(සුජිත් හේවාජුලිගේ )

කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම මන්ත්‍රීවරුන්ගේ අයිතිය නැති කිරීමක් හෙයින් ඒ  සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට සහ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගම්වලට පැමිණිලි කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය

ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල කරගෙන යන බවද ඔහු ප්‍රකාශ කළේය.

විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එහි නඩු කටයුතු වලට බලපාන කරුණු කිහිපයක් ඇති බව පවසමිනි. එහෙත්  විපක්ෂය පවසන්නේ එවැනි කරුණු කිසිවක් යෝජනාවේ ඇතුළත් නොවන බවයි.

එසේ හෙයින් යෝජනාව සංශෝධනය කර බාරදීමට කිසිසේත්ම සූදානම් නැති බව විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දෙති.

මේ තත්වය යටතේ විශ්වාසභංග  යෝජනාව විවාදයට ගැනීම දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත.