(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් බාර දෙනු  ලැබූ විශ්වාසභංග  යෝජනාව නඩු කටයුතුවලට බාධාවන බව කියන කොටස් ඉවත්කර බාර දුනහොත් ලබන 3 වැනිදා අඟහරුවාදා විවාදයට ගැනීමට නියමිත බව  පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

එහෙත් විපක්ෂය පවසන්නේ යෝජනාවේ නඩු කටයුතුවලට බාධා වන කිසිවක් අන්තර්ගත නොවන හෙයින් එය  සංශෝධනය කිරීමට එකඟ නොවන බවයි.

මේ අතර  පාර්ලිමේන්තුව  ලබන  03 වැනිදා  සිට 06 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතාගේ ප්‍රධානත්වයෙන්   පාර්ලිමේන්තු  සංකීර්ණයේදී රැස්විය.