IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කු‍ණු කන්දේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන ඇමති පාඨලී කියයි

මැයි පළමු වැනිදා (1) සිට නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු බැහැර කිරීම තහනම් කරමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් නියෝගයක් නිකුත් කරන ලදි. මෙම නියෝගය නිකුත් කරමින් විශේෂ කරුණු පැහැදිළි කිරීමක් කළ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ දශක දෙකක් තිස්සේ දිග්ගැසෙන කුණු ප්‍රශ්නය විසඳන්න බලධාරීන් මැදිහත් වූ සෑම අවස්ථාවකම එය වැළකී ගියේ දේශපාලන සහ ජනතා විරෝධතා නිසා බවයි. 
“මීතොටමුල්ල කසල කන්ද නායයාමෙන් විපතට පත්වූ සියලූම පවුල්වලට අපි පළමුවෙන්ම අපේ සාතිශය කණගාටුව පළකරනවා.  කුණු කන්ද හා අවට භූමිය විධිමත්ව පුනරුත්තාපනය කිරීම සඳහා  ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ සහය ඇතිව කටයුතු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වී සිටිනවා“ යයි කී ඇමතිවරයා මේ වන විට නිවාස 69 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් රජයේ ආධාර හිමිවන්නේ නම් ඒ සෑම නිවසක් වෙනුවෙන්ම නව නිවසක් ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බවත් පැවසීය. 
පසුගිය පෙබරවාරි මාසයේ මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඉදිරිපත් කළේ ය. ඒ අනුව මීතොටමුල්ල කුණු කන්දට කුණු බැහැර කරලීම අත්හිටුවීමටත් ඒ සඳහා විකල්ප ස්ථාන හඳුනාගන්නා ලෙසත් කොළඹ මහනගර සභාවට උපදෙස් දී තිබිණ. 
මේ සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ප‍්‍රකාශයක් පහත දක්වා ඇත.
‘මේ අවස්ථාවේදී අපි කියන්න  ඕනේ ඇතැම් පිරිස් දේශපාලනඥයන්ට නොයෙක් දෙනාට චෝදනා කරන්න පටන් අරන් තියෙනවා. නිලධාරීන්ට චෝදනා කරන්න උත්සාහ කරනවා, රාජ්‍ය ආයතනවලට චෝදනා කරන්න උත්සාහ කරන්වා, නමුත් මේ ප‍්‍රශ්නය අද ඊයේ ඇති වෙච්ච ප‍්‍රශ්නයක් නොවෙයි. මම දන්න තරමින් දැන් දශක දෙකක් තිස්සේ මේ ප‍්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙච්ච සෑම අවස්ථාවකම එය වැළැක්වීලා ගියේ ඇතිකරපු දේශපාලන සහ ජනතා විරෝධතා නිසා.
අපිට මතකයි 1997 මේ ප‍්‍රශ්නය විසඳම සඳහා එවකට කොළඹ මහනගර සභාවේ සභාපති කරූ ජයසුරිය මැතිතුමාත්, ඒ වාගේම බස්නාහිර පළාත් සභාවේ මහඇමති හැටියට හිටපු සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමාත් ලෝක බැංකු ආධාරයෙන් මීපේ ප‍්‍රදේශයේ විධිමත් කසල රඳවනයක් හදන්න යෝජනාවක් ගෙනැල්ල විද්‍යාත්මක කසල රඳවනයක් කොළඹ නගරයට ඇතිකරන්න කි‍්‍රයාකලා. ඒකට ඒ ප‍්‍රදේශයේ අවිස්සාවේල්ල, හෝමාගම ආදී ප‍්‍රදේශවල සියලූම දේශපාලනඥයෝ පක්ෂ භේදයකින් තොරව නැගී ඉඳලා කොළඹ කුණු අපිට එපා කියලා විශාල උද්ඝෝෂණයක් ගෙනැල්ලා අවසානයේ ලෝක බැංකුව ඒ ව්‍යාපෘතිය අත්හැර දැමුවා.
එකේ ප‍්‍රතිඵලයක් හැටියට තමයි බ්ලූමැන්ඩල්වල විශාල කුණු කන්දක් 1997 පටන් ගොඩනැගුනේ. ඒ බ්ලූමැන්ඩල් කුණු කන්දත් නායයෑමට ලක්වෙලා, ජල දුෂණයට ලක්වෙලා, කැළණි ගඟ විනාශ වෙලා, සාගරයේ ජලය විනාශ වෙලා අපිට විශාල පරිසර විපතියක් ඇතිවුනාට පස්සේ පරිසර අමාත්‍යවරයා හැටියට මමත් ඉදිරිපත් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග‍්‍රවිනිශ්‍යකාරතුමත් ඉදිරිපත්වෙලා ඉතාම අපහසුවෙන් ඒ කුණු කන්ද අපි නතර කලා. නමුත් ඒ සඳහා විකල්පයක් ලෙස අපි වග ප‍්‍රදේශයේ වනගත ප‍්‍රදේශයක විද්‍යාත්මක කසල රඳවනයක් හදන්න මධ්‍යම පරිසර අධිකාරියේ උදවුවෙන් අපි කොයිකා ආයතනය මුල්වෙලා කටයුතු කළා. නමුත් ඒ ප‍්‍රදේශයේ දේශපාලනඥයින් කොළඹ කුණු අපිට එපා කිව්වා, විතරක් නෙවෙයි ඒ ප‍්‍රදේශයේ එවකට හිටිය නාගරික සංවර්ධන ඇමතිවරයා, නාගරික සංවර්ධන ප‍්‍රදේශයක් හැටියට නම්කරලා ඒ ප‍්‍රදේශයේ කසල ගෙනයාම සම්පුර්ණයෙන් නීති විරෝධී කළා.
අන්න එකේ ප‍්‍රථිපලයක් හැටියට තමයි මීතොටමුල්ලේ කුණුකන්දක් ඇතිවෙන්නේ. ඊට පස්සේ එදා ඉඳන් තිබ්බ වැදගත් යෝජනාවක් තමයි පුත්තලමේ සිමෙන්ති සඳහා පාවිච්චි කරන හුණුගල් කණින අගල් වලට මේ කසල කන්දෙ කුණු ගෙනිහින් දමන්න. නමුත් ඒ ව්‍යාපෘතියටත් පරිසර විරෝධතා එල්ල වුනා, ඒ වගේම දේශපාලන විරෝධතාත් එල්ලවෙලා ඒකත් අඩපණ උනා.
අපි 2015 දෙසැම්බර් මාසයේ කොළඹ මනනගර සභාවට දැනුම් දුන්නා මීතොටමුල්ලට කුණු දාන්න එපා විකල්ප ස්ථාන හොයන්න කියලා. ඒ අනුව ඒගොල්ලෝ දැන්වීමක් පලකරලා විකල්ප ස්ථාන කිහිපයක් හොයාගෙන තියෙනවා. නමුත් ඒ ස්ථානවලත් විරෝධතා ඇතිවෙච්ච නිසා ඒගොල්ලන්ට ඒ කසල ගෙනියන්න බැරිවුනා. ජනතාවගේ හැඟීම් අවුස්සලා කොළඹ කුණු අපිට එපා කියන සටන් පාඨයට කරන්න පුළුවන් එකම දේ තමයි බ්ලූමැන්ඩල්, මීතොටමුල්ල හැදුවා වගේ තවත් තැන් කිහිපයක කසල කඳු හදන එක තමයි අවුරුදු ගානකට කරන්න පුළුවන්. ඒ වාගේම මෙතන තියෙනවා මුල්‍ය ප‍්‍රශ්නයකුත්. විද්‍යාත්මක ආකාරයකට කසල විධිමත්ව සකස් කරන්න, ප‍්‍රතිචකී‍්‍රයකරණය කරන්න මුදලක් වැයවෙනවා. සෑම කසල කිලෝවකටම රුපියල් 7 ත්, 10 ත් අතර වැයවෙනවා. මේක ගෙවන්න කිසිම ආයතනයක් නැහැ. අන්න ඒකත් මේ කසල කළමනාකරණයේදී ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා.
ඒ වාගේම මේ නීතිය සම්බන්ධයෙනුත් ප‍්‍රශ්නයක් තියෙනවා කසලවල වගකීම තියෙන්නේ අදාළ පලාත් පාලන ආයතනයට. කොළඹ මහනගර සභාවට තමයි කොළඹ කසලවල වගකීම තියෙන්නේ. ඊළඟට ඒ මහනගර සභාව බලාගන්න පළාත් සහාව තියෙනවා, පළාත් සභාවෙත් කසල කළමනාකරණ අධිකාරියක් තියෙනවා, ඒ වාගේම පළාත් පාලන, පළාත් සභා අමාත්‍යංශය තියෙනවා.
කොළඹ නගර සභාව වගේ තැනක ගත්තාම කොළඹ නගරයේ ජීවත්වන්නේ 650,000 යි. දිනපතා දසලක්ෂයක් කොළඹට පිටතින් හැම පළාතෙන්ම ජනතාව එනවා. විදේශිකයොත් එනවා. ඒ නිසා කොළඹ කසලවල වගකීම රටේ වගකීමක්, ඒක හැමදෙනාම අවබෝධකරගෙන කටයුතුකරන්න  ඕනේ. විරෝධතාවලින් වෙන්නේ තැන තැන තවත් කසල කඳු ගොඩගැහෙන එකයි. ඒ නිසා අපේ අමාත්‍යාංශයෙන් දැනට කරදියාන, ඒ වාගේම ගම්පහ කසල සඳහාත්, කොළඹ කසල සඳහාත් අවශ්‍යකරන ටෙන්ඩර් කැඳවලා විධිමත් ටෙන්ඩර් පටිපාටියකට අනුව අදාළ ආයතනවලට බාරදීලා තියෙනවා. නමුත් ඒවා විධිමත්ව කසල කළමනාකරණයට පත්කරන්න පුළුවන් තත්වයට ගන්න තවත් වසර දෙකක පමණ කාලයක් ගතවෙනවා.
එතෙක් කොළඹ කසල කොහේ හරි විධිමත්ව අපහරණය කළයුතුමයි මේ ක‍්‍රියාදාමය එනකන්. ඒ සඳහා විරෝධතාවලින් ඒක කරන්න බෑ. අපි සියලූ දෙනා එක්වෙලා මේ ප‍්‍රශ්නය විසඳිය යුතුයි. නැත්නම් මීතොටමුල්ලේ වගේ ඛේදවාචක පියවරෙන් පියවර අනිත් ස්ථානවලත් ඇතිවීම වලක්වන්න බෑ.
මිට මාස කිහිපයකට කලින් කැබිනට් මණ්ඩලයට සන්දේශයක් දාලා මීතොටමුල්ලට තවදුරටත් කුණු දාන්න බෑ, ඒ නිසා වෙනත් ස්ථානයකට කසල ගෙනියන්න කියලා අපි යෝජනා කලා. ඒවාගේම මීතොටමුල්ල කසල කන්ද අවට ප‍්‍රදේශය නාගරික උද්‍යානයක් හැටියට අපි සංවර්ධනය කරනවා. බ්ලූමැන්ඩල් කුණුකන්දත් අපි නාගරික උද්‍යානයක් හා වරායට ආශ‍්‍රිත ඒ ප‍්‍රසම්පාදන නගරයක් හැටියට ඒ ප‍්‍රදේශය දියුණුකරන්න බලාපොරොත්තු වෙනවා.
මේක ස්වාභාවික විපතක් නෙවෙයි. මේක සමාජයේ ඇතිවෙච්ච ප‍්‍රශ්නයක් එක්ක ඇතිවෙච්ච ක‍්‍රියාවලියක්. මිනිස්සු දිගටම කිව්වා මෙතනට කුණු ගේන්න එපා කියලා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් රජයට වගකීමක් තියෙනවා. ඒක නිසා ඒ අනුව රජය ක‍්‍රියාකරනවා.’’



අදහස් (18)

කු‍ණු කන්දේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන ඇමති පාඨලී කියයි

Susil Tuesday, 18 April 2017 06:44 AM

දැන් මීතොටමුල්ල කසල කන්ද අවට ප‍්‍රදේශය නාගරික උද්‍යානයක් හැටියට නොවෙයි සුසානභූමියක් හැටියට සංවර්ධනය කරන්න.

:       89       99

Lanka Perera Tuesday, 18 April 2017 07:18 AM

බොහොම සාධනීය පැහැදිලි කිරීමක්. ...උද්ඝෝෂණ වලින් යැපෙන දේශපාලන පක්ෂ, දේශපාලඥයින් ඉන්නකම් රටේ කිසිම දෙයක් කරන්න බැහැ කියන එක පැහැදිලියි.

:       112       284

vipula Tuesday, 18 April 2017 07:33 AM

දේශපාලකයන් ගැන ජනතාවට විශ්වාසයක් නැහැ. මීපෙට කුණු ගෙනල්ල අන්තිමේදී විධිමත් ලෙස කෙසේ වෙතත් කුණු කදු නම් හදල තියයි . එ්කයි එම ප්‍රදේශවල මිනිසුන් විරුද්ධ වෙලා තියෙන්නේ. මේකට කුණු තියෙන තැනම අරගෙන කරන දෙයක් කරන්න තිබුනනේ. නොහැකියාව ප්‍රදර්ශනය වීම පමණයි.

:       5       16

විශ්ව Tuesday, 18 April 2017 07:47 AM

හැමදාම ඉතිහාස පාඩම් කර කර ඉඳලා හරි යන්නෑ ඇමතිතුමා. යහපාලන රජය බලයට ඇවිල්ලා අව්රුදු දෙකකටත් වැඩියි. තාම පටන් ගත්ත තැනමයි. අපිට නම් පේන විදියට රට තව ආපස්සට ගිහින් වගේ.

:       288       401

රජින්ද Tuesday, 18 April 2017 09:16 AM

දැන් බොරු කිඹුල් කඳුළු හෙලුවට වැඩක් නැහැනේ. කලින් ආණ්ඩු ගැනයි අරයා ගැනයි මෙයා ගැනයි වැල් වටාරම් ගොතලා එක එක අදහස් දාලා තාවකාලිකව මේ ප්‍රශ්නය මිනිස්සුන්ට අමතක කෙරෙව්වයි කියමුකෝ. ඒත් මේ ප්‍රශ්නය ස්ථිරවම විසදන්න දෙන්න සුදුසු පිළිතුරක් නැති බව ඉතා පැහැදිලියි.

:       42       125

lalithsjm Tuesday, 18 April 2017 10:11 AM

වෙන්න තියන ලොකුම දෙයක් වෙලා ඉවරයි තව බොරු කතා ඕන නැහැ.

:       15       72

Senarath Tuesday, 18 April 2017 10:34 AM

මේකේ ඉතිහාසේ කියල හරියනවද දැන් ? මෙයාගේ මහා ලොකු නගර සැලැස්මේ මේකට විසදුමක් තියෙනවද ? කොහොම හරි මේකත් 2020 වෙනකම්ම මෙහෙමම තමයි. කොච්චර ලස්සනට තිබුණු කොලබද ? මේ දේශපාලුවන්ට අඩුම තරමේ මේ කුණු ප්‍රශ්නෙට විසදුමක් දෙන්න බැහැනේ . ඒ වුනාට කතාකරන්නේ ඩොලර් බිලියන 50 ව්‍යාපෘති ගැන

:       288       389

Susil Tuesday, 18 April 2017 04:47 PM

චම්පික ගැන මොන මත තිබුනත්, එයාගෙ මේ ප්‍රකාශය "කොළඹ නගර සභාව වගේ තැනක ගත්තාම කොළඹ නගරයේ ජීවත්වන්නේ 650,000 යි. දිනපතා දසලක්ෂයක් කොළඹට පිටතින් හැම පළාතෙන්ම ජනතාව එනවා. විදේශිකයොත් එනවා. ඒ නිසා කොළඹ කසලවල වගකීම රටේ වගකීමක් " තමයි ඇත්ත. කොළඹ කුණු අපට එපා කියන අයට උත්තරයක්. මේ කුණු හැමෝගෙම කුණු.

:       74       178

sopi Tuesday, 18 April 2017 06:26 PM

කතා ඇති ....පෙන්නන්නකො වැඩ .....

:       0       22

janahitha Wednesday, 19 April 2017 01:31 AM

කතා කලා ඇති වැඩ පෙන්නුවානම් හොදයි නේද. කොළඹට ගෙන කුණු ගේන අයටම අරන් යන්න වැඩ පිළිවෙලක් හැදුවනම් ඉවරනේ.

:       0       3

Deepal Nirosh Wednesday, 19 April 2017 05:51 AM

කුණු කන්දේ අතීතය ආයෝජනයක් කරගෙන හැමෝම බලයට ආවා, දැන් වර්තමානය ගඳ ගහගෙන විපත් ගෙන දෙනවා, එනිසා අනාගතය ආයෝජනයක් කර නොගෙන සංවර්ධනයට දායක කර ගමු.

:       0       0

dissa kelegedara Wednesday, 19 April 2017 06:01 AM

පරිසර ඇමති වෙලා හිටියනේ මොකද කලේ පොලි පෙට්ට්‍රල් සැදුව කෝ මොකද කලේ ඔක්කම බොරුව තමා

:       0       17

sarath Wednesday, 19 April 2017 06:46 AM

කොළඹ නගරයට එන හැම දෙනාටම කුනුමල්ලක් දියයුතුයි ගෙදර ගෙනියන්න. එය අපහසුනම් මන්ත්‍රීවරුන් සියලුදෙනා අතරේ කුණු බෙදාදීයයුතුයි. පහසුම ක්‍රමය නම් පාර්ලිමේන්තුවට කුණු ගෙනයාමයි

:       0       8

nima Wednesday, 19 April 2017 06:59 AM

කොළඹට එන මිනිස්සු බත් පාර්සලයක් නම් අරන් එනවා කුණු ගෙඅනවා අපි නම් දැකල නැ

:       20       4

de silva berlin Wednesday, 19 April 2017 09:17 AM

ඇමතිතුමනි" මෙගා පොලිස් " සිහිනයෙන් අවදි වෙලා මේ කුණුටික ප්‍රතිචක්‍රීකරණය කරන්න බලන්න , සමාගම් 3-4 ඉල්ලීම් කරලා තිබෙනවා නම් , කොළඹ කුණු කොටස් 3-4 කට කඩල බෙදල දෙන්න , එතකොට තරඟකාරීත්වයක් ඇති වෙලා වැඩේ නැගල යාවි

:       3       2

mahesh Wednesday, 19 April 2017 09:21 AM

මෙයාගේ බොරු කයිවාරු විතරයි

:       0       26

Dayan Thursday, 20 April 2017 01:17 AM

මෙයා බෝතල් එකතු කරනවලු වෙන වැඩ වලට. ඒවා ප්‍රසිද්දියේ කියන්න බහ නැත්නම් ප්‍රදීප් ගිය මගෙන්ම මටත් යන්න වේවි.

:       0       41

arun Thursday, 20 April 2017 05:54 AM

අර ලෙස්ටර් ජේම්ස් පිරිස් මහත්තයාගේ පින්තුරයට මොකද වුනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 288 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5362 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 902 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4316 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3877 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2504 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16910 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site