුරුදු 11 ක් දුරට නඩු අහනවා. දේශපාලකයෝ මිනීමරලා මාසයෙන් නිදහස් වෙනවා. (නි)
ඔය ගිය තැනත් කොඩිවිනයක්ම තමා. ඒක කපන්න හොඳ කට්ටඩියෙක් හොයනවා.(නදී)