IMG-LOGO

2025 පෙබරවාරි මස 20 වන බ්‍රහස්පතින්දා


කැන්ඩි ඕ.ඩී.සී ගිය ටිල්වින් අය වැය ගැනත් කියයි

(ෂේන් සෙනෙවිරත්න)

වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැයෙන් රට බංකොලොත් වී තිබෙනවා. බංකොලොත් අයවැය ගෙනා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපදෙස් අපට අවශ්‍ය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ ආණ්ඩුවල අයවැය නිසියාකාරව ඉදිරිපත් කළා නම් රට මෙවැනි තැනකට වැටෙන්නේ නැහැ. ඒ අය රට වට්ටලා අපි රට ගොඩ ගන්න හදනකොට උපදෙස් දෙනවා.

අපේ රටේ ජනතාවට බලාපොරොත්තු තිබෙන රට ගොඩගත හැකි අයවැයක් ඉදිරියේදී ඉදිරිපත් වෙයි. විශේෂයෙන් වංචා දූෂණ නැති නාස්තිය අවම කරපු මහජන මුදල් සතේටම ගණන් බලා ජනතාව වෙනුවෙන් යොදවන අයවැයක් මෙවර ඉදිරිපත්වන බවට අපගේ විශ්වාසය තිබෙනවා.

විපක්‍ෂයේ අය සඳහන් කළේ අපට ජාත්‍යන්තර සහය නෑ කියලා. නමුත් අපට විශාල වශයෙන් ජාත්‍යන්තරයේ සහය ලැබෙමින් පවතිනවා. ඒ අය අප ආවොත් පෝලිං හැදෙයිි කියා කිව්වා. නමුත් අපි පෝලිං නවතා තිබෙනවා. රුපියල කඩා වැටෙයි කියා ඔවුන් බලාපොරොත්තු වුණා නමුත් ආර්ථික ස්ථාවර වී තිබෙනවා.

මෙවර අයවැයෙන් වැඩි ප්‍රතිපාදන වෙන්කොට තිබෙන්නේ ආර්ථිකය, අධ්‍යාපනය හා සෞඛ්‍ය වගේ පැති වලටයි. අපි බලය ගත්තේ ආර්ථික වශයෙන් වැටිච්ච රටක. එම නිසා ජනතාවට සහන දීම අවශ්‍යයි. ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමත් කළ යුතුව තිබෙනවා. එසේම ආර්ථිකය ස්ථාවර කොට නිෂ්පාදන ආර්ථිකයක් කරා ඉදිරියට යා යුතුව තිබෙනවා. ඒ සියල්ල අරමුණු කරගත් දිගු කාලීන අරමුණු සහිත අයවැයකුයි මෙවර ඉදිරිපත් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇතිකරගත් ගිවිසුම් අනුව අය කළ යුතු බදු ප්‍රමාණයක් තිබෙනවා. ඒවා එසේ තිබියදීත්  හැකි තරම් සාකච්ඡා කොට බදු අඩුකිරීමට පියවර ගෙන තිබෙන බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ඒ බව අවධාරණය කර සිටියේ එ මහනුවරට පැමිණ සති අන්තයේ ක්‍රියාත්මක කැන්ඩි ඔවිසි දුම්රියේ ප්‍රවර්ධන සංචාරයකට එක්වෙමින් මහනුවර දුම්රිය ස්ථානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

 

 



අදහස් (11)

කැන්ඩි ඕ.ඩී.සී ගිය ටිල්වින් අය වැය ගැනත් කියයි

රම්බොඩ Sunday, 16 February 2025 11:50 PM

වැඩිය කතා නොකර වැඩ කරගෙන ගියානම් තමා වඩා සුදුසු. 2028 ණය ගෙවන්න පටන් ගන්න වෙනවා.තාම සාධනීය දෙයක්නම් පෙනෙන්න නෑ. සහනාධාර දීල නම් රටක් ගොඩ ගන්න බෑ.

:       3       17

Don perea Monday, 17 February 2025 12:01 AM

මෙයාලා ගිය උඩ

:       11       11

චතුරි Monday, 17 February 2025 01:43 AM

විපක්ශ නායකයා. උපදෙස් දෙන්නෙ කොහොමද. නාකිනඩේ. හොරාට රටේ ජනතාවගෙ මුදල් හොරාකාපු එකට විරුද්දව නැගීහිටියද. අපි හොරු අල්ලනවා කියනවා විතරයි. එක හොරෙක් ඇල්ලුවද දැන් දඩිබිඩියෙ. වැඩ. අලුත් කට්ටිය හොයනවා. අල්ලන හොර දුශිතයින් . නතර කරන්න. ජනතාවට. ආදරේටද එන්නෙ. නැහැ මාලිමාව හරවන්න එන්නෙ. ජීවිතේට වෙන්නෙ නැහැ ඒක. තියෙන දෙයක් කාලා කට්ටියම නඩුවලට පෙනී සිටින්න ලෑස්තිවෙන්න. නාකී නඩේ සම්පුර්නයෙන් නැතිකරලා. විපක්ශය බාර දෙන්න ඕන. ඒවාගේම තරුන නඩ්ඩෙකට. එතකොට තමයි තරගයක්. තියෙනවා වන්චාව දුශනය. නැහැ රටත් ලස්සනයි ජනතාවත් සතුටෙන්. විපක්ශ නාය්කයා. කිබුල් කදුලු හෙලනවා. දැන්. ජනතාවට විදුලිය නැහැලු පොල් නැහැලු. පොල් නැති වුනේ මුන්ගෙ ප්‍ර්ශ්නවලට. දේවාලෙට යන්නෙ පොල් ගහන්න ඒකයි. දැන් එලොව පොල් පෙනේවි

:       9       4

Chinthaka Monday, 17 February 2025 06:05 AM

ලැජ්ජාවක් තියෙන එකෙකුට අයවැය හරියාකාරව ඉදිරිපත්කලානම් රට මෙහෙම වෙන්නෙ නැහැ කියන්න බැහැ රට යන්තමින් පනගහගෙන එද්දී මුලින්ම 1971 අප්‍රේල් 05 කැරැල්ල ආරම්භකර රට විනාශකලා එහි විපාකයෙන් හරියටම අවුරුදු 17 ක් වෙද්දී 1988 නැවතත් එවුන්ම වඩාත් බරපතළම ආකාරයට රට අගාධයක දැම්මා උන්දැල විනාශකල සම්පත් ප්‍රමාණයට අමතරව විශ්ව විද්‍යාල සිසුන්ගේ මොළකෑම සිදුකලා ඉතින් අයවැය හරියට ඉදිරිපත් කලා වුනත් නාස්තිකාරයින්ගේ කැරැල්ල මර්ධනයටත් සාමාන්‍ය ජනයාගේ සුබසාධනය සදහාත් රටේ සංවර්ධනය සදහාත් රටේ ආදායම් ප්‍රමාණවත් නොවීම නිසා ලෝකයට ණයකාරයෙක් වෙන්න වුනා රටේ සිදුවූ සත්‍යම තත්වය එසේවුනත් බලලෝභීන්ගේ මොළයට ඒක තේරුම්ගන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ

:       15       13

Hareendra Nilaweera Monday, 17 February 2025 07:02 AM

දේශපාලනයේ මාස්ටර් මයින්ඩ් මහතා. ශ්‍රී ලංකා දේශපාලනයේ සැබෑ මහත්වරුනි.

:       13       8

සාලිය Monday, 17 February 2025 07:32 AM

ඉදලා හිටලා 255, 154 බස් වලත් යන්න. අසීමිත සැපක් දැනෙයි.

:       0       17

ගුණරත්න Monday, 17 February 2025 08:45 AM

මට පෙනෙනවා රාජ උස්නේ ඔලුවට ගහල කියල, ආණ්ඩු බලේ ලැබුනම ඕන කෙනෙක්ට වෙන දෙයක් තමයි අධික රාජ උස්නේ හැදෙන එක. විපස්සේ ඉන්න කාලේ හ‍රි නිහතමානී සඕදරවරුම එහෙම වෙලා අපි තමයි චන්ඩි කියල හැසිරෙන විදියක් පෙනෙනවා. විපස්සේ උන්ගේ උපදෙස් උවමනා නැහැ කිව්වත් ඒ විපස්සේ එකෙක්ට එක ඡන්දයක් හෝ ලැබුනා නම් එයින් කියවෙන්නේ ඔවුන් නියෝජනය කරන පිරිසක් ඉන්නවා කියන එක, එක නිසා ඔය අපිට උන්ගේ උපදෙස් ඕන නැහැ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විස්වාස කරන එවුන්ගේ කතා නෙවෙයි, ඔය විදිහේ කතාවක් අගමැතිතුමියත් කිව්වා! හ්ම්

:       9       9

Roland Kuranage Monday, 17 February 2025 09:19 AM

මන්ත්‍රීවරයෙක් වත් නොවෙන ටිල්වින් කොහොමද අය වැය ගැන කියන්නේ ..අයවැය රහස් කියල කියන්නෙ කොහොමද

:       6       15

මැක්ස් Monday, 17 February 2025 11:15 AM

වමේ පක්ෂ ද සිටි 70 සමගි රජය පත් වී වසරක් ගතවීමට මත්තෙන් ලේ වැගිරීමක් ආරම්භ කළ, ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරමින් 88/89 කාලයේ රටම අමු සොහොනක් කිරීමට අනුබල දුන්, ජනතා චන්දයෙන් බලයට පැමිණි සෑම ආණ්ඩුවකටම අකුල් හෙළමින්, අවසානයේ කප්පරක් බොරු දෙසා බා බලයට පත් මේ කපටි නරි රැල සහ ඔවුන්ගේ හෙන්චය්යින්ගේ මෙවැනි වහසි බස් ජනතාවට දැන් තිත්ත වී ඇති බව පමණක් සදහන් කරමු.

:       6       9

Tharindu Monday, 17 February 2025 11:34 AM

චතුරි ඉන්නවා නේද . හාල් වැඩි උනාට පුන්නක්කු ලාබයිනේ

:       2       6

fairoos Monday, 17 February 2025 06:08 PM

ජයවේවා..!

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වසරේ හොඳම ප්‍රධාන විධායක නිලධාරි සම්මානය විජය පුවත්පතේ ජනකට
2025 පෙබරවාරි මස 19 180 0

වසරේ හොඳම ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාට හිමි සම්මානය සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා හිමිකර ගත්තේය.


පළාත් පාලන නිල කාලය ගැන ගැසට්ටුවක්
2025 පෙබරවාරි මස 19 336 0

පළාත් පාලන ආයතනවල නිල කාලය ආරම්භ වන දිනය පිළිබඳ සඳහන් කරමින් රජය විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබේ.


නව හැවිරිදි පුත්‍රයාද වෙඩි උණ්ඩයට බිලි
2025 පෙබරවාරි මස 19 1038 2

මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේ දී ඊයේ(18) වන දා රාත්‍රියේ සිදු වූ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි නවහැවිරිදි දරුවා ද අද(19)වන දා කරාපිටිය ශික්ෂණ රෝහ


චන්ද්‍රිකා ආදරය රැගෙන උතුරට යයි
2025 පෙබරවාරි මස 19 1551 0

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පාසල් 10ක සිසු සිසුවියන් 3266ක් සඳහා පාසල් පාවහන්, පොත් පත් ලබාදීමේ වැඩසටහනක් හිටපු ජනාධිපතිනී චන්ද්


හෙරොයින් සමඟ සිසුවියක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 19 1954 0

හෙරොයින් ළඟ තබාගෙන සිටි පාසල් සිසුවියක් ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදි අද(19)සවස අත් අඩංගුවට ග


සංජීවගේ වෙඩික්කරු පුත්තලමේදී අල්ලයි
2025 පෙබරවාරි මස 19 6874 8

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා ඝාතනයේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැ


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 19 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 363 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 156 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site