ඕස්ට්‍රේලියාවට යැවීම සඳහා රැගෙන අවුත් මාසයක් තැන තැන රඳවාගෙන සිටි බව කියන උතුරු නැගෙනහිර වැසියන් 44 දෙනකු ඇප මත මුදා හරින ලෙස කළුතර මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය අද නියෝග කළාය.
කොච්චිකඩේ මොහොමඩ් ෆාරුක් ෆස්ලි (29), මොහොමඩ් සමිත් අජිලාන්(27) දෙදෙනා පමණක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබිණි.
පැමිණිල්ල ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලීසිය අද කියා සිටියේ මෙම පිරිස නැවකින් රැගෙන යන බව කියුවත් බෝට්ටුවකින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
පිරිසක් රැගෙන කලින් පිටත් වු බෝට්ටුවක් ඔස්ට්‍රේලියාවට ළඟා වන තුරු මෙම පිරිස තැනින් තැන රඳවාගෙන සිටි බවද අධිකරණයේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් කරන එක වටිනවා. නැත්නම් කෑම බීම සපයන්න වෙන්නේ රජයේ වියදමින්. (නි)
මේ මිනුස්සු ජිවිත අවදානම අතේ තියාගෙන හිර කුඩුවත් ඔලුවේ තියාගෙන ගේදොර උකස්කරලා දෙමාපියෝ අඹුදරුවෝ යන්නේ මොකටද? ජෝලියටද? පාලකයෝ මහා ආර්ථික ගැන යුද්දය ඉවරවෙලා යුද්ද රටක වැඩකරලා ගෙදර ගිහින් මස 6 අඹුදරුවොත් එක්ක හිටියේ අනික් අතට යුද්දයක් තියෙන ඇෆ්ගන් අවේ අසදරනෙන් හම්බ කරලා මනුසයගේ නමට හොද නැති නිසා යුද්ද ඉවර උනත් එකේ ප්‍රතිලාභය ලබාගැනේ ඍජුවම දෙසපලකන් ඇතුළු මොහොන්ගේ හිතවාදීන්.රටක යටිතල පහසුකම් හදන එකේ වරදක් නැහැ තමන්ට පුළුවන් විදිහට නැතුව ලෝකෙට රට උකස් කරලා.කරදෙන්නේ දුප්පත් හ මධ්‍යම පතියේ අයදුක් විදිනවා. ආර්ථික හ සමාජීය පිරිහුණු සමාජයක මිනුස්සු අතරමන් වෙලා (දිල්)
ඇෆ්ඝන් නිමල් ගේ කීම ගැන දෙපාරක් හිතන්න වෙනවා .(අ)
එසැණ පුවත් වලට මේ වගේ ලස්සන රසවත් මාතෘකා දමන ඔබට සුබ පැතුම්! (නි)
නාමල්ගේ අදහසට මම ගරු කරනවා (නි)