ඉතාලියේ ශ්‍රී ලාංකික ශ්‍රම සංක්‍රමිකයෝ ශ්‍රී ලංකාවේ තේවත්ත ආසන දෙව්මැදුරේ හැත්තැ පස් වැනි සංවත්සරය සැමරිම සඳහා වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ විශේෂ දේව මෙහෙයකට එක් වුහ.
ඔවුහු ෆ්‍රැන්සිස් පාප්තුමා ද බැහැ දුටහ.
ශ්‍රි ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ ද ෆ්‍රැන්සිස් පාප්තුමාට ශ්‍රි ලංකාවේ සංචාරයකට ආරාධනා කළහ. එම ඉල්ලිම ආදරයෙන් පිළිගන්නා බවත්, එසේ ආරාධනාකිරිම ගැන ස්තූතිවන බවත් පාප්තුමෝ පැවසුහ.
පාප් තුමා තම දේශනයේ දී පැවසුවේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් ප්‍රසිද්ධ බවයි. නමුත් පසුගිය කාලයේ එරට විශාල අලාභ හානිවලට ගොදුරුවූ නිසා කඳුළු බවට පත්වු බවයි .
ඊයේ සතුරන් සේ සිටි අය සමග අනාගතය ගොඩනැගිම වර්ථමානයේ අමාරු බවත් එය සුව කැර ගැනීමට නම් සාමයම ඇති කළ යුතු බවත් එතුමෝ පැවසුහ.
ශ්‍රී ලාංකිකයන් හට සාමය හා සංහිඳියාව ඇති වන සේ දෙවියන්ගෙන් අයැදිමින් එතුමෝ යාච්ඥා කළහ. සියළුම ශ්‍රි ලාංකිකයන්හට සුභ අනාගතයක් වේවායි එතුමෝ ආශීර්වාද කළහ.
වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරු , වින්ස්ටන් ප්‍රනාන්දු බදුල්ල රදගුරු,හැරල්ඩ් ඇන්තනි කුරුණෑගල රදගුරු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න , දයාශ්‍රිත තිසේරා ,නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න , බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ජිනීවා එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ රෝමයේ ශ්‍රී ලංකා තානාපති බැනට් කුරේ යන මහත්වරු ද පාප් තුමා බැහැ දැකීමට ගොස් සිටියහ.
ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පාප් තුමා පැය අටක්ම වෙන් කැර දී තිබුණි.
ඉතාලියේ ශ්‍රම සංක්‍රමිකයන්ගේ ජාතික සම්බන්ධිකාරක නෙවිල් ජෝ පෙරේරා පියතුමා මේ හමුව සංවිධානය කළේය.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බුදුදහම අදහන කෙනෙක් ,නමුත් ගරු කරනවා පාප් තුමන්ට (දී)
ශුද්ධෝත්තම පාප්වහන්සේ මගේ මාතෘ භූමියට වැඩීම ශ්‍රී ලංකා රජයටත්, රටේ ජනතාවටත් මහත් අභිමානයක්. ඒ වගේම ආශිර්වාදයක් වේවි. (දී)
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ මීළඟ පාප්වහන්සේ ලෙස දකින්නට අපට වාසනාව ලැබේවා! (නදී)
ශ්‍රී ලංකා මව් බිම සාමයෙන් බැබලේවා.(නදී)
හරිම ලස්සනයි සියලු දෙනාට ජේසු පිහිටයි.(නදී)
උන් වහන්සේගේ ප්‍රාර්ථනය ලක්වැසි අපගේද ප්‍රාර්තනයයි.(නදී)
ආඩම්බරයි, අගය කළයුතුයි. (නදී)
ශ්‍රී ලංකික බෞද්ද නැටුම් නේද අරන් තියෙන්නේ උත්සවයට.(නදී)
ආඩම්බරයි.(නදී)
,පප්තුමෙනි ශ්‍රී ලංකික කතෝලිකයන් වන අප සම ඔබ තුමා අප මාතෘ භූමියට එන තුරු මඟ බලා සිටිමු (අ)
ජාති ආගම් බේදයකින් තොරව අප ඔබ තුමන්ගේ පැමිණීම අපි අගය කරන්නෙමු (දිල්)
ඔබ වහන්සේ අපේ රටට පැමිණිම අපිට ලොකු ආඩම්බරයක් (දිල්)
මා බෞද්ධයෙක් වුණත් ආගම් බේදයකින් තොරව ඇදහිය යුතු පුද්ගලයෙකි ෆ්‍රැන්සිස් පාප්තුමා... දහම කුමක් වුණත් එතුමාගේ අපිරිමිත ස්නේහය ඕනෑම ආගමක පුද්ගලයෙකුට විවෘතයි. දීර්ඝායුෂ !(දිල්)
අංජන ඔබ වැනි සිතන පුද්ගලයෝ ලංකාවට අවශ්‍යයි (දී)
ජේසු පිහිටයි (දී)
ගරු සුද්ධෝත්තම පියාණෙනි!දේසපාලනය නමැති "බලලෝභී " සංකල්පයෙන් තොර එකම රාජ්‍ය නායකයා වන ඔබවහන්සේගේ සම්ප්‍රාප්තිය ඕනෑම රටකට සුවිසල් අභිමානයකි!\ (දී)