
සුජිත් හේවාජුලිගේ
අල්ලස් දූෂණ අක්‍රමිකතා සහ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ඇතුළු චෝදනා පදනම් කරගෙන කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව වහාම විවාදයට ගන්නා ලෙස නැවත වරක් ඉල්ලා සිටීමට විපක්ෂය තීරණය කර ඇත.
එම ඉල්ලීම මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලදී ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
විශ්වාසභංග යෝජනාව විවාදයට නොගතහොත් මුළු අයවැය කාලයේදීම එහි චෝදනා ගැන කතා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය.
ආණ්ඩු පක්ෂය විසින් මෙම යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එහි අධිකරණ කටයුතුවලට බලපාන කරුණු කිහිපයක් ( SUB JUDICE) අඩංගුව ඇති බවට චෝදනා කරමිනි.එහෙත් විපක්ෂය පෙන්වා දෙන්නේ අධිකරණ කටයුතුවලට බලපාන කිසිම කරුණු කිසිවක් එහි ඇතුළත් ව නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd