
(නිමල කොඩිතුවක්කු සහ අංජුල මහික වීරරත්න)
කැලණි ගංගා ද්‍රෝණියේ පොම්පාගාරය වැඩි දියුණු කිරීම සඳහා ජපාන රජයෙන් ප්‍රදාන ආධාරයක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කැලණි ගංගා ද්‍රෝණියේ පොම්පාගාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපන් යෙන් බිලියන 2.179 ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 4.56ක ) ප්‍රදාන ආධාරයක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත.
යෝජිත පොම්පාගාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් වත්තල හා පෑලියගොඩ ප්‍රදේශ ආවරණය වන මුදුන් ඇළ උප - ද්‍රෝණියේ ගංවතුර අවදානම අවම කිරීම, තිරසර නාගරික සංවර්ධනයට පහසුකම් සැලසීම සහ ජාතික ආර්ථික කටයුතු සඳහා සංවර්ධනය කළ හැකි ඉඩම් බිහි කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, යෝජිත ප්රදානය ලබා ගැනීම පිණිස ජපාන රජය සමඟ හුවමාරු සටහන් අත්සන් තැබීමටත්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ ප්‍රදාන ගිවිසුමකට අත්සන් තැබීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd