
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොණ්ඩෙ වැව්වොත් පච්චයක් කෙටුවොත් අපරාධකාරයෙක් යැයි පොලිසියට කුදලා ගෙන යන බවට පතුරන කතාව සම්පූර්ණ අසත්යයක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
“මේ වන විට මුහුණු පොත පුරා විකෘති අර්ථ දෙමින් තොරතුරු සංසරණය වෙනවා.අලුත් නීතිය යටතේ කොන්ඩේ වවලා තිබුනොත්, පච්ච කොටලා තිබුනොත් හිරේ යන්න පුළුවන්.අපරාද වරදක් බව කියනවා.
අපි ගේන අණ පනත් විවේචනය වෙනවාට අප කැමතියි.ඒ වගේම අපි ගේන අණ පනත් ශ්රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්වෙනවාට අප කැමතියි.නීතිය තවත් ශක්තිමත් වන්නේ ඒ අනුවයි.මේ රටේ සංවිධානාත්මක අපරාධ විශාල පිළිලයක් බවට පත්ව තියෙන්නේ.මත්ද්රව්ය ,අයිස් ජාවාරම්, මිනීමැරුම්,පැහැරගෙන යාම්, දේපල හානි, කෙළවරක් නැහැ.එවන් රටක මේ රටේ දූෂණය වංචාව නතර කරනවා සේම පාතාල ක්රියාකාරකම් මර්දනය කළ යුතු බවට අප ප්රතිපත්ති තීන්දුවක් ගෙන තිබෙනවා.ඒ සඳහා අපේ නීති රීති ප්රමාණවත් වුණේ නැහැ.
සංවිධානාත්මක පාතාල කල්ලි විසින් කරන අපරාධ නතර කිරීම සඳහා වන අලුත් පනතක් අප ගේනවා යනුවෙන්ද අමාත්යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd