IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කාන්තාවන්ට පමණක් සීමා වූ මුහුදු වෙරළක් අස්කාර් වෙරළ තීරයේදී ඉදිකිරීමට පියවර

Women-only

 

කාන්තාවන්ට පමණක් වෙන්වු මුහුදු වෙරළක් අස්කාර් වෙරළ තීරයේ ස්ථාපිත කිරීමට නියමිත අතර මෙම ප්‍රදේශයට එබිකම් කරන්නන් සහ අනවසරයෙන් ඇතුළු වන්නන් වැළැක්වීම සඳහා කාන්තා ආරක්ෂක නිලධාරීන් යොදවන බව උසස් නිලධාරියෙක් පවසයි.


මෙම වෙරළ තීරය ඉදිකිරීමේ යෝජනාවට දක්ෂිණ නගර සභාවේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එම යෝජනාව වැඩ, නගර සභාව සහ නාගරික සැළසුම් කටයුතු අමාත්‍ය එසාම් කාලාෆ් මහතාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.


බහරේන් ඩිනාර් මිලියන 1.5 ක් වැය කොට සංවර්ධනය කෙරෙන පොදු වෙරළ තීරයේම කොටසක් මෙළෙස කාන්තාවන් සඳහා වෙන්කිරීමට නියමිතය.
“පවුල්වලින් ලැබෙන ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලෙසින් ඉදිවන කාන්තාවන් සඳහා වෙන්වූ මුහුදු වෙරළ සඳහා සම්පූර්ණ වෙරළ තීරයෙන් සියයට 40 ක පමණ කොටසක් වෙන්කිරීමට නියමිතයි” යනුවෙන් නගර සභාවේ සභාපති අහ්මඞ් අල් අන්සාරි පවසයි.


“ඇවිදින මංතීරුව සහ කුඩා දරුවන් සෙල්ලම් කරන ප්‍රදේශය අසළ තිබෙන මෙම කොටස මේ වන විටත් වැඩිපුරම පාවිච්චි කරන්නේ කාන්තාවන් සහ කුඩා දරුවන් පමණයි” 


“කාන්තාවන් බහුතරයක් දෙනාට තමන්ගේ වේලය ගළවලා දාලා නිදහසේ ඉන්න වුවමනා කරනවා. තවත් පිරිසක් ඩාෆා ව හෝ අබායා ව අදින්න කැමැති නැහැ. ඔවුන්ට ඕනෑ ක්‍රීඩා ඇඳුමකින් සැරසිලා තමන්ගේ දරුවන් එක්ක සෙල්ලම් කරන්නයි” 


කාන්තාවන් සඳහා වෙරළ තීරයක් වෙන්කිරීමේ සංකල්පය කිසිසේත්ම පසුපසට නොගන්නා බව පවසන අල් අන්සාරි ඩුබායිහිදී පසුගියදා මෙවැනි වෙරළ තීරයක් විවෘත කළ බවද පෙන්වා දෙයි.


“අපි කාන්තාවන් සහ පිරිමින් වෙන් කරන්නේ නැහැ. සම්පූර්ණ වෙරළ තීරයෙන් සියයට 60 ක පමණ ප්‍රමාණයක් වෙන්වෙන්නේ පවුල් සහ පිරිමින් සඳහායි. අපි මේ උත්සාහ කරන්නේ කාන්තාවන්ට නිදහසේ ඉන්න තියෙන අයිතිය ලබාදීමටයි”


“නගර සභාවට පසුගාමී න්‍යාය පත්‍රයක් නැහැ. එහෙම කියන අයට මම කියන්නේ ඩුබායි දිහා බලන්න කියලයි. එහේ මේ වගේ ව්‍යාපෘති අති සාර්ථක වෙලා තියෙනවා”


“මේ යෝජනාව ක්‍රියාවට නැංවීම අපි ඇමැතිතුමාට පවරලා තියෙනවා”


“වෙරළේ මෙම කොටස කාටවත් නොපෙනෙන විදිහට වෙන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ කොටසේ ආරක්ෂාවට පෞද්ගලික කාන්තා ආරක්ෂක නිලධාරිනියන් යොදවනවා” යැයි අල් අන්සාරි වැඩි දුරටත් පවසයි.


පොදු වෙරළ තීරයට යන සෑම විටම තමන්ට පිරිමින්ගෙන් බාධා සිදුවන බවට කාන්තාවන්ගෙන් දිගින් දිගටම පැමිණිලි ලැබීමෙන් පසුව කාන්තාවන් සඳහාම වෙන්වූ වෙරළ තීරයක් ස්ථාපිත කිරීමේ අදහස මතුවූ බව නගර සභාව පවසයි.


“පොදු වෙරළ තීරයකදී පවා යම් පෞද්ගලිකත්වයක් අවශ්‍යයි. විශේෂයෙන් සමහරු හුදෙක් විනෝදය සඳහා පමණක් හෝ කාත් එක්ක හරි කතා කරන්න බලාගෙන මෙවැනි ස්ථානයට එනවා” යැයි අල් අන්සාරි පවසයි.


“කාන්තාවන් බොහෝ විට කරන්නේ එක්කෝ එච්චර සෙනඟ නැති වෙලාවට වෙරළට යනවා. නැත්නම් ගෙදරට වෙලා ඉන්නවා”


කෙසේ වෙතත් ප්‍රාග්ධන භාරකාර මණ්ඩලයේ සභාපති මොහොමඞ් අල් කෝසායි පවසන්නේ බහරේනයේ පොදු ජනතාවට පැමිණිය හැකි වෙරළ තීර  ඉතා අඩුවෙන් තිබෙන නිසා එක් කොටසකට පමණක් වෙරළ තීරයක් වෙන්කිරීම සාධාරණ නොවන බවයි.


“කිසිදු බාධා කිරීමකින් තොරව පොදු වෙරළ තීරයට ඇවිත් විනෝද වෙන්න හැමෝටම අයිතියක් තියෙනවා. බහරේනය තුළ මෙවැනි වෙරළ තීර තියෙන්නේ හරිම අඩුවෙන්. ඉතිං කාන්තාවන්ට පමණක් වෙරළ තීරයක් වෙන්කරන එක සාධාරණ නැහැ” යැයි ඔහු පෙන්වා දෙයි.

 



අදහස් (0)

කාන්තාවන්ට පමණක් සීමා වූ මුහුදු වෙරළක් අස්කාර් වෙරළ තීරයේදී ඉදිකිරීමට පියවර

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 854 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 420 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 368 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 304 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1543 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1705 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38807 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site