IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කැනඩාව පොදුරඳ මඩුළු ආධාරත් කපයි?

 

හැටහතර වසරක් පැරැණි පොදු රාජ්‍ය  මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට කැනඩා ආධාර කපා හරින බවට කැනඩා අගමැති  ස්ටීවන් හාපර් ඉන්දුනීසියාවේ බාලී දුපතේදී තර්ජනයක් කළේය.

ආසියා ෆැසිපික් ආර්ථීක සහයෝගිතා සමුළුවට සහභාගී වෙමින් ඔහු පැවසුයේ  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් නිසා තමා  නොවැම්බරයේ පැවැත්වෙන සමුළුවට ද සහභාගී නොවන බවයි.

හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් නෙරපීමේ සිට අධිකරණයෙන් පරිබාහිර  ඝාතන,අතුරුදන්වීම් විරුද්ධ දේශපාලනඥයින් හා මාධ්‍යවේදීන්ගේ අතුරුදන් වීම් හා සිර ගෙට යැවීම් ආදීය තම තීරණයට බලපෑ බව ඔහු කියයි.

 



අදහස් (0)

කැනඩාව පොදුරඳ මඩුළු ආධාරත් කපයි?

චමල් Tuesday, 08 October 2013 08:16 PM

කොහොමහරි අන්තිමට අහල නැති රටවල් විතරයි. ඉන්දියාවත් විස්වාස නැහැ .(අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 08 October 2013 04:25 PM

ස්ටීවන් හාපර් මහත්තයා මේ පොඩි සද්දයක් දාන්නේ දෙමළ ඡන්ද ටික රැක ගන්න. කලින් කීවා නම් අපිත් පොඩි සහයෝගයක් දෙනවනේ. ඔබ තුමා නාවට කමක් නැහැ ගෝලයෙක් එවන්න ඒ ඇති කැමති නම් විතරක් සල්ලි ටිකත් දෙන්න. බැරි උනා කියලා අපි කනගාටු වෙන්නෙත් නැහැ මොකද දැන් අපි දන්නවා ඔය මහත්තුරුත් බොහොම අමාරුවෙන් දුවන්නේ කියලා.(නදී),

:       0       0

ජයන්ත Tuesday, 08 October 2013 08:40 PM

මෙතන ගොඩක් අය ඇත්ත දන්නේ නැතුව අදහස් දක්වනවා. කැනඩාවේ ආධාර ගැන ලියන්න පත්තරයක් මදි. ඔයාලට මතකද චීන කොච්චි වලට ඉස්සර තිබුන යාල්දේවි රුහුණ කුමාරි එව්වා ඔක්කොම කැනඩාවේ ආධාර. මට තාමත් මතකයි කැනඩාවේ ප්‍රාන්ත වල නම් දාල තිබුන. කැනඩාවේ මේ අගමැති තමයි කොටි තහනම් කලේ. උන්ට එන සල්ලි මුලින්ම නැවැත්තුවේ. මට මතකයි යුද පුහුණුවට ආවා කට්ටියක් එයාල කිව්වා ඉන්දියාව රේඩාර් පද්දතිය දුන්නට පුහුණුව දුන්නේ කැනඩාව කියල. නොදන්නකමට මෝඩ කතා කියන්න එපා. මානව හිමිකම් කියන්නේ මොනවද දන්නේ නැත්නම් වෙන රටකට ගිහින් බලන්න නිකන් ලිඳේ ඉන්න මැඩියෝ වගේ දේශපාලන ප්‍රකාශ දෙන්න එපා.

:       0       0

කිලී පොඩි රාජා Tuesday, 08 October 2013 11:15 AM

කැනඩාවේ කොටින්ට දේශපාලන බලය තියන රටක්. සේරම අයගේ පදේට නටන්න අපිටත් බෑ කැනඩාවට බම්බු ගහගන්න කියපුදෙන් .(නදී)

:       0       0

ඩෙනම් Tuesday, 08 October 2013 11:17 AM

අනේ මන්ද මගේ ලක් මෑණියන් මෙවන් තත්වයකට පත්වීඹ සම්බන්දව මාගේ කණගාටුව පල කරමි ..(නදී)

:       0       0

නාලක Tuesday, 08 October 2013 11:19 AM

කැනඩා ජාතිකයන්ට මින් පසු ශ්‍රී ලංකාවට එන්න වීසා දෙන්න එපා..... කැනඩාව නැතිවුනාට අපට කමක් නැත.....(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 08 October 2013 09:03 PM

ලංකාවේ මානව හිමිකම් අහිමි වුණ බොහෝදෙනෙක් දුප්පත් සිංහල මිනිස්සු , සල්ලි කාරයන්ට දෙසපලකයන්ට උවමන ප්‍රමන්යටත් වඩා මානව හිමිකම් තිබෙනවා (අ)

:       0       0

ඉන්දික Tuesday, 08 October 2013 11:24 AM

අනේ අපි බය වෙයි ! .(නදී)

:       0       0

මොහාන් Tuesday, 08 October 2013 11:24 AM

මෙය නයට කහින්නේ දෙමල ඡන්ද නැති වෙයි කියලා බයට. ඊලග ඊළාම් දේශය කැනඩාව.(නදී)

:       0       0

ධම්ම Tuesday, 08 October 2013 11:27 AM

ඒ කියන්නේ හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් නෙරපීමට පෙර සිදුවීමවලට මෙයා එකඟයි. ශෝක්නෙ මෙයා . (අ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 08 October 2013 11:29 AM

විදෙස් පුවත් පත් වලට අනුව නම් මොහු පැමිණෙන්නේ නැහැ කියා ස්ථීර ලෙස ප්‍රකාශ කර නැත. පවසා ඇත්තේ ලංකාවට ලබාදෙන ආධාර සහ සමුළුවට පැමිණීම ගැන නැවත සිතා බලනවා කියා පමණි. අමතක කරන්න එපා විශාල දෙමල කොටි ඡන්ද දායකත්වයක් කැනඩාවේ තිබෙන වග. මොහු ලංකාවට එන්නේ නම් වචනයකින් හෝ ඔවුන්ව සතුටු කර පැමිණිය යුතුයි..(නදී)

:       0       0

ලාල් ලාල් Tuesday, 08 October 2013 11:30 AM

අවුරුදු 200කට ඉස්සර නිජ බිම් හිමිකරුවන් මරාදාලා ඔහේල අල්ලගත්ත එක ගැනත් කතා කරමුගෝ.(නදී)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Tuesday, 08 October 2013 11:39 AM

ඔතන කොටි ඩයස්පෝරාවෙ ප්‍රශ්නයත් තියෙනවා. ඉතින් ඊට වඩා කතා කරන්න ගියොත් දේශද්‍රෝහියො වෙනවා. (ස)

:       0       0

දුලීප් කුලතුංග Tuesday, 08 October 2013 11:40 AM

කැනඩාවෙ තියෙන දෙමළ චන්දෙ නැතිවෙයි කියලා බයට දාන සද්ද. (මඟ ගිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී) වගේ වැඩක් මේක.. (ස)

:       0       0

කුමාරි Tuesday, 08 October 2013 11:41 AM

කැනඩාවෙ අගමැතිත් මහම කොටියෙක් වගෙයි මට පේන්නෙ. මෙහෙන් බුරුතු පිටින් ඔහේ ඇවිත් ඉන්න අයට කැනඩාවෙන් කොටසක් වෙන් කරලා දීලා ඒ අයත් එක්ක ඔයා සතුටින් ඉන්න. ලංකාවට නේන එකට ස්තූතියි. (ස)

:       0       0

ගජබා Tuesday, 08 October 2013 11:45 AM

මට මාර භයක් ඇති උනා...දැන් අපි මොකද කරන්නේ....අනේ අපි කොහොමද ඉතින් කැනඩාව නැතුව ජීවත් වෙන්නේ....අනේ මට කලන්තේ වගේ...කවුරු හරි මට වතුර ටිකක් ඉහින්න...!! (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 08 October 2013 10:00 PM

ජයන්ත මහත්තයා යමක් කියනවා. ඒකත් ඇත්ත (නි)

:       0       0

නිරාන් Tuesday, 08 October 2013 11:54 AM

මොන දේවල් කිවුවත් ලෝකය අපේ රට ගැන හිතන විදිය නම් එච්චර සුභ නැහැ (නි)

:       0       0

සමින්ද Tuesday, 08 October 2013 11:58 AM

අපි උත්සාහ කළ යුත්තේ එක් රටක් හෝ නැතිකර ගැනීමට නොව දිනා ගැනීමටයි. (නි)

:       0       0

කළණ Tuesday, 08 October 2013 11:59 AM

අපි පිළිගන්න ඕනෑ අපේ වැරදි තියෙනවා කියලා. අපි කාටවත් දොසක් අහන්න නැති වෙන්න වැඩ කරන්න ඕනෑ. (නි)

:       0       0

නයන Tuesday, 08 October 2013 10:11 PM

ලංකාව ගැන පැහැදිලි කරන්න තානාපති කෙනෙක් නැහැ හරියට.ඉතින් කොහොමද සිංහල අය මේවට විරුවුදව ඉදිරියට එන්න එකතු කරගන්නේ.එකී ලංකාවේ සිංහල අයට මේ ගැන කරන්න දෙයක් නැත්තේ.පැරදුන දේශාපලකයෝ සැප ගන්න ,ළමයින්ට ආණ්ඩුවේ මුදලින් උගන්නන තමා ඇවිත් තියෙන්නේ.නැතුව රටට සේවයට නෙවෙයි (අ)

:       0       0

අමිල කටුනායක Tuesday, 08 October 2013 12:01 PM

දැන් ඒ සල්ලි නැතිවුණොත් වැඩේ අවුල් වේවිද? (නි)

:       0       0

ටිරල් Tuesday, 08 October 2013 12:04 PM

දැන් එනවා මානව හිමිකම් ගැන කතා කරන්න (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 08 October 2013 12:15 PM

ප්‍රංශකාරයෝ ටික මොන්ට්‍රියල් නගරයට ඇතුළුව කුබෙක් ප්‍රාන්තය වෙන් කරගෙන ගිය දවසට එයාලටත් තේරෙයි ලංකාවට වුණේ මොකක්ද කියලා. දියුණුයි කියලා හිතාගෙන ඉන්න සාරධර්ම වලින් නොදියුණු රටවල මිනිස්සු හිතාගෙන ඉන්නේ එයාල නැතුව දුප්පත් රටවල අයට හුස්ම ගන්නවත් බැහැ කියායි. (නි)

:       0       0

ජයනි Tuesday, 08 October 2013 12:26 PM

අන්තිමේ මොනවා වෙයිද? (නි)

:       0       0

මංජු Tuesday, 08 October 2013 12:29 PM

ගජබා, මටත් නිකන් පිස්සු වගේ. (නි)

:       0       0

කපිල Tuesday, 08 October 2013 05:41 PM

පද්මිණි හරි. මේක තමයි ලංකාවේ ඇත්ත (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 08 October 2013 12:30 PM

මට නම් මේ ගැන විශේෂත්වයක් නැහැ (නි)

:       0       0

ද සිල්වා Tuesday, 08 October 2013 05:44 PM

කෝටි ගණන වියදම් කරමින් සමුළුව මෙහෙ තබන එකේ ප්‍රතිපල පෙනෙනවානේ? කරුණාකර අනාගතයේදී අපි අනවශ්‍ය සමුළු මෙහෙ දමාගෙන බොරුවට කරදර දමාගැනිමෙන් වළකිමු. එම මුදලින් රටවැසියාට යම්කිසි සහනයක් ලබාදෙන්න (නි)

:       0       0

ඉන්දික Tuesday, 08 October 2013 12:36 PM

ලංකාවේ ඉන්න බැරි දෙමළ ජනතාවට මම කරුණාවෙන් කියන්නේ. බලන්න කැනඩාව දෙමළ ජනතාව ගැන කොච්චර හිතනවද කියලා. අපරාදේ මෙහෙ මිහිස්සු මරාගෙන යුද්ධ කරන්න මහන්සි වෙන්නේ. ඔක්කොම ටික කැනඩාවට ගියා නම් හරි. ලෝකේ ඔක්කොටම වැඩිම අමාරුවක් තියෙන්නෙ කැනඩාවට. (ස)

:       0       0

ධම්මික Tuesday, 08 October 2013 12:41 PM

අපේ සිරි ලංකාව ගැන අපිටම ලැජ්ජයි. (නි)

:       0       0

ධම්ම Tuesday, 08 October 2013 12:46 PM

කැනඩාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් වහාම එළවන්න. (ස)

:       0       0

සංජේ Wednesday, 09 October 2013 12:34 AM

කැනඩාව ගත් තීරණය නිවැරදියි. හරිම කණගාටුයි (නි)

:       0       0

තේජා Tuesday, 08 October 2013 12:59 PM

මෙම පුවත කවුරුවත් හරියට කියවන්නේ නැද්ද. මෙතන දෙමළ හරි කොටි හරි ගැන කතාවක් නැහැනේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම් ගැන තියෙන්නේ. අපේ කට්ටිය බොරුවට කෑගහන්න තමා දක්ෂ. (ස)

:       0       0

සුනෙත් Tuesday, 08 October 2013 06:13 PM

රට අරාජික වෙනවා වගෙයි (නි)

:       0       0

රෝහණ Tuesday, 08 October 2013 01:03 PM

කැනඩාව රටක දියුණුවට උදව් කරන්නේ නෑ..... (ස)

:       0       0

කින් බෙනට් Tuesday, 08 October 2013 01:09 PM

පිටිගල මිලානෝ, බීබීසී බලන්න. ඒකේ තියෙනවා මෙයා නොඑන බව ස්ථිර කළා කියලා (නි)

:       0       0

සුමනා Tuesday, 08 October 2013 06:32 PM

අපේ රටේ පාලකයෝ කරන වැරදි ගැන විපක්ෂය හඩක් නැගුවේ නැති වුණාට කැනඩාවට දොස්කියලා වැඩක් නැහැ.ජාතිවාදීව නැතුව ස්වාධීනව හිතුවහම කැනඩා අගමැති හරි. (නි)

:       0       0

කුමාරන Tuesday, 08 October 2013 01:13 PM

ඉස්සර කැනඩාව නෙවෙයි දැන් තියෙන්නේ.බංකොලොත් කැනඩාවක්.ශ්‍රිලංකාවේ මානව හිමිකම් නිසා නොවෙයි තමන්ගෙ ආණ්ඩුව බංකොලොත් නිසා මුදල් කපන්නේ.ඔය බංකොලොත් ආණ්ඩුව එක්සත් ජාතින්ගේ පරිසර ආරක්ෂක සංවිධානයකට දෙන අරමුදලුත් ගිය අවුරුද්දේ කැපුව.විලි ලැජ්ජාව වහගන්න අපේ රට පාවිච්චි කන්න තරම් පහත් තත්වයට වැටිලා.වස කිරිපිටි ප්‍රශ්නණෙදි එක රටක කීර්ති නාමයට වන හානිය වලකා ගන්නේ අපේ රටේ තාක්ෂණයක් නැහැ කිවුවා.ඔය මිනිහ ආව කියල අමුත්තක් වෙන්නේ නැහැ.එන්නේ නැති එක තමා හොඳ. (ස)

:       0       0

දිනූෂා Wednesday, 09 October 2013 02:02 AM

ජයන්ත කියන දේ සම්පුර්ණ ඇත්ත. අපේ අය දන්නේ සද්දේ දාන්න පමණි. ලංකාවෙන් පිටත ඉන්න අපිට පෙනෙන දේ ලංකාවේ ඉන්න අපේ අයට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Tuesday, 08 October 2013 01:23 PM

තේජා, ඇස ගෙඩි දෙකෙන් විතරක් නිව්ස් එක කියවන්න එපා. ඔලුවෙනුත් කියවන්න එතකොට වැටහීවී..............මට බය කැනඩාවේ මේ තීරණය නිසා අපිට හාමතේ මැරෙන්න වෙයිද කියලා අයෙත් අහලා .....ඔං (ස)

:       0       0

කුමාර Tuesday, 08 October 2013 01:28 PM

එල්ටීටීඊ එක මුස්ලිම්, සිංහල අය, හාමුදුරුවරුන්, මරද්දී කැනඩාව මේ වගේ ඇක්ෂන් ගත්තා නම් අද මේ ගත්ත තීරණය කොච්චර වටිනවද? (ස)

:       0       0

වාසනා කරුණාරත්න ටොරොන්ටෝ Tuesday, 08 October 2013 01:30 PM

තේජා, මෙතන කියන්නේ ලෝකයේ සෑම රටකම දෙමළ ඩයස්පෝරාව කියන මානුෂික අයිතීන් ගැන තමා . කැනඩාවේ පමණක් ලංකාවේ දමිළයන් මිලියන බාගයක් සිටිනවා . ඔවුන්ගේ ඡන්ද වෙනුවෙන් හඬන නගක් මේක කැනඩාවේ අගමැති .ඔවුන් එකතු දෙන මුදල් ඡන්දයක් වෙලාවේදී සහ ඔවුන්ගේ ඡන්ද වෙනුවෙන් . (ස)

:       0       0

කුමාර් Tuesday, 08 October 2013 01:34 PM

අපිට කැනඩාව ඕනෑ නැහැ. අපි හැදුනා නම් අපේ රටට ආශිර්වාදයක් වෙනවා. (නි)

:       0       0

බණ්ඩා Tuesday, 08 October 2013 06:53 PM

අපේ රටේ කවදාවත් මානව හිමිකම් කඩවෙලා නැහැ. (නි)

:       0       0

පෙත්තා Tuesday, 08 October 2013 06:56 PM

මෙහෙම කරන්නේ අපි පුංචි රටක් නිසා. ඒ වුණාට ලොකු නැව් ගිල්වන්න පුංචි හිලකට පුළුවන් මහත්තයෝ.කොකාට වාරයක් ආවා නම් තිත්තයාටත් එනවා. ඔහොම යමු (නි)

:       0       0

ශාන් Tuesday, 08 October 2013 01:46 PM

කැනඩාව හිතනවා ඇති අපිට හරියට දුක හිතුනා කියලා (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 08 October 2013 07:03 PM

ඒකට කමක් නැහැ. වැඩේ හරියට කරන එකයි දැන් කරන්න තියෙන්නේ (නි)

:       0       0

විකි Wednesday, 09 October 2013 04:01 AM

අගමැතිතුමෝ ලංකා අයගේ ඡන්ද ඔබගේ පක්ෂයට මින් එද්රියට දෙන්නේ නැත (අ)

:       0       0

සත්‍යපාල Tuesday, 08 October 2013 01:53 PM

තමන්ගේ රටට කවදාහරි අහවල් රටෙන් අනතුරක් වෙයි කියලා හීනයකින් හරි රටේ නායකයට පෙනුනොත්, තම රටේ ආරක්ෂාව වෙනුවෙන් කියලා අනිත් රටවල් වලට පැනලා බෝම්බ දාලා රටක්ම විනාශ කරන රටවල් අපිට කියනවා බණ. මෙතන අදහස් දමන සමහරුන්ට ලෝක දේශපාලනය ඉගෙනගන්න නම් අයන්නේ ඉදලා එන්න වෙයි. (නි)

:       0       0

විකි Wednesday, 09 October 2013 04:06 AM

මොන්ට්‍රීල් වල ඉන්න සිංහල කට්ටිය හර්පර්ට ඡන්දය දෙන්නේ නැහැ (අ)

:       0       0

ඉන්දික Tuesday, 08 October 2013 02:04 PM

මම හිතන්නේ කැනඩාව ඇමරිකාව පැත්ත පළාතේ යන්නේ නැතුව ඇති. මොකද ඇමරිකාව රටවල් කීයකට කියලා බෝම්බ දාලා අහිංසක මිනිස්සු මරලා තියෙනවද. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 08 October 2013 02:05 PM

කැනඩාවේ කිසිම සිංහල හඬක් නැහැනේ. සංවිධානය වෙලා ගිහිල්ලා පොඩ්ඩක් කෑ ගහමුකෝ. (නි)

:       0       0

රොෂාන් Tuesday, 08 October 2013 02:06 PM

කෑනඩාව එපා කිව්වා වගේ ලෝකයේ හෑම රටක්ම එපා කියන්නද යන්නේ? ඔයාලා ඔය වගේ කතා කියන්න එපා. එවැනි තත්වයකට නොවැටෙන්න වගබලාගන්න එකයි පවතින රජය සතු වගකීම වන්නේ (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 08 October 2013 02:15 PM

කැනඩාව නොපැමිණෙන එක එම රටේ තීරණයක්. ඇයි මේකට කලබල වෙන්නේ. අනික නියෝජ්‍ය ඇමති කෙනෙක් කැනඩාවෙන් එනවා අගමැති නැති උනාට. කැනඩා අගමැති ඕස්ට්‍රේලියන් අගමැතිට නොයන බව කිව්වුම ටෝනි ඇබොට් (ඕස්ට්‍රේලියන් අගමැති) කීවේ තමන් කොහොමත් යන බවයි. කැනඩාව තමන් පොදු රාජ්‍ය මණ්ඩලයට වාර්ෂිකව දෙන ඩොලර් මිලියන 20 නවතන්න තිබෙන ඉඩ කඩ හරිම අඩුයි. (ස)

:       0       0

පද්මිණි Tuesday, 08 October 2013 02:20 PM

හා.. හොඳයි කැනඩා අගමැති එන්න ඕනේ නැහැ කියමුකෝ. හදවතට එකඟව කියන්න මේ මනුස්සයා ලංකාව ගැන කියලා තියෙන දේවල් බොරුය කියලා.පාරේ හතර අතේ දුව දුව පොලු මුගුරු වලින් පත බෑව හැටි මේ ඊයේ දැක්කා. (ස)

:       0       0

ද සිල්වා Tuesday, 08 October 2013 02:23 PM

කැනඩාවට පමණක් අපිට ආර්ථික සම්භාදක පනවන්න බැහැ. නමුත් කැනඩාව සමග එකට විදේශීය ප්‍රතිපත්ති අනුගමනය කරන බලගතු රටවල් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ට පුළුවන් අපිට විශාල බලපෑමක් කරන්න පුළුවන්. කැනඩාව ඇතුළු බටහිර රටවල් අපිට ආර්ථික සම්බාධක පනවනවට මම විරුද්ධයි. නමුත් අමාරුවේ වැටෙන්නේ මැති ඇමතිවරු නොව , ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවය (නි)

:       0       0

ආරියසේන Wednesday, 09 October 2013 05:38 AM

දැන් කාලයක් තිස්සේ කැනඩාව අපට පාට් එක දානවා ,ගොරවනවා,කටවහන්න ක්‍රමවේදයක් නැද්ද ,මේකට හුනියමක් වත් කොලොත් නරකද ? (අ)

:       0       0

පැහැසර Wednesday, 09 October 2013 05:58 AM

ජයන්තගේ අදහස් වලින් අනිත් සෑම අයෙකුටම උත්තරයක් දීලා තිබෙනවා. පිස්සෝ වගේ කෑ ගහන්නේ නැතුව කැනඩා අගමැති කියලා තිබෙන දේවල් තේරුම් ගන්න. (නි)

:       0       0

ආරියසේන Wednesday, 09 October 2013 06:48 AM

ජයන්ත ඔබ කියන දේ සත්‍යයි,එත් කැනඩාව යුද්දෙන් පස්සේ , හැම විටම , හැම තැනකදීම ,ලංකාවට එරහි වෙනවා,ඔබට ඒ ගැන යමක් ප්‍රකාශ කරන්න බැරිද? (අ)

:       0       0

අල්බෙර්ට Tuesday, 08 October 2013 07:41 PM

මම ඉන්නේ කැනඩාවේ. මෙහෙ දෙමළ කට්ටිය ගොඩක් නැහැ. ටොරොන්ටෝ වල දෙමළ කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ අය ගොඩක් කොටින්ට සහය දක්වන බවයි මම නම් දන්නේ (නි)

:       0       0

අජිත් Wednesday, 09 October 2013 07:50 AM

ජයන්ත, ඔබ වැනි නිදහස් හා සත්‍ය අදහස් ඉදිරිපත් කරන මහත්වරුන් නිසා ලංකාදීප වෙබ් පිටුව බලන්න ආසා හිතෙනවා. ළිං මැඩියන්ට ඉන් ගොඩවෙන්නත් පුළුවන් වෙනවා. ස්තුතියි. (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 08 October 2013 03:28 PM

කොටි සල්ලි වලට විකිණුන ලැජ්ජා නැති අගමැති කෙනෙක්.... (ස)

:       0       0

බොස්ටන් වික්‍රම Tuesday, 08 October 2013 03:37 PM

මේකට නියම විසඳුම ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්වී ස්වාධීන රාජ්‍යක් වශයෙන් සිටීමය . මෙහි සිටිනා තුරු අපට බලපෑම් කිරීමට ඔවුන්ට අයිතියක් ඇත . අප වාගේ පොඩි රටකට ඔය කිසිම මණ්ඩලයකින් වන වාසියක් නොමැත. (ස)

:       0       0

තිලක් Tuesday, 08 October 2013 03:40 PM

මෙයා මෙහෙම හැසිරෙන එක හොඳයි......එතකොට අනිත් අයට තේරෙනවා..මෙයා ද්‍රවිඩ ඩයස්පෝරාවට නැමිලා කියලා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 427 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 467 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10367 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3068 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3842 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6138 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19483 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site