(සුජිත් හේවාජුලිගේ)

කනායක නිල නිවසේ බඩු වට්ටෝරු පොත (INVENTORY BOOK)අතුරුදන් වී මාසයකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ ගැන මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නැතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් බංගලා කළමනාකාර පසන් අතුකෝරළ මහතා  ඇතුළු එහි සේවකයන් හය දෙනෙකුගෙන්  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රශ්න කර ඇත.

තවත් සේවකයන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කළේය.

බංගලා කළමනාකාරවරයා එම බඩු වට්ටූරු පොත එහි කාර්ය මණ්ඩල සේවකයෙකු භාරයට පත් කර තිබියදී මෙය අතුරුදහන්ව ඇතැයි පැවසෙන්නේ  පසුගිය සැප්තැම්බර් මාසයේදීය.

බංගලා කළමනාකාරවරයා ඒ  බව අල්ලස් කොමිසමට දන්වා ඇත.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම බඩු වට්ටෝරු පොත අතුරුදන්වීම විශේෂ සිද්ධියකි.

කතානායක කාර්යාලයේ  බැහැර දීමේ භාණ්ඩ පිළිබඳ විස්තර එම පොතේ ඇතුළත්ව තිබූ බව   ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය