පොලිස් සැරයන්වරයකු අල්ලස් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසියේ සාමාජිකයන් පැය භාගයක් දණ ගස්වා තැබීම ගැන එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් අද පරීක්ෂණ ඇරැඹීය.
එම සිද්ධියට භාජනය වූ 120ක් පමණ පොලිස් සාමාජිකයනගෙන් කටඋත්තර ගැනීමද අද උදේ ඇරැඹිණි.
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසා ඇත්තේ අල්ලස් ගැනීමේ ආදීනව ගැන පොලිස් සාමාජිකයන් දැනුම්වත් කළ නමුත් දණගැස්වීමක් හෝ දඩුවමක් නොකළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කාටවත් අපහස කරන්න නෙමෙයි. එත් ලොකු තැන්වල ඉන්න බොහොමයක් ගෙවන්නේ දෙබිඩි පිළිවෙත්. කියන දේ ඒ විදියට ඉෂ්ට කරන අය බොහොම අඩුයි. හොද අය නැතුව නෙමෙයි. එක්කෙනෙක් දෙන්නෙක් කරන දේවල් වලින් හැමෝම බට කනවා. (දී)
එයා කොයි තරම් අවංක දක්ෂ කෙනෙක් වුනත් එහෙම එක එක්කෙනාව දණ ගස්සන්න බැහැ.හැම දේටම නීති මාලාවක් තියෙනවා.ඒ අනුව කටයුතු කලාම හරි.ඒක හරියට හෝඩියේ පන්තියේ ළමයින්ට වගේ සලකුවාම වැරදියි නේද? හමුදාවේ ඔහොම කළා නම් එහෙම......... (ස)
මම පුංචි කාලෙ අපේ පාසලේ සංගීත මහත්තයා අපිව දණගහලා තියපු හැටි මට මතක්වෙනවා. (නි)
පුජිත් ජයසුන්දර මහතා නියම අවංක නිලධාරියෙක්. ඔහු ශ්‍රේෂ්ඨ පොලිස් ඔපිසර් කෙනෙක්.බුදුගුණ බලයෙන් සත්‍යය දිනනවා. කවූරූ කොහොම කිවූවත් පුජිත් ජයසුන්දර මහතා ජය ගන්නවා (නි)
භුමි කම්පාවක් ඇති වුණහම ගෙවල් වල බිත්තිත් ඉරි තලනවා. (නි)
පුජිත ජයසුන්දර යනු නියම මහත්මා ගති ඇති පුද්ගලයෙකි. (නි)
මමත් දන්නා තරමින් පුජිත ජයසුන්දර කියන මහත්මයා අවංක දක්ෂ පොලිස් නිලධාරියෙක්.මගෙන් සුභ පැතුම්! (නි)
පිටිගල, පොලිසියේ දූෂණ නැති කරන්න හදන ඉහළ නිලධාරීන් දෙතුන් දෙනෙක් පුදුම වෙහෙසක් ගන්නේ. පුජිත ගිය මාසෙත් දවසක මේ අයට අවවාද කළා පගා ගහලා එහෙම අහුවෙන්න එපා කියලා.සදාචාරයක් කියලා එකක් ඔය 120 දෙනාගෙන් ගොඩක් අය දන්නේ නැහැ. ඒ වුනාට හෙණ ගහන්නේ ආරෝපණ එකතු වෙන තුඩු වගේ තැන්වලට, පොල් ගස් මුදුනට හෙණ වදින්නේ ඒකයි. (නි)
අල්ලස් ගැනීමේ ආනිශංස දක්වා කළ බණ දේශනාව අවසානයේ සියල්ලෝම දණගසා වදින්න ඇති. ඒකෙ ඇති වරදක් නැහැ. (නි)
අපවත් වී වදාළ බෝධීසත්ව ගුණෝපේත මහා රට්ට්ට ගුරු අති පුජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහනායක හිමිපාණන්ගේ 117 වැනි ජන්ම දින ගුණානුස්මරණ රැස්වීමේදී මෙතුමා බෞද්ධ දර්ශනය අදාල කර ගනිමින් සිත්ගන්නා සුළු ඉතාමත් හොඳ කතාවක් කළා. (අ)
පුජිත ජයසුන්දර මහතා හොඳ කෙනෙක්. රාජකාරිය අකුරටම ඉෂ්ට කරන කෙනෙක් කියලා අහලා තියෙනවා (නි)
පූජිත මහතාට මගේ ප්‍රණාමය! ඔහු ඉතා දක්ෂ ,අවංක පොලිස් නිලධාරියෙක් (නි)
සහන කියන විදියට මේවා විනය තියාගන්න නම් කරන්නේ, අර ප්‍රාදේශීය සබාකාරයෝ, අර මෙගා බයිට්කාරයෝ...? (නි)
120 නෙමෙයි මුළු ලංකාවේම පොලිසියට මේ වගේ දඩුවම් කළ යුතුයි යන්න මගේ මතයයි. මොකද අද දුෂණය භීෂණය වැඩි මෙයාලා නිසා. (නි)
පූජිත ලෝක පූජිත වුනත් දණ ගැස්වීම් සදාචාර විරෝධී බව දන්නේ නැත්නම් වැඩක් නැහැ.ඔච්චර හොඳ ලොක්කෙක් නම් නියම දඬුවමක් දෙන්න තිබුනා නේ.මතක නේ ගුරුතුමී දණ ගස්සපු වෙලාවේ තිබුණ විරෝධතා.ඔබ ඔය කියන තරම් අවංක නිලධාරියෙක් නම් ඔබට අපේ උපහාරය. 120 එකතු වෙලා බොරුවක් කිව්වොත් තනි මිනිහා අවංක වුනත් පරදිනවා. වැරදිකරුවන්ට හෙන ගහන්නේ නැහැ. ඒක බොරුවක්.එහෙම හෙන ගහනවා නම් කොච්චර හෙන ගසාවිද ලංකාවේ.හොඳ අහිංසකයන්ටයි හෙන ගහන්නේ.ඒකනේ"" දෙවියෝ පය තියන්න බය තැන මෝඩයෝ කරනම් ගහනවා"" කියන්නේ. (ස)
මෙව්වා පොලිසියව හමුදාවල විනය තියාගන්න කරන සාමාන්‍ය දේවල්.මෙව්වා නිතර කරන්නේ නැති නිසා තමා විනය පිරිහෙන්න හේතු වෙන්නේ.හමුදා පොලිසි වල වෘත්තීය සමිති නැත්තෙත් එව්වා අනිත් රජයේ ආයතන වලට වඩා වෙනස් නිසා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නියමෙට ජොබ් එකක් කරන එක්කෙනෙක්. නමුත් ඔක්කොම දන ගස්සපු එක නම් හොද නැහැ.(නදී)
පුජිත කියන්නේ පොලිසියේ ඉතුරුවෙලා ඉන්න අවංක නිලධාරීන් 12 දෙනාගෙන් කෙනෙක්. අනිත් ඔක්කොම හොරු. ලොක්කො කැමති නැහැ පුජිතට. නමුත් පුජිතට අසාධාරණයක් කලොත් කරපු එවුන්ට හෙන ගහයි. මනුස්සයා සෙට් එක දන ගස්සවන්ඩ ඇත්තේ මේ පගා ගැහිලි ඉවරයක් වෙන්නැති නිසා. (ස)
මා දන්නා තරමට මෙම නි.පොලිස්පතිවරයා පගාවට යට නොවූ කෙලින් වැඩ කරන අවංක කෙනෙක්.ඒ නිසාම වැඩි කලක් එක තැනක ඉන්න දෙන්නේ නැහැ. (ස)
පරීක්ෂණයක් පවත්වන්න වටිනා කාරණාවක් (දී)
විනය රැකිය යුතු බව ඇත්ත. ඒත් නුසුදුසු ආකාරයට යමක් කලාම ඒකත් විනය විරෝධී වෙනවනේ. දක්ෂ පුද්ගලයෝ වුනත් වැරදි කරනවා. කොහොමත් පරීක්ෂණයක් තියල සිදු වූ දේ සොයා බැලීමේ කිසිම වරදක් නැහැ. (දී)
නුවර ප්‍රදේශයේ කවුරුත් දන්නා පුජිත ජයසුන්දර මහතා ඉතා දක්ෂ නිලධාරියෙකි. මෙවැනි දක්ෂයන් අධෛර්ය කිරීම නීතිගරුක රටවැසියන්ට ඉමහත් පාඩුවකි. (ස)
වරුන මම හැමදාම කරන දවසේ වැඩක් තමයි ලංකාදීප වෙබ් අඩවියට ඇවිත් පුවත්කියවන එක. හැබයි මට පුවත් කියවන්න බැරි උනත් ඔයාගෙ බුද්ධිමත් අදහස්නම් නොවරදාවම කියවනවා. (දී)
මෙයාලව දණ ගස්සලා නැහැ.කැමැත්තෙන්ම දන ගහගෙන. (ස)
මා දන්නා තරමින් පුජිත ජයසුන්දර මහතා නීති ගරුක පගාව ගන්නේ නැති උගත් පුද්ගලයෙක්. මම හිතන්නේ මේකට කැමති නැති අය ලෙඩේ අදිනවා ඇති ....මොනව කලත් ලංකාවේ පොලිසියනේ ... (ස)
දෙන්න තිබුනේ තරු ගැලවෙන්න. (ස)
මිනිස්සුන්ට කන පැලෙන්න ගැහුවහම මිනිස්සුන්ට කොහොම හැඟීමක් ඇතිද මහත්තයෝ (දී)
අර වයඹ මන්ත්‍රීගේ ඥාතියෙක්ද දන්නේ නැහැ. රාලහාමි කෙනෙක්ව දන ගස්සන්න.(නදී)
අල්ලස් ගැනීම නැවත්වීම පිළිබඳ හොඳ ක්‍රම වේදයක් සකස් කල යුතුයි. මොන්ටිසෝරි ආතල් හරියන්නේ නෑ. (ස)
පොලීසියට පරීක්ෂන කරන්න ඕන නම් අතනට එන්න. එතනදි ලොකු කට්ටිය අල්ලගෙන හරියට පරීක්ෂන කළොත් ජනතාවගේ හොද හිත නැවත ලබා ගන්න පොලිසියට පුලුවන්.(නදී)
අල්ලස් ගැනීමේ ආදීනව මා දිනපතා සියැසින් දකිනවා. ඒ අපේ ගෙවල් කිට්ටුව ඉන්න රජයේ සේවකයෙකුගේ මාලිගාවක් හා ඊට අනුබද්ධ දේවල්.(නදී)