කඳුකරයට මහ වැසි ලැබීමත් සමග කොත්මලේ ජලාශයේ වාන් දොරටු අද තවත් එසැවීමෙන් පසු වික්ටෝරියා ජලාශය ද පිටාර මට්ටමට ලං වී ඇතැයි මහවැලි නිලධරයෝ කියති.
දැනටම කොත්මලෙන් පහළ රිවර්සයිඩ්, සපුගස්තලාව හා නාවලපිටිය ඇතැම් පෙදෙස් ගංවතුරින් යටවී තිබේ.
රිවර්සයිට්, මාවතුර, උලපනේ, ගම්පොල, ගෙලි ඔය හා පේරාදෙණියේ සිට පොල්ගොල්ල දක්වා මහවැලි ගඟ පරිහරනය කරන්නන් පරිස්සම් විය යුතු යැයි කොත්මලේ ජලාශය භාර ඉන්ජිනේරු ඩබ්ලිවේ ඒ චන්ද්‍රතිලක මහතා කියයි.
පොල්ගොල්ල ජලාශයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවත්, වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය ගේට්ටු විවරවීමේ මට්ටමට පැමිණ ඇති බවත් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ රංජනී, නිකන් අපිව අන්දන්නෙ නැතුව ඉන්නවා (නි)
රොන්මඩ වලින් පිරිලා දැන් තියෙන්නේ (නි)
සනත් ඉන්දිකට කොත්මලේ ජලාශය පෙනෙන්නේ බේසමක් විදිහටද? (නි)
අනේ දෙයියනේ, කවුරුවත් ගහගෙන ගිහින් කියලා නම් හෙට මේකේ දාන්න සිද්ධ වෙන්න එපා (නි)
රන්ජනී ලන්ඩන් ලස්සනයි තමයි. ඒත් ජීවත් වෙන්නනම් ඒ තරම් ලෙහෙසි නැහැ. බදු ,දඩ වලින් පුදුම විදිහට ගසා කනවා. ඉස්සර රුපියල් 3600 අවරුදු දෙකකට සැරයක් විදේෂ සේවා එඅකට ගෙවපු මුදල දැන් රුපියල් 11860 ක් කරලා. මොන තරම් මිනිසුන් අසරණ කරලද කියලා ගුවන්තොටුපොළේ විදේශ සේවා එකට ගිහින් බලන්න. සල්ලි තියෙනවා නම් අපි අපේ අඹු දරුවන් දාල ගුල්ෆ් එනවද? (නදී)
බණ්ඩාර බේසමේ කිඹුල්ලු දකින්න එපා. (ත)
විදුලි බිල අඩුවෙලා , වතුර වැඩිවෙලා(නි)
අන්තිම පින්තුරය හරිම ලස්සනයි. මට මගේ ළමා කාලය මතක් උනා. ජායාරූප ශිල්පියාට බොහොම ස්තුතියි.(නදී)
මහාජනතාව කල්පනාවෙන් සිටිය යුතුයි.(නදී)
සුන්දර දසුනක්. (නි)
අනේ තාමත් අපේ බිලට ඉන්ධන ගැලපුම් ගාස්තු ගන්නවනේ පුදුම මිනිස්සු (දී)
රන්ජනී අක්කේ ඔයා ඇත්තටම ලන්ඩන් ද ඉන්නේ. එහෙත් කොච්චර ලස්සන තැන තියනවද? (දී)
හේතුව මේ ජලාශ රොන්මඩ වලින් පිරිලා දැන් තියෙන්නේ (නි)
මෙන්න මෙහෙට වෙලා හිටපන් කොල්ලෝ නිකන් අවදානමක් ගන්නේ නැතුව. වතුර ඔහේ ගලපුදෙන්..... (නි)
මිනිසුනේ පරිස්සම්රෙන්
මේ ලංකාවද? ලස්සන කියල වැඩක් නැහැ,සුජිත්. (නි)
මේ ජලාශ හැම තිස්සෙම පිරිලාමද තියෙන්නේ, වැහැපු ගමන්ම උතුරා පිටාර ගලන්න? (නි)