(ෂේන් සෙනෙවිරත්න )
කොත්මලේ වැවතැන්න ගම භීතියට පත් කරමින් පොළොව යටින් නැගෙන අද්භූත ශබ්දය සම්බන්ධයෙන් ගම්වැසියන්ට බිය විමට හේතුවක් නොමැති බව පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .
එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ නිරත වූ ජේෂ්ඨ නිරත වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පවසා සිටියේ පොළොව අභ්‍යන්තරයේ ඇති කුහරයකින් ජලය සහ වාතය ගමන් කිරීමේදී ඇතිවන ප්‍රතික්‍රියාවක් මෙම ශබ්දයට හේතු වන බවයි .
දැනට සතියකට ආසන්න කාලයක් තිස්සේ නැගෙන මෙම අද්භූත ශබ්දයට බිය වූ ගම්වැසියන් රාත්‍රී කාලය ගත කිරීම සඳහා එම ගම ආසන්නයේ ඇති වෙනත් ගම් කරා යාමට පවා පෙලඹී සිටින අයුරු දැකගත හැකි විය .
කොත්මලේ වැවතැන්න ගම්වාසීන් පවසනුයේ ගමේ ඇති ක්‍රීඩා පිටියේ පොළොව යටින් විශාල වතුර මෝටරයක් ක්‍රියාත්මක වන ආකාරයේ ශබ්දයක් නැගෙන බවයි . එම ශබ්දයෙන් භීතියට පත්වී ඇති ගම්වැසියන් පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා දැනුම් දී ඇති අතර පුන්ඩලුඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් වහාම එම ස්ථානයට එම ශබ්දය අත්විඳීමෙන් අනතුරුව ගම්වාසීන්ට පවසා ඇත්තේ භූ විද්‍යාව පිළිබඳ දැනුම ඇති අය එම ස්ථානය නිරීක්ෂණය කරන තුරු ගම්වාසීන්ට ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි .
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
’කොත්මලේ පොළොව යට ශබ්දයට බිය විය යුතු නෑ’