IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කතරගම වන්දනවේ යන ඔබට කටගමුව හා යාල සංචාරයක්

20160427-ent-41

20160427-ent-34පුංචි නිවාඩුවක් ගත කිරීමට පවුලේ අය සමග යහළුවන් එක්ක විනෝද චාරිකාවක් යන්න ඔබ සැලසුම් කරනවාද? ඒ සඳහා ස්ථානයක් සොයනවාද? යන ගමනේදී බොහෝ දේ දැක ගැනීමට ඒ තුළින් ලොකු වින්දනයක් ලබා ගැනීමට ඇත්නම් මොන තරම් දෙයක්ද ඔබ සිතනවා ඇති.

තරුණ ඔබ විනෝදයට ලැදියාවක් දක්වනවා සේම, අලුත් දේවල් අත්විඳින්න කැමතියි. ඒ නිසාම ඔබට වගේම පවුලේ හැමෝටමත් Travel කරන්න ස්ථාන කිපයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වනවා.

මෙම සංචාරය ඔබට වැදගත්වන්නේ නිවාඩුවක් විනෝද චාරිකාවක් අධ්‍යාපන අවබෝධයක් වගේම වන්දනා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහාත් ගැළපෙන චාරිකාවක් වන නිසයි. කතරගම ප්‍රසිද්ධියක් උසුලන්නේ වන්දනාමාන කටයුතු සඳහායි. දහසකුත් බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට කිරිවෙහෙරට හා කතරගම දේවාලය බාරහාර වන විශාල බෞද්ධ පමණක් නොව අන්‍යාආගමිකින්ද වන්දනාමාන කරන කතරගම දේවාලය හා කිරිවෙහෙර වැදගත් වගේම දමිළ ජාතිකයන්ගේ වඩාත් ගෞරවයට පත් සෙල්ලකතරගම වැඩිහිටි කන්ද වැඳපුදා ගැනීමට සංචාරය කරන සැමට කතරගම පූජා භූමිය ඉතා වැදගත්.

මේ නිසාම කතරගම දෙස් විදෙස් සංචාරකයන් වසර පුරා පැමිණෙනවා. මෙවැනි වැදගත්කමක් උසුලන කතරගම යන ඔබට යාල, කටගමුව, සිතුල්පව්ව සංචාරයේදී විනෝදයට විවේකයට හොඳින් ගැළපෙන සංචාර ලෙස හඳුන්වාදීමට පුළුවන්. මෙම සංචාරයේ ඔබ මෙතෙක් අත්දුටු හා නොදුටු බොහෝ දේවල්, ස්ථාන ඇති බව හැඟෙන නිසා මෙම ලිපියෙන් ඒ පිළිබඳ සටහනක් තැබීමට අප සිතුවා.

මෙම ස්ථාන අතර ඉතා වැදගත් තැනක් ගන්නා කටගමුව අපට සුවිශේෂියි. දකුණු ආසියාවේ වැඩිම කිඹුලන් ප්‍රමාණයක් ඉන්න ජලාශය ලෙස බොහෝ දෙනා සඳහන් කරන කටගමුව ජලාශය, යාල වන උද්‍යානයට මායිම්ව පිහිටා තිබෙනවා. මෙහි හෙක්ටයාර් අක්කර 10,036 ක භූමි ප්‍රමාණයකින් යුක්තයි. ඉතා දැඩි නියං කාලයට වුවද ජලය රඳා පවතින කටගමුව වැව, අවට ප්‍ර‘දේශය වියළි දේශගුණික තෙත් කලාප තෘණ හා ශාකවලින් අනූනයි.

කටගමුව ජලාශය කිඹුලන්ගේ රජදහනක් වන්නේ ජලාශයේ පමණක් නොව ගොඩබිමෙහිද නිරන්තරයෙන් දැක ගැනීමට එහි සංචාරය කරන ඔබට දැකගැනීමට හැකිවන නිසයි. මෙම ප්‍ර‘දේශයේදී හමුවූ ජනතාව ප්‍රකාශ කර සිටියේ, මෙතරම් කිඹුලන් ගහනයක් සිටියද මිනිසුන්ට කිසිදු හිරිහැරයක් මේ වනතුරු සිදු නොවූ බවයි.

කටගමුව ජලාශය අවට විවිධ කුරුලු විශේෂ වගේම වල් ඌරන් රංචු පිටින් වාහන පසුපසින් පැමි‍ණෙන අයුරු සුලබ දසුනක්. විදේශිකයන් යාල වන උද්‍යානයට යන අතරතුර වැඩි කාලයක් මෙම ජලාශය අවට සංචාරය කාලය ගත කිරීමට ප්‍රිය කරන බවයි සංචාරක මගපෙන්වන්නන් සඳහන් කර සිටියේ.

එසේම රාත්‍රියේදී කටගමුව ජලාශය අවට වලසුන් හා දිවියන් රාත්‍රී කාලයේදී දැක ගැනීමට හැකි බව ඇතැමුන් ප්‍රකාශ කරනවා.

කටගමුව නැරඹීමට යන ඔබට යාල ජාතික උද්‍යානය නැරඹීමට හැකියාව තිබෙනවා. මෙරට දෙවැනි විශාලතම රක්‍ෂිත උද්‍යානය වන්නේද යාලයි. හම්බන්තොට දිස්ත්‍රික්කටය අයත් යාල, ඌව හා දකුණු පළාත් දෙකටම මැදිව පිහිටා ඇති අතර මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 979 ක් වෙනවා. නමුත් මහජනයාට නැරඹීමට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර් 141 ක් පමණි.

යාල ජාතික උද්‍යානය 1900 පමණ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දඩබිමක් බවට පත්වී තිබූ අතර, 1908 දී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

2004 සුනාමි උවදුරින් යාල ජාතික උද්‍යානයට දැඩි හානි සිදුවුණා. එහි තිබූ වනජීවී රක්‍ෂණ මධ්‍යස්ථානයට හා සංචාරක බංගලාව සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා.

යාල ජාතික උද්‍යානය වඩාත් ප්‍රකටව ඇත්තේ දිවියන් බහුලව දැක ගැනීමට හැකි උද්‍යානයක් ලෙසිනුයි. එයට අමතරව වල් අලින්, ඌරන්, කිඹුලන්, කුළු හරකුන්, වලි කුකුළන්, මල් කොහා, මොණරා, ගෙල සුදු මුහුදු ලිහිණියා, ලතුවැකියන්, ගිජු ළිහිණියන්, අළු රිලවුන් ඇතුළු බොහෝ වන සතුන් නැරඹීමට මෙහි සංචාරය කරන ඔබට හැකිවනවා.

යාල ජාතික උද්‍යනයට ලොව නන්දෙසින් සංචාරකයන් පැමිණෙන්නේ, වන සතුන් දැක බලාගැනීමට මෙන්ම, මැණික් ගඟ තරණය කරමින් දහස් ගණන් බැතිමතුන් කතරගම පෙරහරට පැමිණෙන අසිරිමත් අවස්ථා දැක ගැනීමට බව සඳහන් කිරීම වටියි.

 

ඡායාරූ සටහන ශාන් බන්දු වීරසිංහ

 

20160427-ent-35
20160427-ent-36
20160427-ent-37
20160427-ent-38
20160427-ent-39
20160427-ent-40
20160427-ent-42
20160427-ent-43
20160427-ent-44

 



අදහස් (0)

කතරගම වන්දනවේ යන ඔබට කටගමුව හා යාල සංචාරයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 641 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1026 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 841 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1612 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 470 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 241 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site