(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන 2026/27 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විවිධ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපනයට බාධා මතු වන සිසුන්ට එම බාධක මග හරවා ගෙන අඛණ්ඩව අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණින් යුතුව සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ආරම්භ කර ඇත. රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල් වල ඉගෙනුම ලබන සිසුන්හට එම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව පවතී.

එකී සිසු රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් අතර දැනට බලාත්මකව පවතින ගිවිසුම, 2026-09-01 දින සිට 2027-08-31 දින දක්වා වන කාලසීමාවට අදාළව පහත සඳහන් නව ප්‍රතිලාභ ද ඇතුළත් කරමින් සංශෝධනය කර ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලබන බවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍යවරිය  අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.