දඹුල්ලේ සිසිල වත්ත ප්‍රදේශයට මහ රෑ කුණු අල තොගයක් දමා ගිය දඹුල්ල ප්‍රාදේශීය දේශපාලඥයෙකුට එම කුණු අල තොගය යලි රැගෙන යාමට සිදු විය.
දඹුල්ල පුරපති ජාලිය ඕපාත මහතාගේ මැදිහත් වීමෙන් මෙම අල තොගය රැගෙන ගිය බව ප්‍රදේශවාසීහු කියති.
එම දේශාපාලඥයා පවසා ඇත්තේ කුණු අල තොගය බැහැර කිරීමට තමන් රුපියල් පන්දහසක් ගෙවු බවයි.
දඹුල්ල වැසියන් කියනුයේ දඹුල්ලේ තැන තැන කුණු අල දමා යන ලොරි අල්ලා ගැනීමට රැකවලෙහි යෙදෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ! මේවා මෙයාටම කැව්වා නම් තමයි හොඳ. (නි)
මේ වගේ කුණු මිනිස්සු සමාජයටම ශාපයක්.(නදී)
පලා බබ්බු සභාව ගද ගස්සනවා මදිවට දැන් පළාතම ගදගස්සන්න පටන් අරන්. (ස)
දේශපාලකයෙකුගේ ගෙදරක මිදුලට දාන්න තිබ්බේ (දී)
දේශපාලකයන්ට පාරා වළලු එනවා නම් පාරා වළලු පිටරටිනුත් ගේන්න වෙයි.(නදී)
රෑට පොල්කඩපු කට්ටියයි මේ සේරම කරන්නේ ...? (නදී)
රටේ කොතැනක හරි අකටයුත්තක් උනානම් මේ වගේ අපිම පත් කරලා යවපු අයගෙන් තමා .කාටද ආඩම්බර?. (දී)
පුංචි දරුවෝ මේකට සහභාගී කරවාගත් මෝඩයා කව්ද?(නදී)
බමුණු, ඒක කොහොම වෙතත් මේවායින් කොටසක් මොන විදිහෙන් හරි අපටම කවන එක නම් නිසැකයි. අඩු වශයෙන් කිලෝ කීපයක් හරි මිශ්‍ර කරනවා හොඳ අලවලට. (නදී)
මෙහෙම අය තමා අපේ රටේ මහජන සේවයට කැප වෙලා ඉන්නේ. (නදී)
මොහුව කුණු අල ගෝනි මත වාඩිකරවා කුණු අලවලින් සංග්‍රහ කරන්නයි තිබුනේ.(නදී)
මෙයාල කවදද හොද වැඩක් කළා කියල පත්තරේක තිබුනේ. අනේ මිනිසුනේ එපා මේ වගේ මිනිසුන්ට රට හෝ පළාතක පාලනය දෙන්න. බුද්දිමත් වෙන්න.(නදී)
අනේ මේ කෑම නේද විනාස කරන්නේ. හරියට කළමනාකාරිත්වයක් නැතුව ඇයි මෙහෙම වැඩ කරන්නේ? අද ලෝකේ තිබෙන විශාලතම අර්බුදය ආහාර.(නදී)
ජනතාවාදී රජය අපහසු තාවයට පත් කිරීම සදහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්. (දී)
අපේ රටේ ගඳ ගහන වැඩවල පිටුපස ඉන්නේ දේශපලුවෙක්,ඔන්න ඕක තමයි ආසියාවේ ආශ්චර්යය , (ස)
නමත් එක්කම දැම්මා නම් නේද හොඳ? (නි)