බකමුණ අත්තනකඩවල නාන ළිදක දිය නාමින් සිටි කාන්තාවක් (54) බදාගෙන ළිදට පැන්න බව කියන පුද්ගලයකු පණ පිටින් ළිදෙන් ගොඩ ආවත් කාන්තාව මිය ගොස් සිටි බව ප්‍රදේශවාසීන් පොලීසියට පැමිණීලි කැර ඇත.
කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ නොදුන්නැයි කියමින් ගැමියන් ළිදෙන් ගොඩ ආ මිනිසාට හොදටම පහර දීමෙන් පසු පොලීසියට බාර දී රෝහල් ගත කැර ඇත.
දියේ ගිළී මිය ගිය කාන්තාව වැරැදි ඉලක්කයක් වන්නට ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් අනුකම්පා හිතෙනවා මිය ගිය කාන්තාව ගැන. ඔය මිනිහ මැරිලා කාන්තාව බේරෙන්න තිබුනේ. මෙ වැනි අය මේ ලෝකේ ඉඳලා මොකටද?? (ස)
හි ,,හි...ඇඩෙනවා දොරේ....මටත් ලේන්සුව ඕනද බකමුනෝ(වැරදුන චන්දි )
චන්දි නංගී, ලින් ලගට නාන්න යන්නේ බලාගෙන . බකමුනෝ ඉන්නවා . .රුපටත් එක්කයි කිව්වේ. (දී)
ගානෙන් ගානෙන් පද්මිණි අපිටද බකමුනෝ කිවුවේ (අනේ මගේ තනි ඇහැට ඇඩෙනවා දොරේ ) (නි)
නිල්මිණි, කව්රුහරි දන්නේ නැති දෙයක් ඇහුවම කියලා දෙන්න ,ලංකාවේ හිටියට හැම අස්සක් මුල්ලක් නෑරම තියෙන ගම් ගැන කිසිවෙක් දන්නේ නැහැ.දැන් ඔයා දන්නවද පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවට යනකල් තියෙන ගම් නියම් ගම් හැම එකක්ම (තරහ වෙන්න එපා මෙහෙම කිවුවට ) (නි)
පද්මිණි එතන සිටි බකමුනෝ මෙතන අදහස් පළකරන්නේ නැහැනේ. (නි)
මෙතන හිටිය බකමුණෝ එක්කෙනෙකුටවත් බැරි වුනාද මේ අම්මාව බේරා ගන්න. දැන් ඉදගෙන හ්ම්.හ්ම්. ගන්නේ. (නදී)
අපි දෙමල හින්දි සිනමාවේ දුටු දේශපාලන/පාතාල චරිත/ගැටුම්/දුෂණ/භීෂණ අඩුවක් නෑර අද ලංකාවේ දේශපාලන පාතාල කල්ලිවල සුලබව එදිනෙදා ජීවිතයේදී අසන්නට දකින්නට ලැබීම කොතරම් අභාග්‍යයක්ද?වගකිවයුතු උතුමන් නිහැඩියාවෙන් සිටින්නේ,ජනතාව කළ වැරැද්දක් නිසා නේද? (නි)
සරත් කුමාර ,නිල්මිණි ඔබ දෙදෙනාම හරි. නිල්මිණි හරියටම හරි. (නි)
ගජබා, ඔයාගේ මොලේ තමයි මොලේ ! බලාගෙන රාත්‍රියට එලියට බහින්නේ කපුටෝ කොටයි. (ස)
බකමුණා ඉන්නේ රෑට ගස් උඩ. හ්ම් හ්ම් කියලා තම සද්දේ දානේ...කැස්බෑවා ඉන්නේ මුහුදේ...!! (ස)
පුදුම ගැමියෝ ටිකක්නේ. එක මිනිහෙක් විරුද්ධ වුනා කියලා කාන්තාව බේරගන්න තිබ්බනේ. මානසික රෝගයකින් පෙලෙන මනුස්සයෙක්ද ?(නදී)
සරත් කුමාර ඔයා හරි, අපේ මිනිස්සු ඉන්නේ ලංකාවේ නෙමෙයි. ලංකාවේ ගමක්වත් කොහෙද තියෙන්නේ කියල දන්නේ නැහැ. අහන්නකො හින්දි නිලියෙකුගේ ගම වයස උපන් දින ඔක්කොම දන්නවා. මෙයාලා ඔය බොරුවට සෝබන දාන්නේ හරියට අපි පොෂ් කියල පෙන්වන්න.(නදී)
මියගිය මනුස්සයා ගැන හෝ සිද්ධිය ගැන අදහස් පලකොට නැහැ.බකමුණ කියන ගැන තමා ප්‍රශ්නය හැමෝටම.කොහොම වුනත් මියගිය කෙනා බේරගන්න තිබ්බා ටිකක් උනන්දු වුනා නම් මට හිතන්නේ. (ස)
මොරගහකන්ද ජලාශය ඉදි කරන තැන ඉඳල අඹන් ගඟේ ජලය ගිරිතලේ, මින්නේරි වැව් වලට ගෙන යන යෝධ ඇල දිගේ පහලට යන විට ඔරු බැඳි සියඹලාව හමුවෙනවා. එයට පහලින් තමා මේ බකමුණ තියෙන්නේ. ලංකාවේ මේ වගේ අනිත් නගරය තමයි කැස්බෑව. (ස)
තිස්ස අත්තනායක, බකමූණ තියෙන්නෙ ගිරිතලේ ඇලහැර පාරෙ. දැන් නම් බකමූණ හරහා පාරක් තියනව දඹුල්ල ඉඳල මහියංගනයටත්. පොළොන්නරු දිස්ත්‍රික්කයට තමා අයිති වෙන්නෙ. බකමූණ කියන නම හැදිල තියෙන්නෙ "බක්ක අමුණ" කියන එක කෙටි වෙලා. බක්ක කියල කියන්නෙ ලොකු කියන එකට.(නදී)
සරත්,තිස්ස , බකමූණ තියෙන්නෙ පොලොන්නරුව දිස්ත්‍රික්කෙ. වී ගොවිතැන් කරන හොඳ සශ්‍රික ප්‍රදේශයක්.පොලොන්නරුව ඉඳලා එනකොට බකමූණ හරහා අවිස්සාවේල්ලට එන්න කෙටි පාරක් තියෙනවා. හරි ලස්සන පැත්ත ගිහින් බලන්න. (ස)
මං හිතන්නෙ වරකාපොළ (ස)
සිතට ගතට ලංවෙලා රහසකුත් කොඳුරලා මිනිහා ගොඩ ඇවිල්ලා (අ)
නොදන්න නිසයි අහන්නෙ. කොහෙද ඔය බකමූණ කියන ගම තියෙන්නෙ? (ස)
ගහල මදි ඒ මිනිහව ලිදේ ගිල්ලන තිබුනේ අහිංසක ගෑනු කෙනා.(නදී)