කොටදෙණියාව, බඩල්ගම, අකරංගහ සේයා දැරිය කෙලෙසා ඝාතනය කළැයි අත් අඩංගුවට ගත් දෙවැනි සැකකරු අද සවස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් බී.ඒ.රුවන්පතිරණ මහතා ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
ඔහු කැමැත්තෙන් මෙම ප්‍රකාශය කරන බව මහේස්ත්‍රාත්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.
අයි.ජී.සමන් ජයතිලක නම් මෙම සැකකරු මීට කලින් අත් අඩංගුවට ගත් දිනේෂ් ප්‍රියන්ත නොහොත් කොණ්ඩයාගේ සහෝදරයකු බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඔහුගෙන්ද මීට කලින් කටඋත්තරයක් ගෙන මුදාහැර සිටි බවත් කොණ්ඩයාගේ ප්‍රකාශයක් අනුව පසුව ඔහු අත් අඩංගුවට ගත් බවත් රහස් පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා අධිකරණයට දැන්වීය.
දෙදෙනාම ලබන 19 වැනිදා වනතුරු රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් දෙවැනි සැකකරු ඩී.එන්.ඒ ජාන පරීක්ෂණයක් සඳහා ජින්ටෙක් ආයතනයට ඉදිරිපත් කරන්නැයි රහස් පොලිසියට නියෝග කළේය.
කොණ්ඩයා සම්බන්ධ ජාන පරීක්ෂණ වාර්තාව අධිකරණයට ලැබී නොතිබිණි.
සේයා දැරියගේ මව්පියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව මහතා පැවසූයේ කොණ්ඩයා සම්බන්ධ පළ නොවිය යුතු සියලු විස්තර පුවත්පත්හි පළවී ඇති බවයි. ඔහුගේ සහෝදරයා සම්බන්ධව එවැනි විස්තර යළි පළවිය හැකි හෙයින් ඒවා නතර කරන්නැයි ඉල්ලා සිටියේය.
මහේස්ත්‍රාත් රුවන්පතිරණ මහතා ප්‍රකාශ කළේ එවැනි තහනම් නියෝගයක් කිරීමට තමාට නොහැකි නමුත් සියලුම පාර්ශ්ව වගකීමෙන් වැඩකළ යුතු බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද මේක කනගැට්ට අංක දෙක වගේ. තව ටික දවසකින් කොණ්ඩය වෙනුවට 'තට්ටය' කියල එකෙක් ඇවිත් කියයිද දන්නේ නෑ මමයි මේක කලේ කියල ! (අ)
මරණ දඩුවම දෙන්න. (බ)
පලමුවෙන්ම. ජාන පරීක්ෂණයකට ලක් කළේ රුපවාහිනී (බ)
අපරාධකාරයට මරණ දඩුවම අනිවාර්යෙන්ම දෙන්න කියල කියන්නේ (බ)
මට හිතෙන්නේ මේ අපරාධය හෙළිවෙන්න සෑහෙන කලක් යයි (නි)
අපරාධකරුවන්ට ශාප වේවා! (නි)