ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (05) පැවැති තෙවැනි තරගයෙන් ලකුණු 34 ක ජයක් ලැබූ කොදෙව් ක‍්‍රීඩිකාවෝ තරග දෙකක් ඉතිරිව තිබියදී 3 - 0 ක් ලෙස තරගාවලියේ ජය ලැබූහ.
ලකුණු 146 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා පිල ඕවර 19.2 කදී ලකුණු 111 කට සීමාවිය. ශ‍්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වෙමින් ශෂිකලා සිරිවර්ධන පන්දු 38 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 46 ක් රැස්කිරීමට සමත් වූවාය.
ශෂිකලා (46) සහ ප‍්‍රසාදිනී (18) හැරෙන්නට සෙසු ශ‍්‍රී ලංකා පිතිකාරියන්ට ලකුණු 10 සීමාව පසු කළ යෑමට නොහැකි වීම කැපී පෙනුණි.
කොදෙව් පිල වෙනුවෙන් ස්ටෙෆෙනි ටේලර් පන්දු 46 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 75 ක් රැස්කිරීමට සමත් වූවාය.
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 145
(කිසියා නයිට් 11, ඩිනේන්ද්‍රා ඩොටි 12, ස්ටෙෆෙනි ටේලර් 75, මිරිසා ඇගුලෙයිරා 21, ශනෙල් ඩෙලි නොදැවී 15, ඒෂානි ලොකුසූරිය 25/2, ශෂිකලා සිරිවර්ධන 18/2)
ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී 111
(ප‍්‍රසාදිනී වීරක්කොඩි 18, ශෂිකලා සිරිවර්ධන 46, ශාකිරා සෙල්මන් 14/2, ශනෙල් ඩෙලි 15/5*

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් (ස)
ඉතුරු මැච් දෙක ගන්න උප්පරවැට්ටියක් යොදන්න (ස)
අනේ අපොයි .. (ස)
තරහාවෙන්න එපා මෙහෙම කියනවට. අපේ කෙල්ලන්ට බැට් එකෙන් බෝලෙට ගහන්න පන නැහැ හදිස්සි වෙනවා. දිනන්න නම් තව ටිකක ඉවසිම පුරුදු කරන්න වෙයි.(නදී)
ඔවුන්ට අපි හොද පෝෂ්‍යදායී ආහාර ලබාදිය යුතුයි. එයයි ප්‍රධානතම සාධකය වන්නේ. (නි)