(අංජුල මහික වීරරත්න)
"කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ " අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනාගත ගෝලීය ප්‍රවණතා සඳහා මුහුණ දිය හැකි පුරවැසියන් බිහි කිරීමත්, ආර්ථික සංවර්ධනයට ඵලදායී ලෙස ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමත් යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි පාසල් සිසුන්ට කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත අධ්‍යයන කටයුතුවල නියැලීමට අවස්ථාව සැලසීම සුදුසු බවට හඳුනා ගෙන ඇතැයි රජය පවසයි.
ඒ අනුව, එහි ආරම්භක පියවරක් වශයෙන් තෝරා ගත් පාසල් 100ක 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන්ගේ සහභාගීත්වයෙන් "කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ" නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමටත්, එම ව්‍යාපෘතියෙහි ප්‍රතිඵල මත පදනම්ව ඉදිරි වර්ෂයන් තුළදී මෙම වැඩසටහන අනෙකුත් පාසල් සඳහා ව්‍යාප්ත කිරීමටත් තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපති සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෘත්‍රිම බුද්ධි ශිෂ්‍ය සමාජ පාසල් සීයකට
රංබොඩ Thursday, 22 August 2024 04:06 PM
නවීන තාක්ෂණය අවශ්‍යයි. නමුත් කෘත්‍රිම බුද්ධිය ඉතා භයානක මෙවලමක් බැවින් නීතිය විනය යාවත්කාලීන කිරීමත් මේ සමඟම ඉතා වැදගත්. නැත්නම් මෙය වඳුරන්ට දැළි පිහිය අහුවුණා... වගේ වෙයි...