IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කාත්තන්කුඩි දණ ගැස්වීමේ පරීක්ෂණ ඇරැඹේ

පොලිස් සැරයන්වරයකු අල්ලස් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසියේ සාමාජිකයන් පැය භාගයක් දණ ගස්වා තැබීම ගැන එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් අද පරීක්ෂණ ඇරැඹීය.

එම සිද්ධියට භාජනය වූ 120ක් පමණ පොලිස් සාමාජිකයනගෙන් කටඋත්තර ගැනීමද අද උදේ ඇරැඹිණි.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසා ඇත්තේ අල්ලස් ගැනීමේ ආදීනව ගැන පොලිස් සාමාජිකයන් දැනුම්වත් කළ නමුත් දණගැස්වීමක් හෝ දඩුවමක් නොකළ බවයි.

 



අදහස් (0)

කාත්තන්කුඩි දණ ගැස්වීමේ පරීක්ෂණ ඇරැඹේ

උපාලි Tuesday, 10 September 2013 02:31 PM

විනය රැකිය යුතු බව ඇත්ත. ඒත් නුසුදුසු ආකාරයට යමක් කලාම ඒකත් විනය විරෝධී වෙනවනේ. දක්ෂ පුද්ගලයෝ වුනත් වැරදි කරනවා. කොහොමත් පරීක්ෂණයක් තියල සිදු වූ දේ සොයා බැලීමේ කිසිම වරදක් නැහැ. (දී)

:       0       0

දර්ශන Wednesday, 11 September 2013 07:27 AM

පුජිත් ජයසුන්දර මහතා නියම අවංක නිලධාරියෙක්. ඔහු ශ්‍රේෂ්ඨ පොලිස් ඔපිසර් කෙනෙක්.බුදුගුණ බලයෙන් සත්‍යය දිනනවා. කවූරූ කොහොම කිවූවත් පුජිත් ජයසුන්දර මහතා ජය ගන්නවා (නි)

:       0       0

තරංග Tuesday, 10 September 2013 02:33 PM

පරීක්ෂණයක් පවත්වන්න වටිනා කාරණාවක් (දී)

:       0       0

ලලිත් Wednesday, 11 September 2013 08:04 AM

මම පුංචි කාලෙ අපේ පාසලේ සංගීත මහත්තයා අපිව දණගහලා තියපු හැටි මට මතක්වෙනවා. (නි)

:       0       0

සඳුනි Tuesday, 10 September 2013 02:44 PM

මා දන්නා තරමට මෙම නි.පොලිස්පතිවරයා පගාවට යට නොවූ කෙලින් වැඩ කරන අවංක කෙනෙක්.ඒ නිසාම වැඩි කලක් එක තැනක ඉන්න දෙන්නේ නැහැ. (ස)

:       0       0

රුබට් Tuesday, 10 September 2013 02:56 PM

පුජිත කියන්නේ පොලිසියේ ඉතුරුවෙලා ඉන්න අවංක නිලධාරීන් 12 දෙනාගෙන් කෙනෙක්. අනිත් ඔක්කොම හොරු. ලොක්කො කැමති නැහැ පුජිතට. නමුත් පුජිතට අසාධාරණයක් කලොත් කරපු එවුන්ට හෙන ගහයි. මනුස්සයා සෙට් එක දන ගස්සවන්ඩ ඇත්තේ මේ පගා ගැහිලි ඉවරයක් වෙන්නැති නිසා. (ස)

:       0       0

අනුර Tuesday, 10 September 2013 07:49 PM

පුජිත ජයසුන්දර මහතා හොඳ කෙනෙක්. රාජකාරිය අකුරටම ඉෂ්ට කරන කෙනෙක් කියලා අහලා තියෙනවා (නි)

:       0       0

අසෝක Tuesday, 10 September 2013 03:16 PM

මේක කාටවත් අපහස කරන්න නෙමෙයි. එත් ලොකු තැන්වල ඉන්න බොහොමයක් ගෙවන්නේ දෙබිඩි පිළිවෙත්. කියන දේ ඒ විදියට ඉෂ්ට කරන අය බොහොම අඩුයි. හොද අය නැතුව නෙමෙයි. එක්කෙනෙක් දෙන්නෙක් කරන දේවල් වලින් හැමෝම බට කනවා. (දී)

:       0       0

සහන් Tuesday, 10 September 2013 03:09 PM

මෙව්වා පොලිසියව හමුදාවල විනය තියාගන්න කරන සාමාන්‍ය දේවල්.මෙව්වා නිතර කරන්නේ නැති නිසා තමා විනය පිරිහෙන්න හේතු වෙන්නේ.හමුදා පොලිසි වල වෘත්තීය සමිති නැත්තෙත් එව්වා අනිත් රජයේ ආයතන වලට වඩා වෙනස් නිසා.

:       0       0

පිටිගල Tuesday, 10 September 2013 03:23 PM

පූජිත ලෝක පූජිත වුනත් දණ ගැස්වීම් සදාචාර විරෝධී බව දන්නේ නැත්නම් වැඩක් නැහැ.ඔච්චර හොඳ ලොක්කෙක් නම් නියම දඬුවමක් දෙන්න තිබුනා නේ.මතක නේ ගුරුතුමී දණ ගස්සපු වෙලාවේ තිබුණ විරෝධතා.ඔබ ඔය කියන තරම් අවංක නිලධාරියෙක් නම් ඔබට අපේ උපහාරය. 120 එකතු වෙලා බොරුවක් කිව්වොත් තනි මිනිහා අවංක වුනත් පරදිනවා. වැරදිකරුවන්ට හෙන ගහන්නේ නැහැ. ඒක බොරුවක්.එහෙම හෙන ගහනවා නම් කොච්චර හෙන ගසාවිද ලංකාවේ.හොඳ අහිංසකයන්ටයි හෙන ගහන්නේ.ඒකනේ"" දෙවියෝ පය තියන්න බය තැන මෝඩයෝ කරනම් ගහනවා"" කියන්නේ. (ස)

:       0       0

රෝහණ Wednesday, 11 September 2013 10:00 AM

එයා කොයි තරම් අවංක දක්ෂ කෙනෙක් වුනත් එහෙම එක එක්කෙනාව දණ ගස්සන්න බැහැ.හැම දේටම නීති මාලාවක් තියෙනවා.ඒ අනුව කටයුතු කලාම හරි.ඒක හරියට හෝඩියේ පන්තියේ ළමයින්ට වගේ සලකුවාම වැරදියි නේද? හමුදාවේ ඔහොම කළා නම් එහෙම......... (ස)

:       0       0

අප්පුහාමි Tuesday, 10 September 2013 08:48 PM

අපවත් වී වදාළ බෝධීසත්ව ගුණෝපේත මහා රට්ට්ට ගුරු අති පුජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහනායක හිමිපාණන්ගේ 117 වැනි ජන්ම දින ගුණානුස්මරණ රැස්වීමේදී මෙතුමා බෞද්ධ දර්ශනය අදාල කර ගනිමින් සිත්ගන්නා සුළු ඉතාමත් හොඳ කතාවක් කළා. (අ)

:       0       0

නන්ද Tuesday, 10 September 2013 12:39 PM

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නියමෙට ජොබ් එකක් කරන එක්කෙනෙක්. නමුත් ඔක්කොම දන ගස්සපු එක නම් හොද නැහැ.(නදී)

:       0       0

පද්මිණි Tuesday, 10 September 2013 10:45 PM

අල්ලස් ගැනීමේ ආනිශංස දක්වා කළ බණ දේශනාව අවසානයේ සියල්ලෝම දණගසා වදින්න ඇති. ඒකෙ ඇති වරදක් නැහැ. (නි)

:       0       0

රුබට් Tuesday, 10 September 2013 11:01 PM

පිටිගල, පොලිසියේ දූෂණ නැති කරන්න හදන ඉහළ නිලධාරීන් දෙතුන් දෙනෙක් පුදුම වෙහෙසක් ගන්නේ. පුජිත ගිය මාසෙත් දවසක මේ අයට අවවාද කළා පගා ගහලා එහෙම අහුවෙන්න එපා කියලා.සදාචාරයක් කියලා එකක් ඔය 120 දෙනාගෙන් ගොඩක් අය දන්නේ නැහැ. ඒ වුනාට හෙණ ගහන්නේ ආරෝපණ එකතු වෙන තුඩු වගේ තැන්වලට, පොල් ගස් මුදුනට හෙණ වදින්නේ ඒකයි. (නි)

:       0       0

ධම්ම Tuesday, 10 September 2013 12:53 PM

අල්ලස් ගැනීමේ ආදීනව මා දිනපතා සියැසින් දකිනවා. ඒ අපේ ගෙවල් කිට්ටුව ඉන්න රජයේ සේවකයෙකුගේ මාලිගාවක් හා ඊට අනුබද්ධ දේවල්.(නදී)

:       0       0

තබුක් සිල්වා Tuesday, 10 September 2013 12:55 PM

පොලීසියට පරීක්ෂන කරන්න ඕන නම් අතනට එන්න. එතනදි ලොකු කට්ටිය අල්ලගෙන හරියට පරීක්ෂන කළොත් ජනතාවගේ හොද හිත නැවත ලබා ගන්න පොලිසියට පුලුවන්.(නදී)

:       0       0

කොඩිප්පිලි Tuesday, 10 September 2013 12:51 PM

අල්ලස් ගැනීම නැවත්වීම පිළිබඳ හොඳ ක්‍රම වේදයක් සකස් කල යුතුයි. මොන්ටිසෝරි ආතල් හරියන්නේ නෑ. (ස)

:       0       0

වරුණ Tuesday, 10 September 2013 12:53 PM

අර වයඹ මන්ත්‍රීගේ ඥාතියෙක්ද දන්නේ නැහැ. රාලහාමි කෙනෙක්ව දන ගස්සන්න.(නදී)

:       0       0

චරිත Tuesday, 10 September 2013 05:20 PM

120 නෙමෙයි මුළු ලංකාවේම පොලිසියට මේ වගේ දඩුවම් කළ යුතුයි යන්න මගේ මතයයි. මොකද අද දුෂණය භීෂණය වැඩි මෙයාලා නිසා. (නි)

:       0       0

සුජිත් Tuesday, 10 September 2013 01:17 PM

මිනිස්සුන්ට කන පැලෙන්න ගැහුවහම මිනිස්සුන්ට කොහොම හැඟීමක් ඇතිද මහත්තයෝ (දී)

:       0       0

කුමුදු ඉතාලිය Tuesday, 10 September 2013 05:57 PM

සහන කියන විදියට මේවා විනය තියාගන්න නම් කරන්නේ, අර ප්‍රාදේශීය සබාකාරයෝ, අර මෙගා බයිට්කාරයෝ...? (නි)

:       0       0

චමී Tuesday, 10 September 2013 01:15 PM

දෙන්න තිබුනේ තරු ගැලවෙන්න. (ස)

:       0       0

අල්ෆා Tuesday, 10 September 2013 01:28 PM

මා දන්නා තරමින් පුජිත ජයසුන්දර මහතා නීති ගරුක පගාව ගන්නේ නැති උගත් පුද්ගලයෙක්. මම හිතන්නේ මේකට කැමති නැති අය ලෙඩේ අදිනවා ඇති ....මොනව කලත් ලංකාවේ පොලිසියනේ ... (ස)

:       0       0

ජිම් කුරු Tuesday, 10 September 2013 06:13 PM

පූජිත මහතාට මගේ ප්‍රණාමය! ඔහු ඉතා දක්ෂ ,අවංක පොලිස් නිලධාරියෙක් (නි)

:       0       0

මානවී Wednesday, 11 September 2013 02:29 AM

මමත් දන්නා තරමින් පුජිත ජයසුන්දර කියන මහත්මයා අවංක දක්ෂ පොලිස් නිලධාරියෙක්.මගෙන් සුභ පැතුම්! (නි)

:       0       0

නිල්මිණි Tuesday, 10 September 2013 01:31 PM

මෙයාලව දණ ගස්සලා නැහැ.කැමැත්තෙන්ම දන ගහගෙන. (ස)

:       0       0

අරුන Tuesday, 10 September 2013 02:01 PM

වරුන මම හැමදාම කරන දවසේ වැඩක් තමයි ලංකාදීප වෙබ් අඩවියට ඇවිත් පුවත්කියවන එක. හැබයි මට පුවත් කියවන්න බැරි උනත් ඔයාගෙ බුද්ධිමත් අදහස්නම් නොවරදාවම කියවනවා. (දී)

:       0       0

සරත් ර Wednesday, 11 September 2013 06:20 AM

පුජිත ජයසුන්දර යනු නියම මහත්මා ගති ඇති පුද්ගලයෙකි. (නි)

:       0       0

සත්‍යා Wednesday, 11 September 2013 06:34 AM

භුමි කම්පාවක් ඇති වුණහම ගෙවල් වල බිත්තිත් ඉරි තලනවා. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 10 September 2013 02:07 PM

නුවර ප්‍රදේශයේ කවුරුත් දන්නා පුජිත ජයසුන්දර මහතා ඉතා දක්ෂ නිලධාරියෙකි. මෙවැනි දක්ෂයන් අධෛර්ය කිරීම නීතිගරුක රටවැසියන්ට ඉමහත් පාඩුවකි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 164 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 55 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1095 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 430 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1101 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 218 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30059 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23665 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site