කඩුවෙල අධිකරණ බලසීමාවේ සියලු පොලිස් ක්‍රියා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා අද(29) පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට නියෝග කළේය.
රිවිර මාධ්‍යවේදී චාමර අමරසූරිය මහතාට අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් පිරිසක් පහර දෙන ලැදැයි කියන සිද්ධියක් මුල් කර ගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
මෙම නියෝගය නිකුත් කරමින් අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා ‘පොලිසිය කබරගොයා තලගොයා කරනවා, තලගොයා කබරගොයා කරනවා. වගකීමෙන් කටයුතු කළ යුතුයි. අධිකරණය වෙත ඉදිරිපත් වෙන කරුණු මත තමයි නියෝග නිකුත් කරන්නේ. කරුණු වසන් කිරීම විශාල වරදක්‘ යැයි අතුරුගිරිය පොලිසිය අමතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති විරෝධී ක්‍රියා කරන නිලධාරීන් ගැන වහාම තීරණයක් ගතයුතුව ඇත (නි)
"සලාකා සූදු පොළ ගැන නෙත්ති කුමාර ඇත්තම කියයි"සති අන්තයේ පුවත් පතක හෙළි දරව්වක්..අපේ රතු මල්ලි ගැන ඇට්ටි හැලෙන ලිපියක්.කියවන්න.තීරුම් ගන්න. (අ)
පොලිසි ක්‍රියා කරන්නේ කාගේ නියෝග මතද, අන්න එතනටම නීතිය ක්‍රියාත්මක වියයුතුය (නි)
ජරාව කන පප්පලා. දෙවියනේ ඔබ කොහිද(නදී).
අනේ පව් අහිංසක පොලිස් මාමල.. (නදී)
සත්තකින්ම බහුතර පොලිසි මෙහෙමයි (නි)
අධිකරණයේ ගෞරවය රැකී තිබෙන්නේ මෙවැනි විනිසුරුතුමන්ලා නිසයි. නැත්නම් අධිකරණය හෑල්ලුවට ලක් කරන්න එක එක විදිහේ පුද්ගලයන් දඟලන දැඟලිල්ලේ හැටියට අපි වැනසිලා බොහොම කල්. (නි)
මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වසා දමන්න. (නි)
ලස්සන පොලිසියක් වෙන්න ඇති. ඒකනේ ඇස් ගහන්න ඕනෑ? (නි)
ඔය පොලිසිය ගැන නම් කියලා වැඩක් නැහැ. ඒ නිසා කියන්නේ නැහැ.(නදී)
මේ වගේ විනිසුරුවරු ලංකාව පුරාම බිහි වේවා! (නි)
මේ රටේ පාලකයින් පොලීසිය මේ තත්වයට පත් කර උගත් ,උසස් නිලතල දරන අයව ,විනිසුරුවරුන් ,පෙරකදොරුවන් රටේ පවත්වාගෙන ගිය උත්තරීතර නීතිය විනාශ කරනවා.මෙම තීන්දුව මෙන් රටේ සියලුම නීති රීති ආරක්ෂා කර ජනතාවට ආරක්ෂාව සැලසිය හැක්කේ මෙම උත්තරීතර අධිකරණ වලට පමණි.මෙසේ තීන්දුවක් දුන් විනිශ්චයකාර තුමාට මගේ සුභ පැතුමයි .(දිල්)
මට නම් කොයි පොලිසියත් එකයි. බොහෝ විට නැත්ත ඇත්ත කරනවා.(නදී)
පොලිසිය කරන සමහර කටයුතු ලැජ්ජාසහගතයි. මහේස්ත්‍රාත්තුමන්ලා අවදියෙන් ඉන්න එක ගැන සතුටුයි. (නි)
අතුරුගිරිය ,තලංගම ඉතාමත් අප්‍රිය ජනක පොලිස් ස්තාන දෙකක්.(නදී)
මහේස්ත්‍රාත් තුමාට හුගක් ස්තුතියි. තීන්දුවට ප්‍රථම ඉතා හොද අවවාදයක් සමග අර්ථ දැක්වීමක්.(නදී)
තලගොයා කබරගොයා කරන නිලධාරීන්ට ක්‍ෂණික දඩුවම් අධිකරණය මගින්ම නියම කළා නම් ඉදිරියට හොද වේවි නේද? (නි)