කොන්ක්‍රීට් වනාන්තරවල අතිශය වූ කාර්ය බහුල ජීවිත ගතකරන අපට එම ඒකාකාරී පරිසරයෙන් මිදී අවිවේකී ජීවිතවලින් ඔබ්බට ගොස් ගොස් නිදහසේ ගතකිරීමට හැකි ස්ථාන රාශියක් මේ වන විට දිවයින තුළ ස්ථාපිත කර තිබේ.
ඒ සඳහා කදිම ස්ථානයක් ලෙස නාගරික පෙදෙසක පිහිටි හරිත වර්ණයෙන් බැබළෙන නිස්කලංක පරිසරයක පිහිටි දෙහිවල සත්ත්වෝද්‍යානය හැඳින්විය හැකිය.
කොළඹ සත්ත්වෝද්‍යානය ලෙස පොදුවේ හඳුන්වනු ලබන දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. 20 වන ශත වර්ෂයේ මුල් භාගයේදී ප්‍රසිද්ධ සත්ත්ව පුහුණුකරුවෙකු වූ %කාල් හාගන්බර්ග්^ මහතාගේ සොහොයුරෙකු වූ ජෙටන් හාබන්බර්ග් මහතා මෙම සත්ත්වෝද්‍යානය පිහිටුවීමේ පුරෝගාමියා වෙයි.
පුද්ගලික ආයතනයක් ලෙසින් ආරම්භ කරනු ලැබ ඇති මෙම සත්ත්වෝද්‍යානය යුරෝපයේ සත්වෝද්‍යාන සඳහා මෙරටින් අල්ලා ගන්නා ලද වන සතුන් එකතු කර තබාගන්නා මධ්‍යස්ථානයක් ලෙස අක්කර 11 කින් සමන්විත වූ මෙම භූමිය හාන්බර්ග් විසින් යොදා ගත් බව අතීත ලිපි ලේඛනවල සඳහන් වෙයි.
1936 වසරේදී මෙම ආයතනය බංකොලොත්භාවයට පත්වීමෙන් පසු එවක රජය මගින් එය මිලදීගෙන තිබේ. ආරම්භයේදී කොළඹ දිසාපතිගේ අධීක්ෂණය යටතේ සත්ත්වෝද්‍යානය පැවතී ඇති අතර එහි ප්‍රධානත්වය අධිකාරීවරයෙකු විසින් උසුලන ලදී.
1946 වසරේදී මෙම ආයතනය ස්වාධීන දෙපාර්තමේන්තුවක් බවට පත් වී ඇත. එම කලවකවානුවේදී මෙම උද්‍යානය සංරක්ෂණයට වඩා පොදු ජනතාවගේ කුතුහලය සංතෘප්ත කිරීම සහ විනෝදාස්වාදය වෙත යොමු කිරීම අරමුණු වී තිබේ. ඒ හෙයින් වැඩිවන සතුන් තැබීම සඳහා සත්ත්ව අරණවල් තනන ලදී.
ඊට අමතරව එවකට එහි අධ්යක්ෂවරයා වූ මේජර් ඕබිරි වයිමන් මහතා අලි රැඟුම් හා චිම්පන්සියන්ගේ තේ පැන් සංග්‍රහ ආදී සත්ත්ව සංදර්ශන හඳුන්වාදී ඇති අතර එය දහස් ගණනක් නරඹන්නන්ගේ ආකර්ෂණය මෙම ආයතනය වෙත යොමු කර ගැනීමට සමත් වී ඇත. වර්තමානය වන විට ආසියාවේ පැරණිතම සත්ත්වෝද්‍යානය ලෙස දේශීය හා විදේශීය සත්ත්ව වර්ග සමන්විත විශිෂ්ට එකතුවකින් යුතු සත්ත්වෝද්‍යානය ප්‍රචලිත වී තිබේ.
මේ වන විට මෙහි ඇති සත්ත්ව නිවාසවල ක්ෂිරපායින් විශේෂ 72ක්ද, කුරුලු විශේෂයන් 65ක්ද, උරග විශේෂයන් 31 ක්ද, මත්ස්‍ය විශේෂයන් 89ක්ද, සමනල විශේෂයන් 30ක්ද, කුල තුනකට අයත් උභය ජීවීන්ගෙන් සමන්විත 2500 -3000 අතර සතුන් ප්‍රමාණයක් මෙම උද්‍යානය තුළදී දැකගත හැකිය.
එමෙන්ම හරිතමය පරිසරයක සංචාරක ආකර්ෂණය කරවන අතර දුර්ලභ හා වඳවී යාමේ තර්ජනයට ලක්වූ සතුන්ගේ අභිජනන මධ්‍යස්ථානයක් ලෙසද මෙය හඳුන්වා දිය හැකිය.
ඊට අමතරව දිනපතාම සවස 04.00ට මුහුදු සිංහයන්ගේ සංදර්ශනයක්, 4.30ට අලි රැඟුම් සංදර්ශනයක් සහ සෑම සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා දිනකම සවස 03.00ට සියොතුන් සමග නිමේෂයක් ගත කිරීමටද අවස්ථාව උදාවේ. එමෙන්ම දරුවන්ගේ උපන්දින සාදයන්ද මෙම සත්වෝද්‍යානය තුළදී සැමරීමේ අවස්ථාවද මේවන විට ලබාදීම විශේෂත්වයකි.
වාර්ෂිකව මිලියන 1.5 ක සංචාරකයන් ප්‍රමාණයක් නරඹන මෙම සත්ත්වෝද්‍යානය අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් 2000 කට අධික තනි හා කණ්ඩායම් වශයෙන් පාසල් සිසුන්ද විශ්වවිද්‍යාල සිසුහුද පැමිණෙති. ලෝකයේ ඇතිවන නව ප්රවණතාවන් හා සතුන්ගේ යහපැවැත්ම අරමුණු කරගත් දැවැන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති තුළින් අනාගතයේදී දෙහිවල සත්ත්වෝද්‍යානය සංචාරකයන් හට අපූර්වතම අත්දැකීමක් ලබාදෙනු නොඅනුමානය.
සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර / තිසර ගංගාදර
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොන්ක්‍රීට් නගරයේ සතුන්ගේ සොඳුරු පාරාදීසය