IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කනට පිහියෙන් ඇනලා


(ජයරත්න වික්‍රමාරච්චි)
 
බීමත්ව අසල්වැසි තරුණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයකු අනෙකාගේ කනකට පිහියකින් ඇන බරපතල තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන විමර්ශනයක් සිදුකර ගෙන යන බව නවගත්තේගම පොලීසිය කියයි.

ඊයේ (05) රාත්‍රී මෙම අනතුර සිදුවී ඇති අතර එහි දී තුවාල ලබා ඇත්තේ නවගත්තේගම පොලිස් වසමට අයත් ඉඟිනිමිටිය ප්‍රදේශයේ 32 හැවිරිදි පුද්ගලයෙකු බවත් පවසන පොලිසිය මෙහිදී ඔහු සුවසැරිය ගිලන් රථ සේවය ඔස්සේ නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නිකවැරටිය රෝහල වෙත මාරුකර යවා ඇති බවත් පවසයි.

මෙම සිදුවීමෙන් පසුව තුවාලකරුගේ පාර්ශවයට පෙර සැකකරු පොලීසියට පැමිණ තුවාලකරු තමාට පහරදීමක් සිදු කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිටි බවත් එම අවස්ථාවේ දී රෝහල් පොලිසිය කළ දැනුම්දීමකට අනුව සැකකරු පොලිස් ස්ථානය තුළදීම අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාගේ මෙහෙයවීමෙන් එම අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.එම්.පී.කේ. දිසානායක මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් විමර්ශන සිදු කරති.



අදහස් (1)

කනට පිහියෙන් ඇනලා

Laksitha Paris Saturday, 06 February 2021 11:39 AM

කණට ගැහුවා කියලා තමයි මම නම් අහලා තියෙන්නේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි
2024 නොවැම්බර් මස 07 236 0

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව


‘නැණ ඉසුර අරමුදලට’ කස්සප නාහිමි කෝටියක්
2024 නොවැම්බර් මස 07 221 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 548 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි


’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 860 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 438 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 300 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 54 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1385 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site