දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ජනාකීර්ණ පෙදෙසක හිස් ඉඩමකට කුණු ලොකු ලුනූ තොඟයක් ලොරියකින් ගෙනවුත් දැමු බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම ලුනූ තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධරයන් ගත් ක්‍රියා මාර්ගය ගැන ප්‍රෙද්ශවාසීහු නගරාධිපති ජාලිය ඕපාත මහතාට පැමිණිලි කළහ.
නගර සභාවට මුදල් බැද නගර සභාව ලවා ලුනූ ඉවත් කළ යුතුයැයි සෞඛ්‍ය නිලධරයන් පවසා ඇතැයි ඔවුහු එහි ආ නගරාධිපතිට පැවසීය.
නගරාධිපති පැවසුයේ ලුනූ එහි දැමු අයම ඒවා ඉවත් කළ යුතු බවයි. ඒවා එහි දැමු අයට එරෙහිව උපරිම දඩුවම් කළ යුතු බවද නගරාධිපති පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද අවුල. කොම්පොස්ට් වෙනද ඇරියම කාටද වාසි? (අ)
පිටරටවල ඉන්න සුද්දෝ ජපන්නු වගේ අය හිතන්නේ ලංකාව වගේ තුන්වෙනි ලෝකේ රටවල ඉන්නේ අපිරිසිදු නුගත් මිනිස්සු කියල. ඒ හන්ද ඒ රටවල කුණු ජරාවල් නිකම්ම දීල යන්න පුළුවන් කියල. ඒ වගේම තමයි කොළඹ වගේ නගරවල ඉන්න අය හිතන්නේ ගම්වල ඉන්නේ නුගත් ශිෂ්ටාචාර නොවන අය කියල. එයාලගේ ඕනිම කුනු ජරාවක් ගම්වල ගෙවල් ඉදිරිපිට උනත් අතහැරලා යන්නේ එහෙම හිතාගෙන ඉන්න හන්ද. (අ)
පවු මේ අහිංසක මිනිස්සු කොයිතරම් අමාරුවෙන්ද මේවා වග කරන්න ඇත්තේ ? ඇයි රජයට බැරි මේවා අපනයනය කරන්න.අපි ඉන්න රටවල ලංකාවේ එළවලු වලට හොද ඉල්ලුමක් මෙන්ම හොද මිළකුත් තියෙනවා. (නි)
මහගෙදර මහත්තයෝ, ලංකාව කියන්නේ අසුචි පිරුණු රජ දහනක් හා සමාන තැනකි.මේක බහුතරයකට වලංගුය. (නි)
රජයෙන් මිනිසුන්ට මේවා කල් තබා ගන්න විධි කියලා දුන්නා නම් මේ කිසිම දෙයක් අපතේ යන්නේ නැහැ. ගොවියාටත් සාධාරණයක් ඉෂ්ට වෙනවා. යුනෙස්කෝ එකෙන් මේ වගේ දේවල් වලට උපදෙස් දෙනවා. එත් අපේ නිලධාරීන් බහුතරයක් ඒවාට කැමති නැහැ. (නි)
නගර සභාව කියලා කැළෑවලයි, ගෙවල් අගුපිල් වලයි හැමතැනම කුණු අදින්න බැහැ. ඔවුන්ට ක්‍රමවේදයක් තියෙනවා. නගරයේ මිනිස්සු මීට වඩා වගකීමෙන් වැඩ කරන්න අවශ්‍යයි. ඉවතලන අපද්‍රව්‍ය දමන්න නගර සභාව ස්ථාන සකස් කරලා තියෙනවා. අපි ඊට සහයෝගය දෙමු. නගරය පිරිසිදුව තබාගන්න අපිත් උනන්දු වෙමු. මේ වැඩේ කළ අය සොයා දඩුවම් කිරීමට කටයුතු කිරීමට පොලිසියේත්, නගරාධිපතිතුමාගේත් අවධානය යොමුවීම සතුටට කාරණයක්. (නි)
"දම්" කියා නම සඳහන් කර ඇති කෙනාට ලංකාවේ ඉතාම අපිරිසිදු තැනක ජීවත්වීමට සිදුවී තිබීම ගැන අපි දුක් වෙමු. තමන් කර ඇති පින් පවු අනුව තමා තමන්ට හැම දෙයක්ම ලැබෙන්නේ. (නි)
මේවා ඉන්දියාවෙන් හරි යාපනෙන් හරි ආපුවද? යාපනේ වවන ඒවා කොළඹට ගේන එක හරියට කරනවා. දැන්වත් ආණ්ඩුව අනිත් පළාත් ගැනත් බැලුවොත් හොඳයි. උතුරම දියුණු කර කර ඉන්නේ නැතුව. ඡන්දේ දුන්න බලය දුන්න අය ගැන හිතන්න දැන් පාලකයනි! (නි)
දම්, අනේ දරුවෝ දැන්වත් ඉන්නේ අසුචි වලක කියලා දන්නවා නම්, ගොඩට ඇවිත් නාලා පිරිසිදු ඇඳුමක් ඇඳගෙන ලක් මවගේ සුන්දරත්වය බලන්නකෝ. එක් කෙනෙක් දෙන්නෙක් ජරා වැඩ කලාට තාමත් දෙවිවරු වගේ මිනිසුන් මේ රටේ ජිවත් වෙනවා.හොඳට ඇස් ඇරලා ලෝකය දිහා බලන්න පුරුදු වෙන්න. (ස)
ප්‍රජාතන්ත්‍රවාදය සහ පුද්ගලික නිදහස අකුරටම තිබෙන, දේශපාලකයන් රට සහ ජනතාව වෙනුවෙන් ඇප කැප වී වැඩ කරන,අකුරටම වැඩ කරන පොලිසියක් සිටින, උද්ධමන වේගය සහ විරැකියාව අවම, ළමයින්ට හොඳ රැකියාවක් සහිත අනාගතයක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන මට්ටමින් සලසා තිබෙන, බය නැතුව රෑට ගැහැනියකට පාරේ බැහැල යන්න පුළුවන්,ස්වභාවික සෞන්ධර්ය ඇති පෙදෙස් වල සිලිසිලි මලු දකින්න නැති, මග දෙපස තාප්ප වක කොලයක් වත් අලවන්නේ නැති තරම් විනීත පුද්ගලයන් සිටින මේ රට අසුචි ගොඩක් වෙන්නේ කෙසේද?(නදී)